ආනවිලුන්දාව එලිපෙහෙලි කරයි… JCB සමග දෙදෙනෙකු අත්අඩංගුවට..

March 23, 2021 at 12:40 pm | lanka C news
ආනවිලුන්දාව එලිපෙහෙලි කරයි… JCB සමග දෙදෙනෙකු අත්අඩංගුවට..

වව්නියාව සෙට්ටිකුලම් ආනවිලුන්දාව රක්ෂිතයේ මහපරිමාණයෙන් පස්කපන යන්ත්‍ර යොදා රක්ෂිතය එලිපෙහෙලි කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුර පවසයි.

වව්නියාව පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුරට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් විසින් අදාල ස්තානයට ගොස් සිදු කරන ලද සෝදිසි වැටලීමකදි රක්ෂිතය කැටපිලර් යන්ත්‍රයක් යොදා ගනිමින් රක්ෂිතය එලිපෙහෙලි කරමින් සිටි දෙදෙනෙකු සහ අදාල යන්ත්‍රය අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී අදාල පුද්ගලයින් කිසිදු අවසරයකින් තොරව රජයේ රක්ෂිත මායිම් එලිපෙහෙලි කරමින් සිටි බවට අනාවරනය වීමෙන් අනතුරුව පස්කපන යන්ත්‍රය සහ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා සෙට්ටිකුලම් අඩවිවනනිලධාරී කාර්යාලයට භාර දීමට වව්නියාව පොලිස් විශේෂ කාර් ය බලකා නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,779 views

7 Comments to “ආනවිලුන්දාව එලිපෙහෙලි කරයි… JCB සමග දෙදෙනෙකු අත්අඩංගුවට..”

  1. Love nature says:

    මුන්ව ජීවිතාන්තය දක්වා සිරගත කල යුතුයි.

    • වාර්තාව says:

      ඔය වගේ උන්ව JCB එකෙන්ම තලල මරලා වල දැම්මා නම් ඉවරයි. නඩු අහන්න ඔනේ නෑ.

  2. Neil says:

    Who had given the job to them. Need to get them to the task more than the operator.

  3. Mssilva says:

    There should be proper laws for confiscating these equipments essily.

  4. Monarch says:

    ඔය අනවසරයෙන් කෑලෑ එළිකරන එක නතර වෙන්නේ නැනේ. නතර කරන්නෙත් නැනේ. එපා කියන දේ අහන්නෙත් නැනේ.

    කෑලෑ එළිකරන්න ගන්න උපකරණ රාජසන්තක කරලා ඒවා ඕනේ කරණ රජයේ ආයතන වලට දෙන්න. පුද්ගලයන්ට කොහොමත් නඩු දානවනේ. දඩය දෙන්න ඕනේ රත්වෙන්න ආයේ නොකරන්න.

  5. Anuradha says:

    මෙච්චර කට කැඩෙනකම් කියලාත්.කොතෙක් මද්‍යා හරහා දැන්වුවත් කොතරම් උණුසුම් අවදියක ඇති මොහොතක තවත් ලැජ්ජා නැතිව මෙවැනි වණ වියසනයක් කරයිද එවුන්ගේ,සහා එයට අනුබල දෙන එවුන්ගේද ඇට දේක ඔය බැකෝ එකෙන්ම තලා දමන්න එතකොට ඔය වණ විනාස කර එවුන්ගේ උණ රෝගය සුවවේවි.

  6. Sun says:

    Big politicians are behind these culprits and nothing will happen, I , challenge. Without setting examples we cannot guide the people . As big people are doing illegal things, others are doing the same. No fear.

Main News