ආනවිලුන්දාව රක්‍ෂිතය වැනසූ පුද්ගලයා හෙලිවේ.. රියදුරා හා බැකෝව අත්අඩංගුවට..

August 28, 2020 at 10:10 pm | lanka C news
ආනවිලුන්දාව රක්‍ෂිතය වැනසූ පුද්ගලයා හෙලිවේ.. රියදුරා හා බැකෝව අත්අඩංගුවට..

පුත්තලම ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක් හෙලිපෙහෙලි කරන ලද බැකෝ යන්ත්‍රය සහ එහි රියැදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්ෂවරයා විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වන පොලිස් පරීක්ෂණ මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

ඉස්සන් වගාවේ නිරත ව්‍යාපාරිකයෙකුගේ උපදෙස් මත තමන් එම ස්ථානය පැය 8ක පමණ කාලයක් ඩෝසර් කළ බව එහි රියදුරා පොලිසියට සඳහන් කර තිබේ.

එම භූමිය ඩෝසර් කරද්දී යන්ත්‍රයේ ඇති වූ කාර්මික දෝෂයක් මත වැඩ නවත්තන්න සිදු වූවද එහි රියදුරා ද සඳහන් කර ඇත.

රියදුරාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් කරමින් සිටී.

36,277 views

17 Comments to “ආනවිලුන්දාව රක්‍ෂිතය වැනසූ පුද්ගලයා හෙලිවේ.. රියදුරා හා බැකෝව අත්අඩංගුවට..”

  1. Rohan says:

    බැකො එකට දඩුවම් කරයි වගෙ. අනෙ බන්

    • ඉත්තෑවා says:

      බැකෝ එකේ රියදුරු කියල තියනවා තමන් මේක කලේ ඉස්සෝ වග කරන ව්‍යාපාරිකයෙකුගේ උපදෙස් මත කියලා.
      ඒ අනුව උපදෙස් දුන් ව්යාපරිකයාටත් දඩුවම් ලැබිය යුතුයි.
      ව්‍යාපාරිකයා කියනවා නම් තමන් උපදෙස් දුන්නේ තවත් කිසිවකුගේ අණට කීකරුව කියලා, ඒ පුද්ගලයාවත් අත්අඩංගුවට ගෙන දඩුවම් දිය යුතුයි.
      එහෙම නැතිව අපිට ඕනේ ඕනේ මිනිස්සු අල්ලන් දඩුවම් දෙන්න බැහැ.

    • Boo says:

      එහෙමවත් වුනොත් හොඳයි. යහපාලන කාලෙනං මහ බැංකු බිල්ඩිමටවත් දඬුවම් ලැබුනනෙ නෑ.

      • Alapaluwa says:

        මේ ආන්ඩුවෙන් මහ බැන්කු හොරාව ඇල්ලුවා. අන්න කොල්ලුපිටියෙ නිවාස අඩස්සියෙ

    • ගොන් බයියා says:

      ඔහු විසින් සඳහන් කල ඉස්සන් ව්‍යාපාරිකයා පොහොට්ටුව වෙනුවෙන් මුදල් වියදම් කල දේශප්‍රෙමියෙකු බැවින් ඇරස්ට් කිරීමට නොහැක. බැකෝ එක රාජසන්තක කර ක්‍රියාකරු හිරේ යවා එම දුප්පතාගේ පවුල මහමගට ඇද දැමීමට නියමිතය. රැස්පොට් සෑර්

  2. නන්දනී කොළඹගේආර says:

    යකෝ පොහොට්ටු මංත්‍රී සනත් නිශන්තගේ වැඩක් කියලා මුළු රටම දන්නවනේ.

    • Saradiel says:

      මොකද්ද මේ අසාධාරණය මෙය කිරීමට අණ කල ලොක්කා ,පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් බවට රාවයක් ඇත .ඔහුව අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
      විපත්තු වන රක්ෂිතය වැනසූ බදියුදීන් වගේ ඔහුට ත් නිදැල්ලේ සිටීමට ඉඩ දෙනවද ?
      ජනතාව පොහොට්ටුව කෙරෙහි තැබූ විශ්වාසය කඩ නොකළ යුතුයි …වරදක් කලොත් කවුරු වුනත් එම පුද්ගලයාට දඩුවම් ලබාදිය යුතුයි

      • වයි දිස් කොලවෙරි says:

        කටකතා වලට නිතිය ක්‍රියාත්මක වෙනවා නම්, ඔබේ තරහකාරයාට කරන්න තියෙන්නේ සුළු දෙයයි.
        එනම් ඔබ වරදක් කල බවට සමාජ ජාල ඔස්සේ කටකතාවක් පතුරුවන එකයි.

        නීතිය කියන්නේ සාක්ෂි මත ක්‍රියාත්මක වන දෙයක්.
        සනත් නිශාන්ත කළා කියල සාක්ෂි ඔබට හෝ වෙන කිසිවකුට තියනවා නම් ගිහින් සාක්ෂි දෙන්න. සාක්ෂි මත පසනම්ව සනත් නිශාන්තට දඩුවම් කරන්නේ නැත්නම් අපිත් පාරට බහින්න ලෑස්තියි.

      • Boo says:

        “…….අහවලා බවට රාවයක් ඇත…”

        එක එකාගෙ රාව වලට මිනිස්සු අත්අඩංගුවට ගත්තනං මෙලහකට ඔබත් අත්අඩංගුවේ.

        ඔබ ලඟ පිලිගත හැකි සාක්ෂි තිබේනං වහාම පොලිසියට ලබාදෙන්න. හැබැයි කිඹුලන් එපා.

  3. Sirimal says:

    State minister for prawns at work

  4. ඔය කරපු ගල්ලබ්බයා නැට්ටෙන් එල්ලපන්???

  5. අමරසෝම සිල්වා says:

    පොහොට්ටු මංත්‍රී සනත් නිශන්ත වැඩක් කියලා මුළු රටම දන්නවනේ. මීගමුව කලපුවේ කඩොලාන විනාශ කලේ, අර ජයතිලක නෝනා ඔක්සිජන් විනාශ කරන්න එපා කියා ඉල්ලුවේ. ඉතින් මෙහෙව් එකෙක් පාර්ලිමේන්තු යවන්න පුත්තලමේ මිනිස්සුන්ගේ තරම හිතා ගත්තකි.

  6. surath says:

    පහුගිය රජය විහිලු සපයන්න මිට වැඩියෙන් කල්ගත්තා.දවල් මිගෙල් රෑ දනියෙල්ලා හැමතැනම. රටට අබ සරණයි.

  7. Saradiel says:

    If Nishantha is the culprit behind this he should be arrested and punished. He seemed to be above the law, even disregarding to wear helmet in motor cycle riding. Whom does he think he is?

    • පහත් තැනින් යයි ගලා ජලේ! says:

      බැකෝ යන්ත්‍රයේ රැකියාව කල කුලීකරුට දඩුවම්,
      එය කිරීමට අණදුන් සේවා යෝජකයාට නිදහස. අරුම පුදුම දඬුවම් කීරීම්.
      මිනී මරුවාට නිදහස දී නීතිඥයා එල්ලුම්ගස් යවන දඬුවම් නේද මේවා.

  8. Koonissa says:

    Police has done an excellent finding and detection. Don’t let the driver and bako let go. Sue them on government expense. Marvelllous!

Main News