ආනවිලුන්දාව රැම්සා තෙත් බිම, කුරුළු අභය භූමිය ඉස්සන් වගාවකට ඩෝසර් කරයි..?

August 27, 2020 at 3:00 pm | lanka C news
ආනවිලුන්දාව රැම්සා තෙත් බිම, කුරුළු අභය භූමිය ඉස්සන් වගාවකට ඩෝසර් කරයි..?

පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පිහිටි ආනවිලුන්දාව අධි සංවේදී පරිසර පද්ධතියේ කොටසක් ඉස්සන් වගාවක් සදහා හෙළිපෙහෙළි කර ඇති බවට සමා මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කරයි.

පසුගිය 25 වන දින මෙම භූමි ප්‍රදේශය හෙළිපෙහෙළි කර ඇත්තේ ඇතැයිද වාර්තාවල සඳහන්ය.

මෙම ප්‍රදේශය පක්ෂීන් සඳහා වෙන් වූ පරිසර පද්ධතියක් ලෙස සැලකෙන අතර මෙරට පිහිටි දෙවන රැම්සා තෙත් බිම ලෙසද සංරක්ෂණය කර ඇති ප්‍රදේශයකි.

මෙම ප්‍රදේශය ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් වශයෙන් ද ප්‍රකාශයට පත් කර ඇත.

හෙක්ටයාර් 1300ක් ඉක්මවා ඇති මෙම ප්‍රදේශය 1997 වසරේදී අභය භූමියක් ලෙසද නම් කර ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීමේ සත්‍ය අසත්‍යතාවය ගැන කිසිදු වගකිව යුත්තෙකු මෙතෙක් ප‍්‍රකාශයක් කර නැත.

29,022 views

10 Comments to “ආනවිලුන්දාව රැම්සා තෙත් බිම, කුරුළු අභය භූමිය ඉස්සන් වගාවකට ඩෝසර් කරයි..?”

  1. Sunil Dahanayake says:

    If the information is correct, the President needs to stop these environmental damaging acts.

    We have voted for GR to protect the environment and forest and wild life. Not allow quick bucks for the thakkadi politicians.

    We also against the act of transferring the forest lands to District Secretariats. We are watching and observing. If the President is considering to contest one more time, he has to be sensitive with these issues.

    • Vasana says:

      ආනවිලුන්දාව කුරුළු පරාදිසිය විනාශ නොකරනු ..මේවා හෙනගහන ජාතික අපරාධ ..
      ඉස්සෝ හදන්න ආනවිලුන්දාව රැම්සා තෙත් බිම, කුරුළු අභය භූමිය විනාශ කරන්නේ මන්ද ? මෙයට අපේ බලවත් විරුද්ධත්වය පළකරමු ….
      මේ වසරේ ජුලි මාසයේ පවතින වියලි කාලගුණය හමුවේ ආනවිලුන්දාව ගිනී තැබීම නිසා අක්කර 20 ගිනිගෙන දැවී තිබිණ .වන රක්ෂිතවලට ගිනි තැබීම දැන් පුරුද්දක් වී ඇත ..ඉන් පසු එම ඉඩම් අල්ලා ගැනීමට දේශද්‍රෝහී පුද්ගලයෝ ක්‍රියා කරයි ..කදුකරේ දමිළ ජනතාව තේවතු අවට රක්ෂිත වලට ගිනි තැබීම මෙවැනිම ජාතික අපරාධයකි පරිසර ඇමති මේ ගැන ක්‍රියා නොකරන්නේ මන්ද ?

      • Harsha says:

        මීට කලින් කැලෑ පාලුවෙකුට පරිසර ඇමතිකම දීල කැලෑ පාලුකෙරුව නීතිය ක්‍රියාත්මක කලේ නෑ. මොකද චන්ද්‍රසේන මහින්දගේ ගෝලයෙක්. මේවැඩෙත් කරල තියෙන්නේ මහින්දගේ ගෝලයෙක්. මේවට නාමල්ල කියන්නේ තක්කඩි 53 දෙනෙක් 2015 සිට මහින්ද මහත්තයත් සමග ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිය කියල. ඒ නිසා මේ තක්ජඩින්ට ඕනෑම බලුවැඩක් කිරීමට ඉඩදිය යුතුයි.

  2. Alapaluwa says:

    ඔන්න ගොන් බයියනි සනත් නිශාන්ත සුබ මොහොතින් වැඩ අඹරලා වගේ

    • 😅😅 says:

      පුත්තලම් කිරිල්ලියෝ කොළඹට ඇවිදින්
      නයිට් ක්ලබ් පිරී මත්කුඩට නටති වෙසින්
      කොළඹ කුරුල්ලෝ විසිකරත් සල්ලි මතින්
      අභය භූමි මොටද ඉස්සවියන් කාම ගතින්

      • OLU says:

        ආනවිලුන්දාව රැම්සා තෙත් බිම, කුරුළු අභය භූමිය ඉස්සන් වගාවකට ඩෝසර් කල පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතුයි ..මෙය ජාතික අපරාධයකි
        වැව් දහයක් එක ළඟ ඇති කුරුලු පාරාදීසය විනාශ කිරීම නතර කලයුතුයි ආනවිලුන්දාවට යන ඔබට සෑම අතින් ම දිස් වන්නේ ඕලු, නෙලුම්, මානෙල් ඈ නෙක මල්වලින් පිරි වැව්. මේ අභය භූමියට අයත් අක්කර තුන්දහස් හාරසිය පනහක භූමිභාගය ඇතුළත වැව් දහයක් පිහිටා තිබෙනවා.මෙම ප්‍රදේශය ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් වශයෙන් ද ප්‍රකාශයට පත් කර ඇත.
        හෙක්ටයාර් 1300ක් ඉක්මවා ඇති මෙම ප්‍රදේශය 1997 වසරේදී අභය භූමියක් ලෙසද නම් කර ඇත
        පරිසරය බාර ඇමතිතුමා මේ විනාශය නතර කිරීමට වහාම පියවර ගන්නා ලෙස අපි ඉල්ලමු

  3. Madura says:

    Mokata chande dunnath parisaraya winashakarana eka nawathwanna baha. Eoa wela thiyenne.

  4. Love nature says:

    2001 දී ජාත‍‍්‍යන්තර රැම්සා තෙත්බිම වර්ගීකරනයට ලක් වූ ආනවිලුදාව අභය භූමිය හලාවත-පුත්තලම දුම්‍ර්‍රිය මාර්ගයට හා වෙරලට මායිම්ව හලාවතට නුදුරෙන් පිහිටා ඇත​. මෙය 12 වන සියවසේ විසූ මහා පරාක්‍රමබාහු රජුගේ වාරි කර්මාන්තයකි. මෙම භූමිය වැව් හතකින් සමන්විතය​.

    1.ආනවිලුන්දාව
    2.පින්කට්ටිය​
    3.වේල්ලවැව​
    4.මරදන්සෝලෙ
    5.ඉරක්කවිල ​/ ඉහලවැව​
    6.සුරුවිල​
    7.මයියාව​

    මෙම වැව් එකින් එකහා සම්බන්ඳව පවතින අතර හෙක්ටයාර 1400 කින් පමන සමන්විත භූමී ප්‍රදේශයක් පුරා පැතිර පවතී. අප රටේ රැම්සා තෙත් බිම් ගනන හයකි. මුලින්ම එකතුවුනේ බුන්දල ජාතික වනඋද‍්‍යනයි. දෙවනුව ආනවිලුන්දාව හා අනතුරුව මාදු ගඟ, කුමන හා වන්කාලෙයි අභය භූමිය එකතු වෙයි. හය වැන්න මෑතකදී එකතු වූ (2013 පෙබ ) විල්පත්තු අභය භූමියයි.

    ආනවිලුන්දාව තරමක් අප්‍රකට වුවද කුරුළු ලෝලීන් අතර ජනප්‍රිය ස්ථානයකි. සංක්‍රමික පක්‍ෂීන් අප රටට ඇතුල් වන ප්‍රදාන ස්ථානයකි ආනවිලුන්දාව​. මෙහිදී ශාක විශේෂ 264ක් පමනද​, ඒ අතරින් වනාන්තර ගත ශාක විශේෂ 110ක් පමනද, පඳුරු විශේෂ 54ක් පමනද​, පැළෑටිමය විශේෂ 68ක් පමනද​, ආරෝහක (වැල්) විශේෂ 30ක් පමන හා උඩවැඩියා විශේෂ 2ක්ද වාර්තා වී ඇත​. මෙහිදී මිරිදිය මත්ස‍්‍ය විශේෂ 29ක්ද​, කිවුල් දිය මත්ස්‍ය විශේෂ 18ක්ද​, උරග විශේෂ 9ක්ද වාර්තා වී ඇති අතර ක්‍ෂීරපායින් විශේෂ 20ක්ද වාර්තා වී ඇත​.

  5. purawasi says:

    We need not worry about this.HE the president will take action against these culprits.Immediatly this must be stop.

Main News