ආනවිලුන්දාව රැම්සා රක්‍ෂිතය වනසා ඇත්තේ දේශපාලනඥයකුගේ සහෝදරයෙක්…

August 29, 2020 at 10:09 pm | lanka C news
ආනවිලුන්දාව රැම්සා රක්‍ෂිතය වනසා ඇත්තේ දේශපාලනඥයකුගේ සහෝදරයෙක්…

පුත්තලම ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් හෙළිපෙහෙළි කර ඇත්තේ දේශපාලනඥයකුගේ සහෝදරයෙක් යයි සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

මෙම තැනැත්තා ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු වන බවත් හිටපු සභාපතිවරයෙකු වන බවත් එම වාර්තාවේ දැක්වෙයි.

රජයේ නිලධාරියෙකුට පහර දීමට තැත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මෙම දේශපාලනඥයන්ට එල්ල වී තිබෙන බවද සඳහන්ය.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ආනවිලුන්දාව රක්ෂිතයේ අක්කරයක පමණ භූමි ප්‍රදේශයක් ඉස්සන් වගාවක් සඳහා හෙලි පෙහෙලි කර තිබින.

මේ වන විට බැකෝ යන්ත‍්‍රය, එහි රියදුරා සහ එය මෙහෙයවූ ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලමේදී පැවති මාධ්‍ය හමුවකදී පරිසර සංවිධාන සාමාජිකයන් කියා සිටියේ මෙම සිදුවීම පසුපස සිටින පුද්ගලයන්ටද නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවයි.

43,315 views

13 Comments to “ආනවිලුන්දාව රැම්සා රක්‍ෂිතය වනසා ඇත්තේ දේශපාලනඥයකුගේ සහෝදරයෙක්…”

  1. වයි දිස් කොලවෙරි says:

    නියමයි. මේ දක්වා වෙච්ච දේ ප්‍රශන්සනීයයි. ඉතිරි ටිකත් හරියට වෙනකම් බලා සිටිනවා.

    • Alapaluwa says:

      වැඩේ කලේ ඔක්සිජන්ගෙ මල්ලි ජගත් සමන්ත කියල දන්නවනම් බැකෝ රියදුරා විතරක් ඇල්ලුවෙ ඇයි?

  2. Alapaluwa says:

    ඉස්සර දමාපු චන්ඩි පාට් දැන් බෑ ඒවා ඒ ඉස්සර හිටපු නපුංසකයෝ සමග හොඳයි. තරා තිරාකම් නොබලා මේ කරපු වණ විනාසයට දඩුවම් කර අලාබද ලබාගතයුතුයි මුන්ගේ තවම පෙර තිබුණු උණ අඩුවී නැති බවයි මෙයින් අපිට පෙනෙන්නේ මේවා දැන්ම මට්ටු කල යුතුයි.

  3. gamarala says:

    මුන්ට රජ කාලේ දඩුවම් දිය යුතුයි

    • 😡😡😡 says:

      ඉස්සන් වගාවට කියලා මේ පොකිරිස්සා
      රක්‍ෂනය වැනසුවේ පැය ගානකිනි ඉස්සා
      එල්ලා දොඹකරයෙන් දෙපා අඹුඩ ගස්සා
      පෙන්වනු රටට නීතිය දෙබර කුඩු අවුස්සා

  4. On The Spot says:

    ආනවිලුන්දාව වැනසුවේ ඔක්සිජන් කන්නද කියා ඇසූ එවුන්.මරිමෝඩ ප්‍රාදේශීය දේශපාළඥයා ප්‍රාදේශීය සභාවේ සභාපති කල එළ මී ගවලේඛණයේ ලියා පදිංචි වූ එළ මී හරකුන් මේ ව්‍යසනයට වග කිව යුතුයි.නීතිය අකුරටම ක්‍රියාත්මක කරන තුරු අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු.

  5. බූරු පුතානෝ සජීයා says:

    ලංකාගම පාර හදන්න සිංහරාජ වනාන්තරයේ අක්කර 100 ක් විතර විනාශ කරන්න ඉඩ දුන්නා නම් මේ අක්කර එකක සොච්චම් ඉඩම් කැබැල්ල පාවිච්චි කරන්න දෙන්න බැරි මොකද?

    • Norata Eka says:

      අක්කර 100ක්, හහහා, හරියටම සීයක් ද…🤣🤣🤣

      • බූරු පුතාණෝ සජිත් says:

        අක්කර 100ක් විතර. කිලෝමීටර් 18 දිග අඩි 50 පලල පාරකට අක්කර 100 විතර කැලයක් කපන්න වෙනවා.

  6. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    මේ විනාශය කල උන්ගේ වියදමෙන්ම මෙය නැවත පිලිසකර කල යුතුයි.ඒ වෙනුවෙන් මහජන මුදල් වැය කිරීම අපරාධයක්.අපරාධකරුවන්ගේ දේපල විකුණා හෝ ඒ වියදම් පියවා ගත යුතුයි.

  7. Boo says:

    මොන පක්ෂෙ වුනත් කමක් නෑ. මොන ලොක්කගේ මොකා වුනත් කමක් නෑ. මුංගේ නම ගම සහිතව ප්රසිද්ධ කල යුතුයි. මේ වගේ උන් නැත්තටම නැති කර දැහීමට කාලයයි මේ.

  8. saman says:

    නැත. එවෙන්නක් කිසිසේත්ම සිදුවිය නොහැක. ආණ්ඩුවේ සියලුම දෙනා රට හදන්න ආපු අය. එයාලා කවදවත්ම ඔහොම දෙයක් කරන්නේ නෑ. කරුනකර හොදට සොයා බලන්න. විපක්ෂයේ අය වෙන්න ඇති ඕක කරන්න ඇත්තෙ

    • Norata Eka says:

      පිස්සු කතා නොකර ඉන්නවද, ආන්ඩුවෙ සියළු දෙනා සාන්තුවරු නොවෙයි , ඒ අය පාර්ලිමේන්තු යැව්වේ රටේ ජනතාව, මේ ජරා ජීර්න දේශපාලනයෙන් විනාශ වෙලා තියෙන රට මැජික් බලයකින් හදන්න පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ ඔබලා වැනි මන්දබුද්ධිකයන් විතරයි..නව දේශපාලන සංස්කෘතියක් ඇති වීමට කලක් ගත වෙයි…
      එතෙක් මරි මෝඩ කතා නොකිය ඉන්න…

Main News