ආනවිලුන්දාව වනසන්නේ ආණ්ඩුවේ බලවතුන් විය හැකියි.. 2/3 දුන්නේ මෙහෙම වැඩ කරන්න නොවේ..- විමල් ආණ්ඩුවේ සිට සැරට අමතයි..

August 27, 2020 at 10:04 pm | lanka C news
ආනවිලුන්දාව වනසන්නේ ආණ්ඩුවේ බලවතුන් විය හැකියි.. 2/3 දුන්නේ මෙහෙම වැඩ කරන්න නොවේ..- විමල් ආණ්ඩුවේ සිට සැරට අමතයි..

පුත්තම ආනවිලුන්දාව තෙත් බිම විනාශ කර ඇත්තේ සමහර විට ආණ්ඩු පක්ෂයේ දේශපාලන බලවතෙකුගේ ගෝලයන් විය හැකි බවත් එසේ නැතිනම් දේශපාලන බලයක් නොමැති අයද විය හැකි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ආනවිලුන්දාව රම්සා තෙත්බිම ඉස්සන් වගා කිරීම සඳහා හෙලි කිරීම කවුරු කලද ජනතාව තුනෙන් දෙකක බලයක් දී තිබෙන්නේ මේ රටේ තෙත් බිම්වලට හෝ පරිසරයට අත තියන්න නොවන බවද ඔහු පැවසීය.

එවන් භූමිවලට අත තැබීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් එවන් වැඩ කොතනින් වුවද වහා නතර නතර කල යුතු බවද ඇමැතිවරයා පැවසීය.

ජනතාව තුනෙන් දෙකක බලය ආණ්ඩුවට ලබාදුන්නේ නිසි ලෙස පාවිච්චි කරන්න බවද කී ඔහු එම ජනවරමේ සුජාත භාවය ආරක්ෂා කළ යුතු බවද සඳහන් කළේය.

පුත්තලම ආනවිලුන්දාව රම්සා තෙත්බිම අක්කරයක පමණ භූමි භාගයක් හෙළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයට එක්වෙමිනි.

57,933 views

23 Comments to “ආනවිලුන්දාව වනසන්නේ ආණ්ඩුවේ බලවතුන් විය හැකියි.. 2/3 දුන්නේ මෙහෙම වැඩ කරන්න නොවේ..- විමල් ආණ්ඩුවේ සිට සැරට අමතයි..”

  1. PULATHISI says:

    පසුගිය ඊනියා යහපාලන සමයේ අදාල ජනපති සිරිසේන පරිසර ඇමති යටතේ අපේ මව්බිමේ සිදුවූ පරිසර විනාශය මෙතෙකැයි කියා නිමකළ නොහැකිය. ඔහු කරන ලද රට විනාශ කිරීමේ සියලුම දුෂ්ඨ ක්රිතයාවලියේ අග්රහඵලයද ඊයේ ඔහුට පිරිනමා ඇත්තේ කියන පරිදි ජොන්ස්ටන් ප්ර නාන්දු ඇමතිවරයාගේ මැදිහත්වීමෙනි. ඒවා කෙසේ වුවත් සිරිසේනගේ ඊළඟ ඉලක්කය අගමැති තනතුරයි.
    2. කෙසේ වෙතත්, ආනවිලුන්දාව ඉස්සන් වගාව සඳහා ක්රි යා කර ඇති සියලු දෙනාට ඔවුනගේ තරා තිරම නොබලාම නීතිය මගින් උපරිම දඬුවම් ලබාදිය යුතුය. ජාත්යකන්තර වශයෙන් ශ්රීත ලංකාවට හානිකර වු මෙම ක්රිවයාදාමය නිසා දේශීය වශයෙන් ද එම කලාපයේ වැව් පද්ධතියට ද හානිකර වීමෙන් එම පරිශ්ර යේ ගොවි ජනතාවට ද ගැටලු සහගත වී ඇත. එබැවින් කම්කරුවාගේ පටන් ඉහළම පුද්ගලයේ දක්වා සැමටම උපරිම දඬුවම් දිය යුතුය.

  2. Samarapaala says:

    Wilapattu Kapuwet Maraanduwa kaale ..ayeth sellama sinharajenma patan araragena…

Main News