ආනවිලුන්දාව වැනසීමේ ප‍්‍රධානියා අත්අඩංගුවට ගනී..

August 29, 2020 at 10:40 am | lanka C news
ආනවිලුන්දාව වැනසීමේ ප‍්‍රධානියා  අත්අඩංගුවට ගනී..

පුත්තලම ආනවිලුන්දාව රැම්සා අභය භූමියේ කොටසක් අනවසරයෙන් හෙළි පෙහෙළි කිරීමට සම්බන්ධ චෝදනා එල්ල වෙන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ඉඩම හෙළි කිරීමට යොදාගත් බැකෝ යන්ත‍්‍රය හා එහි රියදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ලද තොරතුරු මත මෙම ව්‍යාපාරිකයා ඔහුගේ නිවසේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රක්ෂිත භූමිය ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ ඩෝසර් කරමින් හෙළිපෙහෙළි කර තිබුණේ ඉස්සන් වගාවක් ආරම්භ කිරීම සඳහාය.

සිදුවීම සම්බන්දයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකය.

46,338 views

20 Comments to “ආනවිලුන්දාව වැනසීමේ ප‍්‍රධානියා අත්අඩංගුවට ගනී..”

  1. රටවැසි says:

    අපි බලාගෙන ඉන්නෙ !

    • CAT says:

      Well done ..Send this man to jail …
      Destruction of nature is as big a threat to humanity as climate change

    • King Bull says:

      සැඟවූ ඉස්සන් පෙන්වීමට ගෙනයමු.

    • King Bull says:

      සැඟවූ ඉස්සන් බලාපොරොත්තුවෙන් .

  2. යමුනා සොභානි says:

    විනාශය කරලා ඉවරයිනේ හලෝ

    • වයි දිස් කොලවෙරි says:

      විනාශය කරන්න කලින් බුද්ධි අන්ශ වලට ආරන්චි වුනේ නැත්නම්, විනාශය කරල ඉවර වුනාම තමා පොලිසියෙන් අල්ලන්නේ හලෝ.

      විනාශයට පෙර 97 වතාවක් දැනුම් දීලත්, පාස්කු බෝම්බ කාරයෝ අල්ලපු නැති ආණ්ඩුවක් තිබිච්ච රටක් මේක හලෝ.

      එහෙම එකේ මෙච්චර ඉක්මනට විනාශකාරයන් අල්ලපු එක ගැන සන්තෝශ වෙනව හලෝ.

  3. LION says:

    අපේ රටේ බහුතරයක් පිරිසට පරිසර සම්පතක හෝ පුරාවිද්‍යා උරුමයක වටිනාකම දැනෙන්නේ ඒවා දේශපාලනඥයන් ඉඳුල් කළ පසුවය. පසුගිය කාලයේ වැඩි දෙනකු කුරුණෑගල පැරණි ගොඩනැගිල්ල රැකගැනීමට (එය වනසා දැමූ පසුව) පෙරමුණ ගත් අතර, දැන් ඒ අවධානය වයඹ පළාතේම පිහිටි ආනවිලුන්දාව අභයභූමියට එල්ල වී තිබේ. ආනවිලුන්දාව ඩෝසර් කරන කම් ලොක්කෝ නිදාගත්තාද ? සෑම දෙයක්ම විනාශකරන තුරු බලා සිට ඊට පසු ඒ ගැන කතාකිරීම අද සමාජයේ සිරිතකි ..නිතරම කදුකරේ තේ වතු අවට වන රක්ෂිත ගිනි තබා විනාශ කරයි ..මෙතෙක් ඒ සම්බන්ධව කිසිවකු අත්අඩංගුවට නොගත් අතර නැවත නැවතත් ඒ විනාශය සිදු කරමින් පවතී ..තේවතු අවට වන රක්ෂිත වල සිටින ලංකාවට ආවේනික සතුන් තේවතු දමිළ ජනතාව දඩයම් කිරීම සිදු කරයි උදා සදුන් දිවියන් , කළු කොටි ,ඉත්තැවුන් ,හාවන් වැනි සතුන් දැන් වදවෙමින් පවතී ..ඒ ගැන නීතිමය පියවර ගෙන එවැනි සතුන් මරණ පුද්ගලයින්ට විරුද්ධව දැඩි දඩුවම් ලබා දිය යුතුයි .. පරිසරය රුකගැනීමට පොරොන්දු දෙමින් බලයට පත්වන පාලකයන් පසුව පරිසරය මුදලට බිලිදීම සිරිතකි. මේ සිද්ධිය ද එය තහවුරු කරන තවත් අවස්ථාවකි, අභයභූමියක් තුළ අක්කර හතරක් තරම් විශාල ප්‍රදේශයක් ඩෝසර් කරන තෙක් පොලීසිය හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිදාගෙන සිටියේදැයි අපි නොදනිමු. ආනවිලුන්දාව අභයභූමියක් බවට නම්කිරීමට පෙර 1990 වර්ෂයට පෙර එයට ආසන්න හලාවත මුතුපන්තිය ප්‍රදේශය හා කලපුව අවට ඉස්සන් කොටු ගණනාවක් තිබුණි..එවකට ඉස්සන් කොටු නිසා කඩොලානවලට සිදුවූයේ දැවැන්ත හානියකි. නුදුරින් පිහිටි හලාවත කලපුව ආශ්‍රිතව පමණක් 57%ක් කඩොලාන විනාශ විය. 1997 දී ආනවිලුන්දාව අභයභූමියක් ලෙස නම්කළ පසුව අභයභූමි සීමාව තුළ පිහිටි අත්හැර දැමූ ඉස්සන් වගාබිම්වල නැවත කඩොලාන හටගත්තේ ඉතා අවමව බව නිරීක්ෂණය වී ඇත. මෙලෙස පාරිසරිකව සිදුවන විශාල හානිය නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ වළවල් හාරා ඉස්සන් වගාව නතර කිරීමට 2003.09.16 දින කැබිනට් තීන්දුවක් ගත්තේය. &මීට මාස කිහිපයකට පෙරත් එවැනි වළක් තැනූ කෙනකුට අධිකරණය රුපියල් ලක්ෂයක දඩයක් සහ වසරක අත්හිටවූ සිරදඬුවමක් ලබා දුන්නා. එයට කළ අභියාචනය ද එම තීරණය ස්ථිර කළා. එසේ තිබියදී දේශපාලන බලවතුන් විසින් කළ මේ විනාශය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව ගන්නා තීරණය කුමක් වන්නේදැයි අපි විමසිලිමත් විය යුතුයි.*

  4. Love nature says:

    ආනවිලුන්දාව අභයභූමිය ඩෝසර් කළ අය ද එය විනාශයට කිරීමට අනුබල දුන් වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවා අධිකරණයෙන් දඬුවම් ලබාදීම කලයුතුයි …. පරිසරය ගැන කෙතරම් කතා කළත් නිලධාරීන් කොතරම් කැපවුණත් දේශපාලන බලයෙන් ඔළුව උදුම්මාගත් පිරිසට ඒවායේ වටිනාකම නොතේරීම පුදුමයක් නොවේ

    • ඊබ්‍රාහිම් ගේ බුරියානි says:

      නීතිය ක්‍රියාත්මක කල හැක්කේ සාක්ශි මත පදනම්වයි. අල්ලපු අය හැරෙන්න වෙනත් අය ගැන සාක්ශි තියෙනවා නම් සාක්ශි ලබා දිය යුතුයි. එසේ නොකරණවා නම් ඔවුන් කරන්නේ අපරාධයක්.

  5. Godaya says:

    පරිසරය කන්නයැ. ඔන්න ඕක කරන්න අරින්න . ඒ මිනිහ ගානක් හම්බ කර ගන්න ගමන් අපිට ප්‍රෝටීන් තියෙන ඉස්සො දෙනව නේ . ඉස්සො පිටරට යවලා අපිට විදේශ විනිමයත් හම්බ කරන්න පුලුවන් .

    • වයි දිස් කොලවෙරි says:

      නිර්මාණශීලී ලෙස හිතනවා නම්, පරිසරයත් ආරක්ශා කරගෙන ඔය ඉස්සො කොටුව ඔතනම කරන්න පුලුවන්. දිවුණු රටවල් කරන්නේ එහෙමයි.

      • adrian says:

        What does this fool know about how developed countries manage environment ? An ass licker is making ignorant comment.
        If you want prawn go to keels, FOOL.

    • කේලමා says:

      ඔක්සිජන් වගේයැ ග්‍රවුන්ඩ් එක , නේ .

    • john the baptice says:

      Godaya –උබ වැනි ආත්මාර්ථකාමී ,අවස්ථාවාදීන් අපේ රටේ සිටීම ජාතියේ අවාසනාවක් …උබේ ඔලුවේ තියෙන්නේ ඉස්සාගේ ඔලුවේ වගේම අශුචි බව උබේ කතාවෙන් පැහැදිලි වේ

  6. සීයා පප්පා says:

    කෝ අර පරිසර හිතකාමී ළමයි ටික , බුදි ද . සිංහරාජෙ අතරමං වෙලාද .

  7. King Bull says:

    සැඟවූ ඉස්සන් පෙන්වීමට යමු .

  8. ප්‍රීති සුරම්‍යා says:

    කෝ පොහොට්ටුවේ සනත් නිශානතයා තාම එලියෙනේ

    • ඉත්තෑවා says:

      ලොක්කෝ සැපට ඉද්දී හැමදාම අහුවෙන්නේ සොක්කෝ.
      ගජ මිතුරා මහබැංකුව කැඩුවට රනිල අහු වුනාද?
      ජාතික ලැයිස්තු ඉබ්‍රහිම් පාස්කු බෝම්බ ගැහුවට පච කුමාර අහු වුනාද?

  9. gamarala says:

    විනාසකල ගස් ගානට හිරේ යැවිය යුතුයි