ආන්ඩුවෙන් ඉවත් වන 15 කණ්ඩායමේ ලියුම ශ‍්‍රීලනිප CC පයිසෙකට නොතකයි.. ශ‍්‍රීලනිපය රනිල් සමග පෙරටම තීන්දුයි..

October 17, 2018 at 3:20 am | lanka C news
ආන්ඩුවෙන් ඉවත් වන 15 කණ්ඩායමේ ලියුම ශ‍්‍රීලනිප CC පයිසෙකට නොතකයි.. ශ‍්‍රීලනිපය රනිල් සමග පෙරටම තීන්දුයි..

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 15 දෙනාගේ කණ්ඩායම විසින් එවා තිබූ ලිපිය ගැන කිසිදු සාකච්චාවක් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී සිදුව නැත.

එම ලිපිය මධ්‍යම කාරක සභාවේදී කියවා ඇති අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උපදෙස් චී ඇත්තේ එය වාර්තා කරන්නැයි උපදෙස් දී ඇත.

ජනාධිපති නිල නිවසේදී මෙම හමුව ඊයේ පස්වරුවේ පැය දෙකක පමණ කාලයක් පැවැත්වින.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා වහා කටයුතු කරන්නැයි ඉල්ලමින් එම ලිපිය යැවූ බව 15 දෙනාගේ කණ්ඩායම කියා සිටිති.

ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය සමත වන හවුල් ආණ්ඩුව තව දුරටත් ඉදිරියටම පවත්වාගෙන යාමට නියමිතය.

කෙසේ වෙතත් ඒ සදහා ශ‍්‍රීලනිපය හා එජාපය අතර අත්සන් කරන ලද ගිවිසුම කල් ඉකුත් වී වසරකට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබේ.

75 views
Main News