ආන්ඩුවේම තීරණයකට විරුද්දව ජාතික ශෝක දිනයක් ප‍්‍රකාශ කරන බව ජනපති කියයි..

July 15, 2019 at 12:00 pm | lanka C news
ආන්ඩුවේම තීරණයකට විරුද්දව ජාතික ශෝක දිනයක් ප‍්‍රකාශ කරන බව ජනපති කියයි..

මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන ආවොත් ඒ දිනය ජාතික ශෝක දිනයක් බවට පත්කරනව යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය. ඇඹිලිපිටිය වලව කලාපයේ ඔප්පු ප්‍රධාන උත්වයකට එක්වෙමින් ජනාධිපති වරයා මෙම අදහස් පල කරන ලදී.

වලව කලාපයේ ගොවි මහත්වරුන් සදහා ඔප්පු  පන්දහක් බෙදා දීමේ උත්සවය සංකේතවත් කරමින් ජනාධිපති වරයා අතින් ඉඩම් ඔප්පු පිරිනැමීම සිදු කරන ලදී.ආචාර්ය ඕමල්පේ සොභිත හිමියන් ප්‍රමුඛ මහා සංගරත්නය මෙන්ම,මෙම අවස්ථාව මහවැලි අධිකාරය මගින් සංවිධානය කර තිබූ අතර අමාත්‍ය සජිත් පේමදාස මහතා,අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා,හේෂාන් විතානගේ මන්ත්‍රී වරයා,මහින්ද අමරවීර යන  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු සහභාගී වී සිටින ලදී.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩි දුරටක් කියා සිටියේ,

මේ රටේ අනාගතය පිළිබදව ප්‍රශ්නයක් ඒක. කුඩු කාරයින්ට, ජාවාරම්කාරයින්ට, පාතාලයින්ට, ස්ත්‍රී දූෂකයින්ට ළමා අපරාද කරන අයට මංකොල්ල කාරයන්ට මේ සියලු දෙනාට රට භාරදීමයි සිද්ද වෙන්නේ මරණීය දණ්ඩනය පාර්ලීමෙන්තුවේදී අහෝසි කලහොත් ඒ නිසා මම විශ්වස කරනව ජනතාව අවධියෙන් ඉදී කියා. මුලු මහත් ජනතාවගෙන් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලන ඉල්ලීම තමයි රට වශයෙන් ජන මතයක් ගොඩනගන්න මරණීය දණ්ඩනය රටට අවශ්‍යයි කියන එක.

ආණ්ඩුවේ කිහිප දෙනෙකුට ඕන විදියට මරණීය දණ්ඩනය අහෝසි කරන්න පනතක් ගේන්න හදනව. මරණීය දණ්ඩනය දෙන එක  වෙනස් කරන එක වලක්වන්න මේ රටේ ජනතාව කටයුතු කරනව ඇතැයි මම සිතනව.

දූෂණය වංචාව හොරකම ගැන ඉහල සිටන් පහලට තියෙන මේ රට වැටිල තියෙන්නේ ඕවා නිසා.ලොකු මිනිස්සු තමයි පොඩි මිනිස්සුන්ට උගන්වල තියෙන්නේ හොරැකම් කරන්න.

මේ ඉන්න පන්දහසක් පමණ ජනතාව විනිශ්ච්‍ය මණ්ඩලයක් විදියට හිතාගෙන මම පැමිණිල්ලක් ඉදිරිපත් කරනව. මම මේ කියන කතාව හොදට අහගෙන ඉදල මට උත්තරයක් දෙන්න.

මේ රට හදන්න අමාරුකම  තියෙන ප්‍රධාන ප්‍රශ්නය මේ රටට විනයක් නැති එක.විනයත් එක්ක ශිෂ්ඨ කමක් නැති එක. දූෂනයෙන් පිරිච්ච එක මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම ඉතාම ප්‍රබලයි.ස්ත්‍රී දූෂණ ළමා අපචාර පාතාලය,බරපතල වංචා දූෂන, සමූහ මංකොල්ලකෑම්, මේ සියල්ලට මුල මේ රටේ මත් ද්‍රව්‍ය.මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ කියන්නේ පොඩි මිනිස්සු නෙවෙයි.හැබැයි එහෙම අය නැති කරන්න මම ගත්ත උත්සාහයන් වල හුගත් ප්‍රතිඵල තියෙනවා.මේකට අවසන් තිත තියන්න තමයි මම මරණීය දණ්ඩනයට අත්සන් කලේ.එන්ජීඕ කාරයෝ විදේශ බලවේග ලෙස කතාකරන අය උසාවි ගියා ගිහිල්ල තීන්දුවක් ගත්තා මරණීය දණ්ඩණය දෙන තීන්දුව ඔක්තෝම්බර් වෙකන් කල් දාන්න කියල.

මම විශේෂයෙන් මේ ගැන කියන්නට ඕන මේක ජාතික ව්‍යවසනයක්.මම මේ තීන්දු තීරණ ගත්තේ මේ රටේ පාසල් වල දරුවෝ ලක්ෂ 40ක් විතර, විශ්ව විද්‍යාල, වෘර්තීය අධ්‍යාපන ආයතන ලක්ෂ දහයක් විතර. ඒ ලක්ෂ පනහක් විතර ඉගන ගන්න දරුවෝ ටික බේරගන්න ඔබේ දරුවොටික බේරගන්න හෙට උපදින දරුවන් බේරගන්න ඕන. නමුත් මරණීය දණ්ඩනය එපා කියල ආණ්ඩුවේම කට්ටියක් කියනව. සජිත් පේමදාස ඇමතිතුමාත් කිවිව මරණීය දණ්ඩනය දෙන එක ගැන එතුමා අකමැති නැහැ කැමතියි කිව්වා.

දැන් අපේ නායක හාමුදුරුවො ඕමල්පේ නායක හාමුදුරුවෝ දැන් මෙතනින් යන ගමන් මට හිමින් මට කණට කරල අනුසාසනා කලා මරණීය දන්ඩනය ප්‍රශ්නය ආපස්සට ගන්න එපා කියල.කොහොම හරි ඕක කරන්න ඕන කිව්වා.

මම ජනතාවට ඉදිරිපත් කරනවා ප්‍රශ්නයක් මට මේකට උත්තරයක් දෙන්න.මේ මරණීය දණ්ඩනය එපා කියන්නේ විදේශ බලවේග වග උවමනාවට.ඇමරිකාවේ කොටසක ක්‍රියාත්මකයි මරණීය දණ්ඩනය.නමුත් ඇමරිකාව පැත්තෙන් මෙහි ඉන්න අය කියනව මරණීය දණ්ඩනය දෙන්න එපා කියල.කරනඩාවෙන් කියනව.යුරෝපය නියෝජනය කරන යුරෝපා සංගමයේ තානාපති කියනව.ඒ ගොල්ලන් කියන එක තමයි ආණ්ඩුවේ කොටසක් මේක එපා කියල.හැබැයි ප්‍රශ්නය උග්‍රයි.ලේසි නැහැ දරුවන් බේරාගන්න එක මහා ඛේදවාචකයක්.

විශ්ව විද්‍යාල විනාසයි පාසල් විනාසයි.හිරගෙවල් පිරිල හිරගෙවල් වල සියයට හැටක් මත් ද්‍රව්‍ය නිසා.පුනරුත්තාපන කදවුරු ඉඩ නැහැ ලංකාවේ මත්ද්‍රව්‍ය නිසා.මේක එන්න එන්නම ව්‍යාප්ත වනවා.

මරණීය දණ්ඩනය දෙන එක නැවැත්තුවොත් මේ රට පාලනය කරන්නේ පාතාලයෝ වේවි.දැන් මරණීය දණ්ඩනය නීතියේ තියෙන නිසා යම් බයක් තියෙනව.මම මරණීය දණ්ඩනයට හතර දෙනෙකුගේ නම් අත්සන් කරපුවාම ඒකට උසාවි ගිහින් ඒක වලක්වා ගත්තා.

දැන් පාර්ලිමේන්තුවේ පනතක් ගේන්න යනව මරණීය දණ්ඩනය අහෝසි කරල.මේ කෙන් ජයපැන් බොන්නේ කවුද,මේ රටේ මත් ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ.මම සිගරැට් වලට විරුද්දව සටන් කලා සෞඛ්‍ය ඇමති කාලයේ අරක්කඅ වලට මධ්‍යසාර වලට විරුද්දව සටන් කලා,මගේ මුලු ජීවිත කාලයේ මම පාර්ලිමේන්තුවට ආපු දවසේ ඉදන් ඒ සටන අතේ තියාගත්ත කෙනෙක් මම.මම මේ රටේ රාජ්‍ය සේවයේ පහලම තැන හිටි කෙනෙක්.

බුදුන් වහන්සේගේ පන්සිල් පද පහට එදා වසර 2600කට ඉස්සර වෙලාත් සුරාමේරය කියා ඇයි දැම්මේ,බුදුන් වහන්සේගේ කාලයේත් මේක ප්‍රබල ප්‍රශ්නයක් නිසා.ඒ නිසා තමුන්නාන්සේලාගේ දරුවොටික හදාගන්න හෙට දවස මේ රට විනීත රටක් කරන්න ශිෂ්ඨ සම්පන්න රටක් කරන්න බැහැ මරණීය දණ්ඩනය අහෝසි කලහොත්‍ මරණීය දණ්ඩනය අහෝසි කිරීම මේ රටේ අපරාද කාරයින්ගේ විශිෂ්ඨ ජයල්‍රහණයක්.මරණීය දන්ඩනය අහෝසිකල දවසට අපරාධකාරයින්ව මේ රට පාලනය කරන්න ගන්නව මේ රටේ දේශපාලඥයෝ ඉන්නව පාතාලයත් එක්ක සම්බන්ධව.හැම ආණ්ඩුවකම හැම විපක්ෂයකම පාතාලයෝ හිටිය අදත් ඉන්නව.අදත් දේශපාලඥයොත් එක්ක සම්බන්ධකම් තිබෙන අය ඉන්නව.

අර මහා පාතාල නායකයන් අද සිරභාරයට අරන් තියෙනවා.

ලෝකයේ රාජ්‍ය නායකයන් මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට අත ගහනව අඩුයි. එක කාරණයක් තමයි මරල දානව.එහෙම නැත්නම් බලයෙන් පහ කරනව.

මම කියනව කවුරු කොහොම කිව්වත් අප්‍රේල් 21 ඉතාමත් මහා ඛෙදවාචකය ත්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය කාරයින් සම්බන්ධ වෙලා කල වැඩක් මම කියනව.මම ගෙනගිය වැඩ පිළිවෙල නැවත හරවන්න ඒක ආපේසට ගන්න, මාව අපකීර්තිමත් කරන්න මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඒක කලේ.අද මේ පිළිබදව විවිධාකාරයේ සංවාද සාකච්චා වෙනවා.

නමුත් මම මේ සටන නවත්වන්නේනැහැ.මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ට කල යුතු සියලුදේ කලයුතුයි. මරණීය දණ්ඩනය දිය යුතුයි.මරණීය දණ්ඩනය දුන්නාම විනය කරුක රටක් වෙනව.බය ඇතිවෙනව.ඒකෙන් සමාජය යහපත් වෙනව.අද ලෝකයේ මරණීය දණ්ඩනය නැති රටවල් ඉතාමත් අඩුයි.එක එක බණ එක එක්කෙනාට ඕන විදියට.

ලංකාවේ මහවැලි කලාප දහයක් තියෙනකවා‍.මේ මහවැලි කලාප දහයේම ඉඩම් අංශ දූෂිතයි.මෙතන ඉන්න ගොවි මහත්තුරුන්ගෙන් ඇහුවොත් කියයි තමන්ගෙන් පසුගිය කාලයේ සල්ලි ගත්තේ කවුද කියල.ඉඩම් ඔප්පුව හදන්න,බල පත්‍රය හදන්න,කොළඹ යවන්න ගෙන්න ගන්න හෙට අනිද්දා දෙනව කියල ෆයිල් එක ආවා කියල කියන්න.අහිංසක ගොවීන්ගෙන් රුපියල් 5000,10000,15000,20000 ගත්ත නිළධාරීන් පිළිබදව,ඉතාමත් කැත නිමයක් මහවැලියේ තිබෙනවා.

මේක අද ඊයේ කාරණයක් නෙවෙයි මහවැලි කළාප ගත්තම වලවේ ව්‍යාපාරය අංක එක දූෂිත තත්වයේ මම මේ කියන්නේ අද ඊයේ වෛයි.දැන් සමහර අය නැහැ විශ්‍රාම ගිහින් සමහර අය මැරිලා.වලව ව්‍යාපාරය පිළිබදව මට හොද අවබෝධයක් තියෙනව.මම මහවැලි ඇමතිවරයා හැටියට කඩින් කඩ එක දිගට නොවෙයි අවුරුදු 17ක් දැන් වැඩ කරල තියෙනවා.මහවැලි ව්‍යාපාරය ආරම්බ උනාට පස්සේ මහවැලි ඇමතිවරයා හැටියට වැඩිම කාලයක් වැඩ කරල තියෙන්නේ මම.මා හිතවත් ගාමිනී දිසානායක මහතා අවුරුදු 11යි.

මම වැව් 70කට වැඩිය හැදුවා වලවේ කලාපයේ.පැරණි වැව්.අහිංසක දුප්පත් ගොවීන්ගේ කදුලු ඒ කදුලුත් එක්ක ගලන දහඩිය සුසුම් මේ සියල්ලත් එක්ක අහිංසක ගොවීන්ගේ සාක්කුවට බැහැල මහවැලි අධිකාරියේත් මහවැලි සේවකයින්ගේත් නම කැත කරන්න එපා.මේවා ඉතාමත්ම අවිනීතයි අශීලාචාරයි.කැතයි නින්දිතයි.

ලංකාවේ ඉඩම් අංශ ගත්තොත් හැම තැනම දූෂිතයි.පලාත් සභාවේද,ඉඩම් අමාත්‍යාංශයේද,මහවැලියේද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද,ඉඩම් අංශ අන්ත දූෂිතයි.මේක අද ඊයේ කාරණයක් නෙවෙයි.මේක ලේසි නැහැ හදන්න.දුප්පත් මිනිහ අහිංසක මිනිහ බය කරල රවට්ටල එක පැත්තකින් සල්ලි ගන්නවා,පෝසතිගෙන් ඒවගේම ඒකට සල්ලි ගන්නවා.මේක ලංකාවේ දූෂිත අංශ ගණනාවක් තුල ඉඩම් අංශය දූෂිත අංශයක්.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

14,430 Viewers

6 Comments to “ආන්ඩුවේම තීරණයකට විරුද්දව ජාතික ශෝක දිනයක් ප‍්‍රකාශ කරන බව ජනපති කියයි..”

  1. HENA says:

    baila witharai..rata kewa…
    asarthakama palaka joduwa… hitan & ra..nila

    karanna beri nam gerara pala..apata thawath duk nodi

    • sky says:

      ජනපතිතුමෙනි ,ඔබතුමාට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ඔයතරම් උවමනාවක් තිබේනම් කරුණාකර ඔබේ ගෙලට තොණ්ඩුව දාගෙන පෙන්වන්න …ඔබේ ආසාව ඔබම ඉටුකරගන්න රටට ආදර්ශයක් දෙන්න ..පුන්සදෙත් කැළලක් නැද්ද

  2. Buruputha says:

    Rate inna duppath janathavata yaka dunnath idam ganna. Aragena rata hadana Gotabayata chande denna. Anika mun me idam oppu denna munge budalen hariyta nikan denava vagene. Ai meva denna avurudu 5kma balagena unne. Kamak nehe mallila ona tharam idam denna. Idam janathavata chande apita (Pohottuvata)

  3. sunimal says:

    ISIS වහබි ත්‍රස්තවාදීන් මරණීය දණ්ඩනය ප්‍රථමයෙන් ලබා දී එල්ලා පෙන්වන්න

  4. gadol says:

    දින 100 න් රට පෝසත් කරන්නම් කියලා ආවේ දැන් කෙරුවාද කටින් බතල

  5. Nandasoma says:

    උසාවියෙන්ම ජනාධිපතිට පවරා ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ දිනය උසාවිය විසින්ම කල්දැමීම හරහා නීතිය විසින්ම නීතිය උල්ලංඝණය කොට ඇත…….!

Main News