ආන්ඩුව ඉදිරියට යන්න කිසිම බාධාවක් නෑ.. දෙමල සන්ධානය ආණ්ඩුවට සහතික කරයි..- විශේෂ මාධ්‍ය හමුවේදී හෙලි කරයි..

February 15, 2018 at 5:30 pm | lanka C news
ආන්ඩුව ඉදිරියට යන්න කිසිම බාධාවක් නෑ.. දෙමල සන්ධානය ආණ්ඩුවට සහතික කරයි..- විශේෂ මාධ්‍ය හමුවේදී හෙලි කරයි..

ජාතික ආණ්ඩුව ඉදිරියටත් යායුතුයි ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා ඉදිරිපත් වන්නේ නම් ඒ පිළිබද සලකා බලා තීන්දුවක් ගන්නා බවත් දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.

පළාත් පාලන ඡන්දය සහ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානයයේ විශේෂ සාකච්ඡාවක් යාපනය මාටිං විදීයේ පිහිටි ඉලංගයි  තමිල් අරසු කච්චි පක්ෂ මූලස්ථානයේදී පැවත්වීමෙන් පසුව මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සුමන්තිරන් මහතා මේ බව කියා සිටියේය.

එහිදී මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ,

‘ජාතික ප්‍රශ්නයට විසදුමක් ලැබෙන තෙක් රජයකට එකතු නොවීම දෙමල ජාතික සන්ධානයේ  ස්ථාවරය වුවත් වත්මන් දේශපාලන තත්වය ගැන සිතා තීන්දුවක් ගන්නා ගන්නපුලුවන්

විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරලා තියෙනවා ජාතික ආණ්ඩුව ඉදිරියට යෑම පිළිබදව කිසිදු ගැටලුවක් පේන්න නෑ කියලා.  මොකද  මෙම මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය අනුව එහෙම කියන්න පුළුවන්. ජාතික ආණ්ඩුව ඉදිරියට යා යුතුයි කියන එකයි අපේ මතය. නමුත් එහි වෙනස්කම් සිදුවිය හැකියි. එලෙස වෙනසක් ඇති වුණොත් විශේෂයෙන් විපක්ෂ නායකතුමාගෙන් සිංහල මාධ්‍යයන් ප්‍රශ්න කරලා තියෙනවා සහය දක්වනවාද කියලා. කවුරුන් හෝ එලෙස යෝජනාවක් ඉදිරිපත් කළොත් එය සලකා බලන්න කලින් තිරණයක් ප්‍රකාශ කිරීම වැරදියි.

අපේ ජාතික ප්‍රශ්නය විසඳුමක් ලැබෙන තාක්කාල් අපි රජයට එකතු වෙන්නේ නැහැ කියන එක අපේ අරමුණක්. නමුත් යෝජනාවක් ආවොත් අපි සලකා බලනවා. දකුණේ වෙනසක් සිදුවුණොත් එය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑදීමට බලපානවා. එවැනි අවස්ථාවකදී සියල්ල ඉවරයි කියලා අපට වහලා තියන්න බැහැ. අපි ඉදිරියටත් ඒකට උත්සාහ කරනවා. 2010  – 2015 රාජපක්ෂ ආණ්ඩු සමයේදී අප සාකච්ඡා කළා.  මෙය බාධකයක් වුවත් අපි ඒකට මුහුණ දෙනවා.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා මෙම නව මැතිවරණ ක්‍රමයේ ගැටලුවක් ඇති කරලා තියෙනවා. එබැවින් සභාවක බලය පිහිටුවීමට කිසියම් පක්ෂයකට බහුතර මන්ත්‍රීධුර හිමිවෙලා තියෙනවානම් එම පක්ෂය බලය  පිහිටුවීමට අනෙක් පක්ෂ විරුද්ධ නොවිය යුතුයි කියලා අපි ස්ථාවරයේ ඉන්නවා.

අපි ඒ සම්බන්ධයෙන් කිසිදු පක්ෂයක් එක්කවත් සාකච්ඡා කරලා නැහැ. නමුත් එම මතය පිළිගෙන මධ්‍යස්ථ මතධාරීන් විවිධ පක්ෂ සමග සාකච්ඡා කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් යාපනයේ පක්ෂ දෙකක් තමනුත් එම මතයේ ඉන්නවා කියලා තියෙනවා. මෙම මැතිවරණය ජයගත් සියලු සභිකයින් කුමන පක්ෂයේ හිටියත් ඔවුන් එම මතයේ වැඩ කරයි කියලා අපි හිතනවා’ යනුවෙනි.

65 views

10 Comments to “ආන්ඩුව ඉදිරියට යන්න කිසිම බාධාවක් නෑ.. දෙමල සන්ධානය ආණ්ඩුවට සහතික කරයි..- විශේෂ මාධ්‍ය හමුවේදී හෙලි කරයි..”

  1. ජනක says:

    ඔන්න කොටින්ට දොලපිදේනි දෙන unp එකට කදිම අවස්ථාවක් දැන් ඉතින් ඉන්දියාව ඇමරිකාව බටහිර ප්‍රජාව කියන විදියටම අලුත් වියවස්තාවක් ගෙනල්ලා රට බෙදන්න කොටින්ව රෙද්ද අස්සෙම දාගෙන කරන්න පුළුවන් .නියමයි සින්හලුනි unp යනු සිංහල විරෝදී පක්ෂයකි එසේම unp කොටි හවුලට සහය දෙන ශ්‍රීලංකා නිදහස් පක්ෂයද සිංහල විරෝදී පක්ෂයකි .

  2. Niru says:

    President will announce the following tomorrow
    1. Ranil will be asked resign
    2. Chatura Senanayake will appointed pm
    3. His father will be deputy prime minister and finance minister with special powers to overlook the central bank
    4. All involved in bond scam will be arrested including the three lawyers and the foot note gang.
    5. The two in custody will be state witness after they handover all money stolen
    6. Properties belonging to those arrested till all money recovered.

  3. කණිය says:

    ඔය සිද්ද වෙන්නේ ඇමරිකන් තානාපතියා ඉන්දියන් තානපතියා කියන විදියට සැලසුම .දැන් unp එකේ ඇමතිලා ඉල්ලා අස්වෙන්නේ කොටින්ට ඇමතිකම් දෙන්න එකට සිරිසේනගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂත් සහය දෙනවා අන්තිමේ මේ තුන්ගොල්ල එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවල රට බෙදනවා .

  4. votere says:

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව-ඕනේ එකක් බලගතු පළාත් සභා (මද්යම ආණ්ඩුවෙන් පාලනයක් නැති) නැතිව

  5. සිංහල බන්ඩා says:

    ටීඒන්එ් කියන්නෙ කොටි ප්‍රොක්සි. ෆෙඩරල් කියල උන් ඉල්ලන්නෙ කොන්-ෆෙඩරල්. රටට හෙන පාත් උනත් උන්ට ප්‍රශ්ණයක් නැහැ.

  6. Aceman says:

    ඔබ තුමන්ලාට තියන ජාතික ප්‍රශ්නය කරුනාකරල ටිකක් පැහිදිලි කරනවද??

    අර Maharaja, St Anthony’s, Ceylon Theatres වැනි කොම්පනි වල පාලකයන් වගෙ දුක් විදින දෙමල ජනතාව ගැන තියන ප්‍රශ්නයද??

    අනෙ බලන්න මෙ සින්හලයො කොච්චර ජාති වාදියොද කියල.

    පව් මෙයා…

  7. JOY says:

    BAN TNA TAMIL RACIST TERRORIST PARTY .
    .No one need terrorists as political leaders or political members in our Country ….

  8. D .Nimal says:

    Do not go against People verdicts by leaders of SLPP?
    Time still not yet ripe for political changes .
    An Evil forces are playing that role is the for front temporary , relatively and conditionally but Majority people are with SLPP leadership of MR.

  9. FORMULA says:

    ANTI SINHALESE FORMULA:

    CIA + RAW + JVP (Jipsees Vimukti Peramuna) + UNP + TNA + MC + NGO + JHU + SLFP ===><==== SLPP

  10. ඇත්ත says:

    ප්‍රේමදාස, සිරිමා, ඕසි අතර ජනාධිපති තරගයේ 2වන මනාපය ගැනීමට සිදු නොවීය. පාර්ලිමේන්තුව මගින් ඉදිරයේ නිර්මාණය කර ගන්නා සිංහල බෞද්ධ දොන් ජුවන් ධර්මපාල අගමැතිවරයා, පොහොට්ටු අපේක්ෂකයා සහ බෙදුම්වාදී පොදු අපේක්ෂකයා අතර 2020 ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්ද බෙදීමට සළස්වා බෙදුම්වාදී පොදු අපේක්ෂකයා 2වන මනාපයෙන් ජයගන්නා බව සිංහලයන්ට නොතේරේ….

Main News