ආන්ඩුව ලක්ෂ හතරක් රස්සා දුන් කතාව ටොං පච… ලක්ෂ 4.76ක් රස්ස නැති වෙලා.. මෙන්න මහ බැංකු වාර්තා..
November 3, 2017 at 10:00 am | lanka C news
2015 මුල වත්මන් රජය බලයට පැමිණි පසු මේ වන විට රැකියා 400,000 ක් බිහි කලේ යයි කියැවෙන ප්‍රකාශ මහ බැංකුවේ නිල වාර්තා අනුව අසත්‍ය බව හෙලිවන්නේ යයි ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
මහ බැංකු වාර්තාව අනුව 2014 දි මෙරට රැකියා ප්‍රමාණය 8,424,000ක් වී තිබූ බවත් 2016 මහ බැංකු වාර්තාවේ එය 7,948,000 දක්වා පහත වැටී ඇති බවත් පෙන්වා දෙන ඒ මහතා ඒ අනුව වත්මන් පාලනයේ මුල් දෙවසර තුල පමණක් රැකියා 476,000ක් අහිමි වී ඇති බවද කියා සිටී.
ඒසේම 2014දී රැකියා වියුක්තිය 4.3%ක් වූ අතර 2016දී එය 4.5% තෙක් ඉහල ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවේම සදහන් බවත් අලුතින් රැකියා උත්පාදනය වූයේ නම් එසේ විය නොහැකි බවද ඔහු සදහන් කරයි.
ආණ්ඩුවට එරෙහිව මහ බැංකුවේ කුමන්ත්‍රණයක් තිබේද, බොරු කියන්නේ මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද නැත්නම් ආණ්ඩුවේ ප්රධානීන්දැයි ඔහු වැඩි දුරටත් ප්‍රශ්න කරයි.
People are inncent
Rather ‘insane’