ආන්දෝලනාත්මක මුතුරාජවෙල ගැසට්ටුව වෙනස් කරයි..

November 10, 2021 at 8:40 am | lanka C news
ආන්දෝලනාත්මක මුතුරාජවෙල ගැසට්ටුව වෙනස් කරයි..

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත්‍රය මගින් හදුනාගෙන ඇති ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ එම ගැසට් පත්‍රයෙන් ඉවත් කර රක්ෂිතය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

අදාළ ගැසට් පත්‍රය පිළිබදව පවතින ගැටලු විසදීම සදහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ජාවක්ද කොළඹදී පැවැත්විණ.

මුතුරාජවෙල රක්ෂිතය සම්බන්ධව නිකුත් කර ඇති නව අති විශේෂ ගැසට් පත්‍රය හේතුවෙන් වත්තල, ජා ඇල, කටාන, මීගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වල පදිංචිව සිටින ජනතාවට බාධාවක් නොවන පරිදි මුතුරාජවෙල රක්ෂිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. එමනිසා එම ප්‍රදේශවල ආගමික නායකයින් මෙන්ම ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– Media Unit

40,123 views

5 Comments to “ආන්දෝලනාත්මක මුතුරාජවෙල ගැසට්ටුව වෙනස් කරයි..”

  1. සූර පප්පා says:

    ඔන්න දැං සිරි ලංකාව ලෝකෙං ම එක . මොකෙංද ? උත්තරේ :– ගැටස් — වෙනස් , 😎

  2. Rakitha says:

    Karannna gihilla thiyenne honda wadaka. Lanakwa diyunu karanna bari owa nisa thamai. Mulika hethuwa nugathkama

  3. 0.00069 BIYYO says:

    මුතුරාජවෙල අභය භූමියයට මුන් වැඩක් දෙන්න යන්නේ ජනතාව පෙළ ගැසිය යුතුයි. ඉවසුවා දැන් හොදටම ඇති.
    තමන් වැපුරූ දේ තමන්ට නෙලා ගන්නට සිදුවෙන බව මතකයේ තබාගෙන මින් ඉදිරියටවත් වටිනා කතිරය නිසිලෙස භාවිතා කොට මෙවැනි අමනයන් තමන්ගේ පාලකයන් ලෙස පත්කර නොගැනීම ඉටා ගන්න

  4. Dengu Nona says:

    Me Janaadhipathi unnahe karanne gaset da Gajet da monawada achchu gaha gaha cansel korana eka witharaa? Janaadhipathikama kiyanne me widihata nam ona gon pukayekuta koranna puluwan job ekak ne!!

  5. Felix says:

    Big Teledrama.

Main News