ආපදාවට පත් එක් පුද්ගලයෙකුට රජයෙන් වෙන්කරන මුදල රුපියල් සියයටත් අඩුයි..

May 29, 2017 at 8:40 am | lanka C news
ආපදාවට පත් එක් පුද්ගලයෙකුට රජයෙන් වෙන්කරන මුදල රුපියල් සියයටත් අඩුයි..

ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට වෙන් කරන ලද මුදලට වඩා වැඩි මුදලක් ආණ්ඩුව එක ඇමැතිවරයකුට සුඛෝපභෝගී වාහන මිල දී ගැනීමට වෙන් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුව සැමවිටම කල්පනා කරන්නේ ඇමැතිවරුන්ගේ සුඛවිහරණය ගැන මිස ජනතාව ගැන නොවන බව පැවසූ මන්ත්‍රීවරයා ජනතාව දුක්විඳින විට ඇමැතිවරුන් සැප විඳින බව කියමින් පසුගිය රජය සමයේ සිංහයන් මෙන් හැසිරුණු ඊනියා විද්වතුන් සහ සිවිල් සංවිධාන අද දෙකොන පූට්ටු වූ සුනඛයන් මෙන් නිහඬව සිටින බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ රණවිරු සංසදය විසින් සංවිධාන කරන ලද රණවිරු සැමරුම් උත්සවයට මිනුවන්ගොඩ රණවිරු ස්මාරකය අසළ දී එක්වෙමිනි.

ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අපේ රණවිරුවන් ත්‍රස්තවාදය පරාජය කරලා දැන් වසර අටක් ගෙවිලා ගිහින්. කාලය ගත වුණා කියලා කොටි ත්‍රස්තවාදය නිමා කිරීම සඳහා අපේ වීරෝදාර රණවිරුවන් කරපු පරිත්‍යාග අමතක කරන්න අපට පුළුවන්කමක් නැහැ. ඇස්, ඉස්, මස්, ලේ දන්දෙමින් රණවිරුවන කරපු ඒ මහා පරිත්‍යාගය නොවන්නට අපි තවමත් බෝම්බවලට බියෙන් ජීවත් වෙන ජාතියක්ව ඉන්නට තිබුණා.

අද උතුරෙත් දකුණෙත් ඇතැම් නායකයන් බඩපිනුම් ගහන්නේ මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් ඒ බිහිසුණු කොටි ත්‍රස්තවාදය පරාජය කරපු නිසයි. එදා ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනට සමච්චල් කරපු, බාධා කරපු අය වගේම ත්‍රස්තවාදියාට බියේ ඇඳ යට රිංගපු සමහරුනුත් අද මහා වීරයෝ වගේ ආණ්ඩුවේ මුල් පුටුවල වාඩි වෙලා ඉඳගෙන යුද්ධයේ ගෞරවය ලබා ගන්න උත්සාහ කරනවා.

නමුත් ජනතාව ඇත්ත මොකක්ද කියන එක දන්නවා. සිංහ වෙස් ගත්ත නරි කවුද කියන එක ජනතාවට අමුතුවෙන් කියාදෙන්න ඕනේ නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එක පවුලේ සහෝදරයන් වගේ ජීවත් වෙන එක නැති කරලා වෛරය වැපිරුවේ ප්‍රබාකරන් ඇතුළු ත්‍රස්තවාදිනුයි. මහින්ද මහත්තයා යුද්ධය නිමා කරලා මේ ජනතාවට ආයෙමත් එකට එක්ව ජීවත් වීමේ පරිසරය ගොඩනැගුවා.

අද ආණ්ඩුව සහජීවනය ගැන ලොකු ලොකු කතා කිව්වට මේ රටේ සහජීවනයට අඩිතාලම දැම්මේ මහින්ද මහත්තයයි. සහජීවනය කියන්නේ උතුරට එකක් දකුණට එකක් නොව රටටම එකක්  බව ආණ්ඩුව මතක තබා ගත යුතුයි. උතුරේ ජනතාවගෙ හිත් රිදෙනවා කියලා ආණ්ඩුව දකුණේ රණවිරු සැමරුම් නතර කළාට සහජීවනය ඇති වෙන්නේ නැහැ. දකුණේ ජනතාවගෙ හිත් රිදවලා සහජීවනය ගොඩනගන්න බැහැ.

ආණ්ඩුව විසින් ඇති කරන ව්‍යසනයන් වගේම ස්වභාවික ව්‍යසයන් අතිනුත් අද රටට අඩුවක් නැහැ. ආණ්ඩුවේ දුර්වලකම් නිසා ත්‍රස්තවාදය, පාතාලය, කුඩු ජාවාරම හිස ඔසවමින් ජනතාවට හිරිහැර කරන අතරම ගංවතුර, නියඟය, නායයාම් වගේ ස්වභාවික උවදුරු නිසාත් ජනතාවට විශාල වශයෙන් පීඩාවට පත් වෙලා තියෙනවා. ජනතාව අද ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ දෙපැත්තකින් පිඩාවට පත්වෙලා.

ගම්පහ, කොළඹ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක අද විශාල ගංවතුරකින් පීඩාවට පත්වෙලා. අපට දැන ගන්න තිබෙන ආකාරයට ලක්ෂ පහකට අධික ජනතාවක මේ නිසා විපතට පත් වෙලා තිබෙනවා. ජනතාව ගංවතුරේ ගිලෙමින් ඉන්නකොට ආණ්ඩුව මොකද කරන්නේ? විවිධ සාකච්ඡා තියමින්, මාධ්‍ය සන්දර්ශන කරමින් ජනතා දුක තමන්ගේ වාසියට යොදා ගන්න උත්සාහ කරනවා.

ලක්ෂ පහක් විපතට පත් වෙලා තියෙන කොට ආණ්ඩුව ඔවුන්ට සහන සලසන්න වෙන් කරලා තියෙන්නේ රුපියල් මිලියන 45යි. ලක්ෂ පහකට රුපියල් මිලියන 45යි කියන්නේ එක්කෙනකුට රුපියල් සීයකටත් අඩු ගාණක්. ලක්ෂ පහක ජනතාවකට රුපියල් මිලියන 45ක වෙන් කරන ආණ්ඩුව ව්‍යවස්ථාව සැකසීමේ කමිටුවේ සභාපතිවරයා කියන තනි පුද්ගලයට වාහනයක ගන්නත් රුපියල මිලියන 45ක් වෙන් කරන්න යනවා.

ඔය කියන සභාපතිවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට වාහනයක් ලැබිලා තියෙනවා. එහෙනම් මොකටද තව වාහන? මේ වාහන දෙන්නේ ආණ්ඩුවට ඕනේ විදියට රට පාවාදෙන ව්‍යවස්ථාවක හදන එකට දෙන තෑග්ගක් විදියට ද කියලා අපට අහන්න සිදුවෙනවා. දවසින් දවස විවිධ දේ කියමින් ආණ්ඩුව පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට දාලා සල්ලි වෙන් කරගන්නේ ජනතා සේවයට නෙමෙයි තමන්ගේ හෙංචයියන්ගේ මනදොළ සපුරන්නයි.

පසුගිය අවුරුදු දෙක ඇතුළත ආණ්ඩුව ඇමැතිවරුන්ට වාහන ගන්න පරිපූරක ඇස්තමේන්තු කීයක් දැම්මද? ඒ මුදල් අයවැයෙන් වෙන් නොකර පරිපූරක ඇස්තමේන්තුවලින් ඉල්ලන්නේ ආණ්ඩුවේ තියෙන කපටිකමටයි. අයවැයෙන් එකපාර දැම්මොත් ජනතාව කැළඹෙන නිසා සැරෙන් සැරේ දාලා සල්ලි වෙන් කරගන්නවා. මේ ආණ්ඩුව බලයට ගේන්න දත කාපු ඊනියා සිවිල් සංවිධානයි, බඩ ගැනම හිතන විද්වතුනුයි මේවා නොදැක්කා වගෙ ඉන්නවා.

ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න ආණ්ඩුව කිසිම සැලැස්මක් නැහැ. සහන සලසන්න තියා අඩුගාණේ ජනතාව මුහුණ දීලා ඉන්න විපතේ තරම ගැනවත් ආණ්ඩුවට අවබෝධයක් නැහැ. එහෙන් ජනාධිපති සාකච්ඡා තිය තියා යනවා. මෙහෙන් අගමැති සාකච්ඡා තිය තියා යනවා. ජනතාවට සාකච්ඡාවලින් වැඩක් නැහැ. ජනතාවට ඕනෙ සහන.

මම දැක්කා ජනාධිපතිවරයා කියනවා ගංවතුරෙන් විපතට පත් ගෙවල් ආණඩුව ගාණේ හදලා දෙනවා කියලා. ගංවතුරෙන් විනාශ වෙච්ච ගෙවල්වලටත් වෙන්නේ සාමස්සර කන්දේ, සාලාවේ, මීතොටමුල්ලේ ගෙවල්වලට වෙච්ච දේම තමයි. ඒ එක තැනකවත් තාම ගෙවල් හදලා නැතුව කොහොමද ගංවතුර බහින්නත් ඉස්සර මේවායේ ගෙවල් හදන්නේ. මෙ ආණ්ඩුව පහුගිය අවුරුදු දෙකේම ගෙවල හැදුවේ කටින් තමයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

14 views

4 Comments to “ආපදාවට පත් එක් පුද්ගලයෙකුට රජයෙන් වෙන්කරන මුදල රුපියල් සියයටත් අඩුයි..”

  1. බන්ඩය්යා says:

    ප්‍රසන්න කියන ‘ගංවතුරෙන් අනාථ වෙච්ච අයට ගෙවල් හදල දෙනව’ කියල සිරිසේන කියපු කතාව අද ලොව ප්‍රසිද්ධ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත් පතේ ප්‍රධාන පුවතකින් වාර්තා කරනවා. නමුත් ඒකෙ කියල නැහැ සිරිසේන අවුරැද්දකට කලින් ගෙවල් හදල දෙන්න පොරොන්දු උන සාලාවෙ අනාථයො තවම කොට උඩ කියල.

  2. KiriBanda says:

    ranawiruwan vikunam kana pus uura.

    • asaranaya says:

      කිරිබන්ඩෝ තොගේ පුස්සු ඌරු අම්මා බොල සනීපයෙන්ද,මයිතූන දෙවියෝ රැට වඩිනවා කිව්වයයි කියාපිය.

  3. Nandasoma says:

    ඉතින් මදිද…?

    වැඩිය දීල කොහොමද ඇමතිලට කාර් ගේන්නෙ??

Main News