ආපදාවෙන් මියගිය අයෙකුට වන්දිය ලක්‍ෂයයි.. මියගිය සියළු දෙනාට ලක්‍ෂ 194යි.. ඇමතියෙකුගේ එක් වාහනයක් පමණක් ලක්‍ෂ 400යි..

May 30, 2017 at 8:54 pm | lanka C news
ආපදාවෙන් මියගිය අයෙකුට වන්දිය ලක්‍ෂයයි.. මියගිය සියළු දෙනාට ලක්‍ෂ 194යි.. ඇමතියෙකුගේ එක් වාහනයක් පමණක් ලක්‍ෂ 400යි..

මෙරටට බලපා ඇති ආපදා තත්වය නිසා මරණයට පත් වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක වන්දියක් ලබා දීමට රජය තීරණය කර ඇත. සම්පූර්ණ නිවාස හානියක් සදහා ලබා දෙන වන්දිය උපරිමය රුපියල් ලක්‍ෂ 25කි.

ඇමති මහින්ද අමරවීර මහතා පසුගියදා කියා සිටියේ රුපියල් මිලියනයක වන්දියක් ආපදාවේදී වූ ජීවිත හානියක් සදහා ලබා දෙන බවයි. නමුත් කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න කියා සිටින්නේ එවන් යෝජනාවක් ජනාධිපතිවරයා විසින් කරනු ලැබුවද එය මෙතෙක් ක‍්‍රියාත්මක නොවන බවයි.

මේ තත්වය යටතේ ආපදාවෙන් මියගිය 194ක් වූ පුද්ගලයින් වෙනුවෙන් රජය විසින් ලබා දෙන මුදල ලක්‍ෂ 194කි.

කෙසේ වෙතත් එක් ඇමතිවරයෙක් වෙනුවෙන් ආනයනය කරනු ලබන එක් වාහනයක් පමණක් ලක්‍ෂ 400ක් පමණ වෙයි.

38 views
Main News