ආපදාවේදී පස් කදු කඩා වැටුනේ රාජපක්‍ෂ යුගයේ සංවර්ධනය නිසා.. වරද රාජපක්‍ෂගේ..- රතන හිමි

June 2, 2017 at 11:20 am | lanka C news
ආපදාවේදී පස් කදු කඩා වැටුනේ රාජපක්‍ෂ යුගයේ සංවර්ධනය නිසා.. වරද රාජපක්‍ෂගේ..- රතන හිමි

මෙවර ඇතිවූ ආපදා තත්වයෙන් වැඩිම බලපෑම ඇති වූයේ බුලත්සිංහල ප‍්‍රදේශයට බවත් රත්නපුර නිවිතිගල ප‍්‍රදේශවලටත් දැඩි හානි සිදු වූ බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියේ මෙම ආපදාවේදී ජල ගැලීම්වලට වඩා වැඩි පිරිසක් මිය ගියේ පස් කදු කඩා වැටීමෙන් බවයි.

මේ ආකාරයට කදු කඩා වැටුනේ පසුගිය වසර 10ක කාලයේදී සිදු වූ සංවර්ධනයයේ ප‍්‍රථිපලයක් ලෙස බවද උන් වහන්සේ සදහන් කලහ.

128 views
Main News