ආපදාව මැද ඉන්ධන අඛණ්ඩව බෙදා හැරීමට ඒකකයක්..

May 29, 2017 at 5:30 pm | lanka C news
ආපදාව මැද ඉන්ධන අඛණ්ඩව බෙදා  හැරීමට ඒකකයක්..

කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ප්‍රදේශවලට අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම සඳහා ආපදා කළමනාකරණ ඒකකයක් පිහිටුවීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගනී.

ඉන්ධන බෙදා හැරීමට බලපාන අවහිරතා හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබා දීමත්, අඛණ්ඩව ඉන්ධන බෙදා හැරීම සඳහා සියලු ආයතන සම්බන්ධීකරණය කිරීමත් මෙම ආපදා කළමනාකරණ ඒකකයේ මූලික අරමුණ වේ.

ඒ සම්බන්ධයෙන් අද (29) පැවැති සාකච්ඡාවේදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ අඛණ්ඩ ඉන්ධන සේවා සැපයුම සඳහා අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන එකට එක්ව කටයුතු කළ යුතු බවයි.

“හදිසි අවස්ථාවකදී සිත සිතා ඉන්න එපා. ගතයුතු පියවර ඉක්මනින්ම ගන්න. ඒවගේම ඉදිරියේදී ඇති විය හැකි නරකම තත්ත්වය හඳුනාගෙන ඊට මුහුණ දීමට අපි දැන්ම සූදානම් විය යුතුයි. එවැනි සූදානමක් නොමැති වුවහොත් අපේ ඉන්ධන බෙදා හැරීම අසාර්ථක වෙන්න පුළුවන්. මේ වන විටත් ඇතැම් ඉන්ධන පිරුවුම් හල්වලට ප්‍රවේශ වීමේ හැකියාව තවමත් ලැබී නැහැ. තවමත් ඉන්ධන පිරුම්හල් කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. කෙසේනමුත් විකල්ප මාර්ග සහ විකල්ප ක්‍ර‍ම යොදා ගනිමින් ආපදාවට පත් ප්‍රදේශවලට අඛණ්ඩව ඉන්ධන සැපයීමට මේ වන විට කටයුතු යොදා තිබෙනවා. එමෙන්ම ආපදාව නිසා අප අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනවල සේවකයින් හඳුනාගෙන ආයතනික මට්ටමින් ඔවුන්ට සහන සැලසීමටත් අපි කටයුතු කරනවා…” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී පැවසීය.

– තමීර මංජු

29 views

2 Comments to “ආපදාව මැද ඉන්ධන අඛණ්ඩව බෙදා හැරීමට ඒකකයක්..”

  1. kamalsirikuruwita says:

    සුදු සැරයටියක් වත් දෙමුද ? ලස්සන මුහුණ ඕනෑකමින් කැත කරගෙන වගේ පෙනෙන්නේ. කැප්ටන් කාලේ නියම සිංහල මුණ . අනේ මන්ද මේ මිනිස්සුන්ට මොනවා වෙලා ද කියල. පාප මිත්‍ර සේවනය කියල සමහරු කියනව . දේශපාලනේ නොකර හිටියනම් කොච්චර හොන්දවෙන්න තිබ්බද ?

  2. kolitha says:

    ආපදාවක් උනාම , ගංවතුර ගලල , නායගිහිල්ල , සුළිසුලන් ඇවිල්ල , හතරවටේ කචල් උනාම මිනිස්සුන්ට ඉස්සෙල්ලම වුවමනා වෙන්නේ තෙල් , එතකොට හැමෝගෙම ගෙවල්වල ගාල් කරල තියෙන හෙලිකොප්ටර් ටික උස්සන්න පුළුවන් , අඩුම ගානේ බයිසිකලයක් පැදගන්න බැරි උනත් හදිසි වැඩටික කරගන්න පුළුවන් .ඩිජිටල් ඇමැතිටත් ඔයවගේ දෙයක් හිතුනොත් කැඩුන කුළුණු ටික වාහාම කෙලින් කරල දුන්නොත් SMS වලින්ම ආදාර බෙදාදෙන්නත් පුළුවන් .මුදල් ඇමති බැංකු මැෂින් ටිකකුත් ඔය එක්කම හයි කරනවානම් සල්ලි ගන්නත් පහසුයි .එළ හරක් භාර ඇමති කිරි වැස්සියෝ හතර පස් දෙනෙක් එවයි පොඩි ළමයින්ගේ කිරි පිටි ප්‍රශ්නෙත් ඉවර වෙනව .

Main News