ආපදා අස්සේ හම්බන්තොට වරාය ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි…
June 2, 2017 at 3:50 pm | lanka C news
රටේ විශාල ආපදා තත්ත්වය ප්‍රකාශකොට ඇති අවස්ථාවක ජනතාවගේ අවදානය සම්පූර්ණයෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් යොමු වී තිබෙන මොහොතක වරාය සංවර්ධන නව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් පරිදි හම්බන්තොට වරාය චින සමාගමට පැවරීමට අවශ්‍ය කටයුතු ලහි ලහියේ සිදු වන බවත් බොහෝ දුරට අවශ්‍ය ගිවිසුම් පිලියෙල කොට අත්සන් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.
මෙම ගිවිසුම් සම්බන්ධව හිටපු වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙනස් ස්ථාවරයක සිටිමින් කටයුතු කල අතර ඔහුගෙන් අමාත්‍යාංශය ඉවත් කරනතුරු අවම වශයෙන් ඔහුට දේශපාලන නායකත්වය විසින් සුලු ඉඟියක් හෝ නොකළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.