ආපදා කළමනාකරණය සඳහා වූ ආසියානු බලකායක්….

July 15, 2018 at 2:05 am | lanka C news
ආපදා කළමනාකරණය සඳහා වූ ආසියානු බලකායක්….

ආපදා කළමනාකරණය සඳහා වූ ආසියානු බලකායක් පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු කලාපීය ආපදා කළමනාකරණ සමුළුව ඒකමතිකව අනුමැතිය ලබා දී තිබේ.

මොංගෝලියාවේ උලම්බටාර් අගනුවරදී දින 4 ක් පුරා පැවැති එම සමුළුව පසුගියදා නිමාවට පත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සමුළුව නියෝජනය කළේ වාරිමාර්ග, ජල කලමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාය.

ඒ අනුව අදාල ආසියානු බලකාය Asian Emergency Responce Task Force ලෙස පිහිටුවීමට යෝජනා කර ඇත. ආපදා ඇතිවීම හා දේශගුණික විපර්යාස සමස්ථ ආසියානු කලාපයටම පොදු වූ බරපතල ගැටළුවක් බවත්, එම තත්ත්වයන්ට ආසියාවේ රටවල් වෙන් වෙන් වශයෙන් මුහුණ දීමට වඩා සියළු රටවල් එක්ව සහයෝගයෙන් ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බවත් සමුළුවේදී පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා තිබේ.

එබැවින් ඒ වෙනුවෙන් ආසියාවට පමණක් වෙන්වූ විශේෂ බලකායක් පිහිටුවිය යුතු බවටද අමාත්‍යවරයා විසින් යොජනා කර තිබුණි.

මෙම සමුළුවේදී ඉදිරිපත් වූ වැදගත්ම යෝජනාවක් ලෙසද මෙය යෝජනාව ඇගයීමට ලක්ව තිබේ.

– ජයකාන්ත ලියනගේ

1,132 Viewers

5 Comments to “ආපදා කළමනාකරණය සඳහා වූ ආසියානු බලකායක්….”

  1. පුතාව දාමු ඒකේ සභාපති හැටියට.ඕනෑනම් නිලරථය වෙනුවට ප්ලේන් එකක්ම දෙමු.ෆ්‍රී රජය ගානේ පයිලට් ලයිෂන් එකකුත් අරන් දෙමු රන් කඳට. ප්ලේන් ඵක ඒ තානාන්තරේට දෙන නිළරථය බවට අමාත්‍යංශ ලේකම්ගෙන් ලිඛිත අවසරයක් ලබාගන්න පුළුවන්. තව තිබහට බොන්න රත්තරන් පුතාට ප්ලේන් එකේ පිටිපස්ස පැත්ත පිරෙන්නම වොඩ්කා බෝතල් වලට වතුර පුරවලා තියමු.ප්‍රදේශයේ සභාපතිලා දෙතුන් දෙනෙක්ව බලකායේ තනතුරැ වලට පත් කරලා රෑට රෑට තාත්තා නියෝජනය කරන්න ආසියාවේ හෝටල් වලට යවන්න උනත් පුළුවන් වේවි.ඒවාට ගිහිල්ලා පාන්ඳර ජාමේ ප්ලේන් එකේම ආපහු එනකොට කොහේ හප්පගත්තත් අපටවත් මහජනතාවටවත් එච්චරම ප්‍රශ්නයක් වෙන එකක් නැතිවෙයි.මොංගෝලියා පැත්තෙන්ම ඒවා විසඳගන්න පුළුවන් වේවිනේ හැබෑටම.

  2. one shot N gon shot says:

    බැරි වෙයිද මේ පුතයව මොංගෝලියාවෙ නවත්වන්න​.කොහොමත් පොර මොංගල්නෙ?

  3. Damma says:

    The” Ballige Putha” of the Po Palitha Range Bandara.

  4. මෑන් ඕකේ මොනව කිව්වද මන්දා.ආපදා කරන උන් අල්ලලා අඬු කඩලා මාංචු දාලා කකුල් දෙකෙන් එල්ලලා ගම්මිරිස් කුඩු දාලා පුතාට කියලා වාහනේකින් හප්පලා ධර්ම චක්කරේ දාලා වනජීවි නිළධාරින්ට ගමේ උන්ට කියලා ගුටි අන්නනවා වගේ ගහනවා කියලා කියන්න ඇති.වෙන මොනවද ඉතිං ජාත්‍යන්තර සමුළුවකට ගිහින් කියන්න දන්නේ.

  5. puttalam donkey says:

    දැන ගනියව්,වොඩ්ක වතුර කරපු මට ඕක කජ්ජක්ද​?

Main News