ආබාධිත රණවිරුවන්ට කදුළු ගෑස්, අධිපීඩන ජලය ගහන්න වුනේ විපක්‍ෂයේ කුමන්ත‍්‍රණයක් නිසා – ජනාධිපති මාධ්‍ය අංශය

November 8, 2016 at 4:40 pm | lanka C news
ආබාධිත රණවිරුවන්ට කදුළු ගෑස්, අධිපීඩන ජලය ගහන්න වුනේ විපක්‍ෂයේ කුමන්ත‍්‍රණයක් නිසා – ජනාධිපති මාධ්‍ය අංශය

විරෝධතාවයක යෙදුනු ආබාධිත රණවිරුවන්ට ඊයේ දිනයේ එල්ල වූ කදුළු ගෑස් හා අධි පීඩන ජල ප‍්‍රහාරයන්ට හේතුව වී ඇත්තේ රජය අපහසුතාවයට පත් කිරීම හා රණවිරුවන් සහ රජය අතර බෙදීමක් ඇති කිරීමටත් විපක්‍ෂය විසින් කළ කුමන්ත‍්‍රණයක් යයි රජය පවසයි.

මේ බව පවසමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ජනාධිපති කාර්යාලය අසලට පැමිණි අහිංසක ආබාධිත රණවිරුවන් තමන් මෙහෙය වූයේ කවුදැයි ඔවුන්වත් නොදන්නා බව පැහැදිලි අතර, ගැටලුව නිරාකරණයට සියලු අවශ්‍යතා සම්පූර්ණ කර තිබියදීත් මෙවන් තත්ත්වයක් උදාකිරීම තුළින්ම, මෙය හුදෙක් ආණ්ඩු විරෝධී කණ්ඩායමක උත්සාහයක් බව පෙනී යයි.

මෙම ඉල්ලීම් ලබාදීමට විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණේ මීට මාස හතරකට (04) පෙරයි. එම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර භාණ්ඩාගාරයෙන් තීන්දුවක් ලබාගෙන එය ආරක්ෂක අමාත්‍යාංශයට ද දැනුම් දී තිබුණි.

ඒ අනුව ජනාධිපතිතුමාගේ සෘජු මැදිහත්වීම මීට ලැබී තිබුණද, ඊයේ(07) දීර්ඝ කාලයක සිට රජයට විරුද්ධ දේශපාලන සංවිධානවල කටයුතු කරන භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකු හා පිටස්තර පිරිසකගේ මැදිහත්වීම මත ඇති කළ මෙම කලහකාරී සිදුවීම දේශපාලන අවශ්‍යතාවයක් බව ඉතා පැහැදිලිය.

මෙම කලහකාරී හැසිරීම සිදුකෙරුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති කාර්යාලයේ නියෝජිතයන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ බලවේගයේ නියෝජිතයන් පස් දෙනෙකු සමග ආරක්ෂක අමාත්‍යාංශය තුළ සාකච්ඡාවක් පවත්වමින් තිබියදීය.

මෙම සේවා විශ‍්‍රාම වැටුප වසර 12 කට අඩු කාලයක් සේවයේ නියුතු ආබාධිත රණවිරුවන් වෙත ලබාදීම සන්නද්ධ හමුදා විශ‍්‍රාම වැටුප් හා පාරිතෝෂිත ව්‍යවස්ථා සංග‍්‍රහයේ ප‍්‍රතිපාදනවලට පටහැනි වුවත් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි එම සියලු නීති රෙගුලාසි සංශෝධනය කරමින් සේවා විශ‍්‍රාම වැටුප මෙම රණවිරුවන්ට ද ලබාදීමට තීරණය කර තිබිණි.

ජනධිපති කර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් උද්ඝෝෂණය කළ අවස්ථාවේ ජනාධිපති කාර්යාලය තුළ විදෙස් නියෝජිතයින් පිරිසක් විශේෂ සාකච්ඡාවක ද නිරතව සිටි අතර ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් දැඩි අපහසුතාවයට පත් කරමින් කාර්යාල පරිශ‍්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවීමට කළ උත්සාහය පාලනය කිරීමට කටයුතු කරන ලදී.

විශ‍්‍රාමික රණවිරුවන්ගේ ඉල්ලීම් මුල් කොට ගනිමින් රජය අපහසුතාවයට පත් වන ආකාරයේ ගැටුමක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය කුමන්ත‍්‍රණකාරීන් පිරිසකට අවශ්‍යව තිබූ බවත් පසුගිය දින කිහිපය පුරාම ඒ සඳහා උත්සාහ ගත්ත ද පොලීසිය හා ආරක්ෂක අංශ එය අවබෝධ කොට ගෙන ක‍්‍රියා කර ඇති බවත් තහවුරු වී තිබේ.

ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට දැනට ලබාදෙන වැටුප් හා දීමනා, දුබලතා දීමනාවට අමතරව අපේක්ෂිත සේවා විශ‍්‍රාම වැටුප ගෙවනු ලබන බවට ආරක්ෂක අමාත්‍යාංශය 2016 නොවැම්බර් මස 06 වන දින විශේෂ මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබුණි.

– ජනාධිපති මාධ්‍ය අංශය

15 views

12 Comments to “ආබාධිත රණවිරුවන්ට කදුළු ගෑස්, අධිපීඩන ජලය ගහන්න වුනේ විපක්‍ෂයේ කුමන්ත‍්‍රණයක් නිසා – ජනාධිපති මාධ්‍ය අංශය”

  1. MP says:

    Is this Defense Ministry working on Sundays? What a joke explanation given by the President Media Unit about whole incident.

  2. DIGA JANTHU says:

    OYA Boru epa “ehenam “ranaviruwange visrama wetupa nodunne —vipaksaya kiyala wenna ethi thopi yahapanaya” ——-okkoma pal horui boruwai vitharai ————-yahapalanayae visil vitharai balti netha————–hema ekama kage hari pita patawala shep wenna tama hadanne ———kohamath LOLI POP KARAYANGE HETI OHOMA TAMA

  3. daham says:

    madhya nivedanaya roll karala gahaganiyawu…..
    me gon hatthata dana ganne one likhithawa e ayata danum denna rajaye theeranaya.
    maadhya nivedana kiyana pada show piliganna modayo me rate naha.

  4. kamasiri Kuruwita says:

    ඔවු , ඔවු , අපි බබාලානේ .

  5. Champa says:

    කට වහගෙන හිටපියව්. මෙච්චර දවස් ඉඳලා දැන්ද කතා කරන්නේ? මේකට විසඳුම දෙන්න තිබ්බේ පලවෙනි දවසේමයි. ආබාධිත රණවිරුවන්ව මෙච්චර දවස් නොසලකා හැරලා, ඊට පස්සේ අමානුෂික තිරිසන් විදියට ඒ මිනිස්සුන්ට ගස්සලා දැන්ද කතා කරන්නේ?

    මේ මිනිස්සු මොකොටද පෙබරවාරි වෙනකම් ඉන්නේ? ඇයි ඇමතිවරුන්ට වාහන, නොයෙකුත් දීමනා දුන්නේ ඒ වෙලාවෙම. ඒවාට තිබුන සල්ලි ඇයි අබාධිත රණවිරුවා වෙනුවෙන් තිබුනේ නැත්තේ?

    වෙන Vote එකක තියෙන සල්ලි අරන් මේ ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප ගෙවන්න හොඳටම පුළුවන් කම තියෙද්දිත් එහෙම කලේ නැත්තේ රණවිරුවන්ගෙන් පලි ගන්න ඕනේ නිසා.

    රණවිරුවෝ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න මේ රටේ හැමෝටම අයිතියක් තියෙනවා. ඒකට කාගේවත් අවසරයක් ඕනේ නැහැ.

    අබාධිත රණවිරුවන්ගේ අතිශය සාධාරණ ඉල්ලීම වෙනුවෙන් ඉදිරියට ආපු දේශපාලන නායකයන්ටත්, අනිත් හැමෝටමත්, සංවිධාන වලටත්, පුවත්පත් කතුවැකි ලියූ කර්තෘවරුන්ටත් මුළු රටේම ගෞරවය හිමි වෙනවා.

    ජනාධිපති කාර්යාලයට අමාරු වෙලා තියෙන්නේ තුවාල වෙච්ච රණවිරුවෝ ගැන නෙමෙයි, මේක ඔතන හිටපු විදේශිකයෝ ටික දෙනෙක් දැකපු එකටනේ. බලා ඉන්න. අපි ආණ්ඩුවේ වෙස් මුහුණ ගලවලා අවුරුදු දෙකක් තිස්සේ රණවිරු දඩයම කරන යහපාලන ආණ්ඩුවේ සැබෑ මුහුණ ළඟදීම ලෝකෙටම පෙන්වනවා.

    • OLU says:

      Champa— ඔබේ අදහස් වලට අපි ගරු කරනවා .ඔබට අපේ ප්‍රණාමය
      දැන් අපේ රට ජාතිය ආගම බේරාගැනීමට අවශ්‍ය ඔබ වැනි දේශහිතෙෂි සිංහල බෞද්ධයන් ය
      බොදු බල සේනා ..රාවනා බලය ඇතුළු සියලුම බෞද්ධ සංවිධාන ..සිංහල දේශහිතෙෂි සංවිධාන ..අපේ රටේ ජනතාව මේ අකටයුතු ක්‍රියාවලට විරුද්ධව පාරට බැසිය යුතුයි ..බලා සිටීමට කාලයක් නැත …ජනතාව පත් කල රෙජීමයෙන් රට ජාතියට රටේ ආරක්ෂක හමුදාවට සිදුවන්නේ අනතුරක් නම් එම රෙජීමය පන්නා දැමීම ජනතාවගේ වගකීමයි යුතුකමයි අපේ ත්‍රිවිඩ හමුදාපති වරු නිහඩ මන්ද ? මේ රෙජීමය අපේ රටට අනතුරක් ඔවුන්ගෙන් රට ජාතිය ආරක්ෂා කිරීම ත්‍රිවිඩ හමුදාවේ කාර්යයි ඇයි බලා සිටින්නේ ? රටේ ආරක්ෂක හමුදාවක් තිබෙන්නේ ඒ රට සහ ජාතිය ආරක්ෂා කිරීමටයි අවුරුදු කීපයකට බලයට පැමිණි මේ යහපාලන නරුමයින් රැකීමට නොවේ …
      ත්‍රිවිඩ හමුදාවල සිටින රණවිරුවනේ මේ යහපාලන රෙජීමය ඉවත්කිරීමට දැන්වත් කටයුතු කරනු
      සිංහල බෞද්ධයෙනි සමගි එක්වෙයව් …අපේ රණවිරුවන් වෙනුවෙන් පාරට බසිව්….
      මේ යමපාලනය ඉවත්වෙන තුරු උද්ගෝෂණය කරව්
      මේ අපේ මාතෘ භුමිය ….රටේ ආරක්ෂක හමුදාවලට කරන මේ අපකීර්තිය අසාධාරණ ඉදිරියේ සියලු දෙනාම එක්වී වත්මන් රෙජිමයට විරුද්ධව කටයුතු කල යුතුයි ..ආරක්ෂක හමුදා මේ රෙජිමයට විරුද්ධව ඉදිරියට එන ලෙස ඉල්ලමි

    • aruna says:

      udde iwara une 2009 withara me deta giya anduwa wagema me anduwath waga kiyanda one champa

      • Champa says:

        No that is not true. Nobody can put the blame, even a part of it, to the previous government. They delivered what they promised to the best satisfaction of the eople of this country. Unlike UNP governments, UPFA governmeknt has kdone more than enooo nugh great service to the country.

        Wimal said there was a Cabinet Decision taken in this regard in the latter part of 2014 (in November to my mind).

        This government had nearly 2 years to implement it.
        Despite constant reminnders, they avoided it deliberately because they were on a “revenge spree” againt our Tri Forces. There is no way we tolerate it any further. ENOUGH IS ENOUGH.

    • Amda says:

      well said!!!!

  6. aruna says:

    udde iwara une 2009 withara me deta giya anduwa wagema me anduwath waga kiyanda one

  7. සරණ says:

    Thanks champa කතාව ට

  8. sam says:

    what an idiotic explanation do they think that the people are hoodwinked. People will never ever forget they would be taught a lesson they will never forget in a hurry

Main News