ආබාධිත රණවිරුවන්ට ගැහුවේ වසලයින්.. මොලේ අමාරුකාරයින්.. – ගැටඹේ හිමි සැරටම කියති..

November 9, 2016 at 3:50 pm | lanka C news
ආබාධිත රණවිරුවන්ට ගැහුවේ වසලයින්.. මොලේ අමාරුකාරයින්.. – ගැටඹේ හිමි සැරටම කියති..

ආබාධිත රණවිරුවන් ඉලක්ක කරමින් එල්ල කරනු ලැබූ කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරය මොළයේ ආබාධිතයන්ගේ ක‍්‍රියාවක් බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.

මේ බව සදහන් කරමින් එහිමියන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

‘ජීවත්වීමේ අයිතිය ඉල්ලා සාමකාමී උපවාසයක නිරතව සිටි ආබාධිත රණවිරුවන්ට සිදු කළ මිලේච්ඡු පහර දීම ඉතිහාසයේ සනිටුහන් කළ යුතු නින්දිතම ක‍්‍රියාවකි.

තිස් වසරක කුරිරු යුද්ධයට තම දිවි කැපකොට අගපසග අහිමි කරගත් රණවිරුවන් දෙස මේ රටේ දේශපේ‍්‍රමීන් බලා සිටියේ රජය දැන් දැන් ඔවුන් වෙනුවෙන් පෙනී සිට ඔවුන්ගේ දැවෙන ප‍්‍රශ්නයට පිළිතුරු සපයනු දැකීමටයි.

දින ගණනක් මහ මග වැතිර උපවාස කරමින් සිටි ඔවුන් අපේක්ෂා කළේ ද ‘අපි ආබාධිතයි.අපි ආබාධිත වුණේ රට වෙනුවෙනුයි.එබැවින් අප සොයා අවුත් අපේ ප‍්‍රශ්න විස`දා දීමට බලධාරීන් කටයුතු කරනු ඇති’බවටය.

ලෝක සම්මත නීතිය හා සදාචාරය අනුව ආබාධිතයෙක් පහර දුන්නත් එබන්දෙනකුට පෙරළා පහර දීම වසල ක‍්‍රියාවක් ලෙස පිළිගෙන ඇත.

යුද්ධයෙන් ආබාධිත අයට චක‍්‍රලේක සහ ක‍්‍රමවේද නොසලකා තීරණ ගැනීමේ හැකියාව විධායකයට ඇති බව අපි දනිමු.එහෙත් රටේ ප‍්‍රශ්න පුවත් පතකින් දකින තුරු සිටින නායකයින් ඇති රටක මෙවන් දේ සිදුවීම වැළකිය නොහැකිය.එය රටේ අභාග්‍යයකි.රට බේරා ගැනීමට ක‍්‍රියා කිරීම පාපයක් කොට සලකන දේශයක් තුළ ජීවත් වීමට ලැබීම අවාසනාවකි.

මේ රණවිරුවන් ආබාධිත වුණේ රට කරන අයටත් අප සියල්ලන්ටත් ආරක්ෂාව සැලසීමට ක‍්‍රියා කළ නිසයි.එබ`දු අයට පහර දුන් අයත්,පහර දීමට අණ දුන් අයත් බරපතළ මොළේ ආබාධිතයන් විය යුතුමය.

183 views
Main News