ආබාධිත රණවිරුවන් ඖෂධ හිගමනේ.. හමුදා රෝහලේ බෙහෙත් නෑ..
November 7, 2017 at 3:50 pm | lanka C news
පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක පර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
රණවිරුවන් ආබාධිත වුණේ දැඟලිල්ල වැඩි නිසා නොවේ. හොරකම් මැරකම් කරන්න ගිහින් නොවේ. තමන්ගේ ජීවිතය අවදානමට ලක් කරලා අපේ ජීවිත රකින්න ගිය නිසායි. ඒ නිසා රණවිරුවන්ට නිසි ප්‍රතිකාර ලැබෙන බවට වග බලා ගැනීම මේ පොලව මත ජීවිත රැක ගත් සෑම පුද්ගලයෙකුගේම වගකීමක්. හැමෝම වෙනුවෙන් ඒ වගකීම ඉටු කළ යුත්තේ ආණ්ඩුව. නමුත් අවාසනාවට අද ඒ වගකීම ඉටු වෙන්නේ නෑ.
පසුගිය සති කීපයේම ආබාධිත රණවිරුවන් අපව අමතලා කිව්වා හමුදා රෝහලේ දැවැන්ත ඖෂධ හිගයක් ඇතිවෙලා තියෙනවා. හමුදා රෝහලට ආබාධිත රණවිරුන් ගියාම ඔවුන්ට අවශ්‍ය බෙහෙත් වර්ග එතැන නෑ. බොහෝ දවස්වල බෙහෙත් තුණ්ඩුව දීලා දින 10කින් 14කින් එන්න කියලා යවනවා. නැවත පැමිණි විට තවම බෙහෙත් ඇවිත් නෑ කියා දැනුම් දෙනවා. ආබාධිත රණවිරුවන්ට ඇති බොහෝ ආබාධ සදාකාලික ආබාධ. ජීවිත කාලය පුරා ඖෂධ ලබාගත යුතු ආබාධ. මේ සදහා විශාල මුදලක් වැය වෙනවා. නමුත් ඒ සදහා විශේෂ දීමනාවක් ඔවුන්ට ලැබෙන්නේ නෑ. ඒ නිසා පෞද්ගලික ඔසුහල් වලින් අධික මිලට බෙහෙත් මිළ දී ගන්න රණවිරුවන්ට සිදු වී තිබෙනවා. බෙහෙත් සිඟන්න රණවිරුවන් කියන්නේ යාචකයින් නොවේ.
අද රණවිරුවන් හිරේ දානවා. මිනීමරුවන් යැයි අපහාස කරනවා. පහර දෙනවා. ඒ සියල්ල මැද ආබාධිත රණවිරුවන්ට ප්‍රතිකාර ගැනීමට ඇති අයිතිය පවා මේ ආණ්ඩුව රණවිරුවන්ගෙන් උදුරාගෙන තියෙනවා. ඒ නිසා රණවිරුවන් මුහුණ දී ඇති මෙම දුක්ඛිත තත්වය පිළිබඳ සේනාධිනායක ලෙස රටේ ජනාධිපතිගේ අවධානය යොමු විය යුතුයි.
– අරවින්ද අතුකෝරල
අනේ ඉතින් අපි මැරිලා ඉපදුනේ නෑ ..යුද්දයක් කරපු හැටි අමතක කරන්න,,
මේ මිනිස්සු ඉදිරිපත්වෙලා මේක ඉවර කරපු හින්දා අපි හොදින් ..බය නැතව ඉන්නවා.. අපේ වගකීම මේ අය රැකගැනීම..
මේ මුසල ගොන් පාලනයට හෙන හතම ගහපන්.!!