ආබාධ සහිත අයට මැහුම් පුහුණුවක්…

January 29, 2017 at 2:10 am | lanka C news
ආබාධ සහිත අයට මැහුම් පුහුණුවක්…

නොමිලේ මැහුම් පුහුණුවක් ලබා දීම සඳහා වයස 15 ත් 35 ත් අතර ආබාධ සහිත වූ ගැහුණු හා පිරිමි පුද්ගලයන් කැළණිය වරාගොඩ පිහිටි ආබාධ සහිත වුවන්ගේ පාසලට ( SERD ) බඳවා ගනී.

බඳවා ගන්නා සියළු අයට නැටුම් හා ක්‍රීඩා පුහුණුව ද ලබා දිය හැකි බව SERD පාසලේ විදුහල්පතිනිය වන ලසන්තා ශ්‍රියාකාන්ති මහත්මිය පවසයි.

මෙම මැහුම් පුහුණුව ලබා ගැනීමට කැමැති අය වෙතොත් 0773339231 ඔස්සේ ලසන්තා මහත්මිය අමතා පාසලට ඇතුලත් වන ලෙස ඇය ආබාධ සහිත වූ පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටී.

– සංජය දසනායක

11 views
Main News