ආබාධ සහිත වුවන්ට ජාත්‍යන්තර ක්‍රීඩා වරම්….
November 5, 2016 at 2:06 am | lanka C news
වයස 14 න් ඉහල වයස් කාණ්ඩයේ කායික ආබාධ, දෘෂ්‍යාබාධ,සෙමෙන් මනස වර්ධනය වන වැනි විවිධ ආබාධ සහිත දරු දැරියන් පිහිණුම්, දුනු ශිල්පය, බර ඉසිලීම හා මලල ක්‍රීඩා තරඟ ඉසව් වලට පුහුණු කිරීම සඳහා ජාතික පැරාලිම්පික් කමිටුව ක්‍රීඩාවට කැමති ආබාධ සහිත වූ අය සොයයි.
එවැනි අය වෙතොත් ක්‍රීඩා ඉසව් වලදී ජාත්‍යන්තර තරඟ නියෝජනය කිරීමට ඉහල ඉඩ ප්‍රස්ථාවක් හිමිවන බව ජාතික පැරා කමිටුවේ ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනී නාලිනී රණසිංහ මෙනවිය පවසන අතර ක්‍රීඩා පුහුණුවට කැමැති එවැනි අය වෙතොත් 0786975576 හෝ 0702522127 අමතන මෙන් ඇය ඉල්ලා සිටී.
– සංජය දසනායක