ආයතන ගොඩගන්න කැබිනට් ඇමතිලා මදි.. තව පත් කලාම ගොඩ දාන්න පුළුවන්…

September 9, 2022 at 10:00 am | lanka C news
ආයතන ගොඩගන්න කැබිනට් ඇමතිලා මදි.. තව පත් කලාම ගොඩ දාන්න පුළුවන්…

දැනට කැබිනට් අමාත්‍යවරු පත් කර සිටින්නේ විසි දෙනෙකු පමණක් බවත් එම ප්‍රමාණයත් සමග ආයතන පවත්වාගෙන යාමට අපහසු බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ නාගරික සංවර්ධන, නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

උදාහරණයක් ලෙස තම අමාත්‍යාංශයේම ආයතන 35 ක් ඇති බවත් ඒවායේ තනිව වැඩ කරන්නට අපහසු බවත් හෙතෙම පෙන්වා දෙයි.

නමුත් රාජ්‍ය අමාත්‍ය පත්කළ පසු ඔවුන්ට ඒ ආයතන ගැන සොයා බැලීමට පවරා දිය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

එනිසා එම ආයතන තත්ත්වය ඉහළට ගත හැකි බවත් ඒ නිසා අලුතින් රාජ්‍ය අමාත්‍යවරු පත්කර ඇති බවත් පැවසූ ඔහු පත් කරන ලද රාජ්‍ය අමාත්‍ය කටයුතු කරන්නේ කිසිදු වරප්‍රසාදයක් නැතිව බවද සදහන් කලේය.

පසුගිය යහපාලන ආණ්ඩුව ඇමති වරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් 88 දෙනෙකු පත්කර තිබූ බවත් ඒ සියලුදෙනාටම අමාත්‍යවරුන්ට හිමි වරප්‍රසාද ලබා දුන් බවත් පැවසූ ඔහු ඊට අමතරව අධීක්ෂණ මන්ත්‍රීවරු ලෙස කණ්ඩායමක් පත්කර ඔවුන්ට ද මසකට රුපියල් ලක්ෂ 6ක් වැනි මුදලක් ලබාදුන් බවද පෙන්වා දුන්නේය.

18,841 views

16 Comments to “ආයතන ගොඩගන්න කැබිනට් ඇමතිලා මදි.. තව පත් කලාම ගොඩ දාන්න පුළුවන්…”

  1. චානක says:

    මූට අමතක වෙලා ඒ යහපාලන රජයේ අගමැති තමයි මුගේ ජනාධිපති කියලා

  2. Athula says:

    මුන් වගේ තක්කඩින්ව පාර්ලිමේන්තු යවපු උන්ගෙ වලටත් හෙන ගහන්න ඕනේ

  3. Mahi says:

    ඉතින් තව 30 ක්‌ 40ක්‌ පත් කර ගනින්කෝ, කියකිය ඉන්න දෙයක් නෑ.

  4. Peduru says:

    . 1972 කලින් ඔය ඇමතිවරුන්ට පාලන බලය නොතිබුන නිසාත් රට පාලනය කලේ කොමිෂන් සභා මගින් නිසාත් රටේ දූෂණ සිද්ධ නොවී රට ඉදිරියට ගියේ. ඒ කාලයේ දේශපාලකයන්ට වරධාන තිබුණේ නැත.ඒ තැනට ආපසු යන තෙක් රට දියුණු වන්නේ නැත.

  5. Lalla says:

    ඇමතිලා මොනවද කරන්නේ කියල කියපන්. කප්පම් ගැනීම, කොමිස් ගැහිල්ල, හිතවතුන්ට ගසාකෑමේ මාර්ග හැදීම…ඇතිද ඇත්තටම…

  6. Asanka says:

    උප ජනාධිපති අතිරේක ජනාධිපති වැඩ නැති ජනාධිපති වැඩ බලන ජනාධිපති නියෝජ්‍ය ජනාධිපති කියලා පත්කරයි වගේ

Main News