ආයතන රෙගුලාසි කඩා අධ්‍යාපන අධ්‍යක්‍ෂ පාසැලකට හිතුමතේ නිවාඩු දීලා..

January 30, 2019 at 2:02 am | lanka C news

හැටන් කලාප අධ්‍යපාන කාර්යයාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස්  විද්‍යාලයට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අභිමතය පරිදි 28 දින නිවාඩු ලබා දිම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස මධ්‍යම පලාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලිමක් කල බව ලංකා කම්කරු ගුරු සේවා සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා පැවසිය.

ජොශප් ස්ටාලින් මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එම විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රිඩා උත්සවය ඉකුත් 26 වෙනිදා හැටන් ඩන්බාර් ක්‍රිඩාංගනයේ පැවති බවත් ඒ වෙනුවෙන් මධ්‍යම පලාත් අධ්‍යාපන අධක්ෂකවරයාගෙන් හෝ මධ්‍යම පලාත් අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයගේ අභිමතය පරිදි 28 දින පාසලට නිවාඩු ලබා දි ඇති බවයි.

නිවාසාන්තර ක්‍රිඩා උත්සවයක් පැවැත්විමෙන් පසු පාසල් ළමුන්ට හා ගුරුවරුන්ට නිවාඩු ලබා දිම හොද දෙයක් වුවත් එය සිදු කල යුතු ක්‍රමවේද වලට හා ආයතන රෙගුලාසි වලට පටහැනිව කලාප අධයාපන අධ්‍යක්ෂකවරයා ඔහුගේ දේශාපලන රැකවරණය උපයෝගි කරගනිමින් මෙම නිවාඩුව ලබා දි ඇති බවත්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මෙවැනි ක්‍රියා ගණනාවක් කලාපය තුල සිදු කර ඇති බව ජෝශප් ස්ටාලින් මහතා කියා සිටියි.

ජොශප් ස්ටාලින් මහතාගේ චෝදනාව සම්බන්ධයෙන් අප හැටන් කලාප අධ්‍යක්ෂක පි.ශ්‍රිදරන් මහතාගෙන් කරුණු විමසිමට අප ඔහුගේ ජංගම දුරකථනයට අවස්තා කිහිපයකදි ඇමතුම් ලබා ගත්තද එය ව්‍යාප්ත විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

41 views
Main News