‘ආයිත් ඇවිත් තොපිට කෙලිනවා..’ ඇදිරි නිතිය මැද පොලිසිය තග දැමූ රන්ජන් අත්අඩංගුවට..

April 13, 2020 at 8:34 pm | lanka C news
‘ආයිත් ඇවිත් තොපිට කෙලිනවා..’ ඇදිරි නිතිය මැද පොලිසිය තග දැමූ රන්ජන් අත්අඩංගුවට..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඇදිරි නීති නියෝග කඩ කරමින් මාදිවෙල පිහිටීම මන්ත්‍රී නිවාස පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කරන ලද පුද්ගලයෙකුගෙන් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමට ලක් කිරීමේ අවස්ථාවට මැදිහත්වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අදාල පුද්ගලයා ඇදිරි නීති බලපත්‍රයක් අවභාවිතා කරමින් ඇඹිලිපිටිය සිට පිලියන්දල දක්වා පැමිණ තිබූ බව පොලීසිය සඳහන් කරයි.

මන්ත්‍රී මන්ත්‍රී නිවාස වලට ඇතුළු වන පොලිස් මුරපොළේ දී පොලිසිය විසින් පරීක්‍ෂා කිරීම් සිදු කරද්දී එම අවස්ථාවේදී රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා අසභ්‍ය වචනයෙන් පොලිසියට බැන වදින අයුරු දක්නට ලැබිණි.

851 views

120 Comments to “‘ආයිත් ඇවිත් තොපිට කෙලිනවා..’ ඇදිරි නිතිය මැද පොලිසිය තග දැමූ රන්ජන් අත්අඩංගුවට..”

  1. samantha says:

    මේක ඉතින් සුළු වරදක්, කණ මිරිකලා ගෙදර යවයි. මූ බලනනෙ ඉතින් එහෙන් මෙහෙන් බඩු ටිකක් අරන් ටික දෙනෙක්ට බෙදා දිලා ඒවා එෆ් බි දාලා ඒවගෙ සිය ගුණයක ගෞරවයක් ගන්න. දැන් මේ සිද්ධිය වුනත් මූට වාසියි, මූම කියන්න ඇත් මාව අල්ලපන් කියලා. ගම්පහ ඉන්න් රට හරක් ටික ඕවට රැවටෙනවා. ඒ රට හරක් ගෙ ඡ්හන්ද ඇති මූට ගොඩ යන්න. මූ ඕවා පෙන්නලා පොර වෙනවා. නැත්තම් අසරණ විල්සන් කරුට සල්ලි මිට මොලෝනවා දැම්මෙ විල්සන් කරූ නෙවෙයි නෙ, මූ ම නෙ. ඒ වගෙ අයගෙනුත් පබ්ලිසිටි හිඟාකන මේ පුස්සො ලංකාවෙ ක්‍රමය නිසා හැමතිස්සෙම පාර්ලිමේන්තුවෙ රිංගගන පොර ටෝක් දෙනවා. ආසන ක්‍රමයට ඡ්න්ද තියන කාලෙ මේ වගෙ වස්සෙක්ට එන්න පුළුවන් එක පාරයි. ඊට පස්සෙ මිනිස්සු දෙන්නෙ නෑ.

  2. සෙරෙප්පු සුප් says:

    අපි ආයෙත් එනව යකෝ,ඇවිත් තොපිට කෙලිනවා.
    මී හරකෙකුට පිස්සු හැදුනාම ඌ අහල පහල තියෙන ඔක්කොටම ඇණගෙන ඇණගෙන ගිහින් ඇණ ගන්නව​.පිස්සු හැදිල ඉපදෙන බල්ලන්ට ඇන්ටි රේබීස් ගැහුවට වැඩක් නෑ.
    කට පුංචගෙ ලයිසන් එකත් එක්ස්පයර්.ඇඳිරි නීති බලපත්තරෙත් එක්ස්පයර්.එක්ස්පයර් උනහම ගඳ ගහනව​. මොලේ එක්ස්පයර් උනාම ගඳ සුවඳ තේරෙන්නෙ නෑ​. එක්ස්පයර්ද කියල දන්නෙත් නෑ. උගුර කට වේලෙනව​. කට උත්තර නැති වෙනව.
    අපි ආයෙත් එනව යකෝ,ඇවිත් තොපිට කෙලිනවා.
    සිව් වසක උපාධිය ,සය මාසික පුහුණුව ඕනෙම නෑ. බෑක් සයිඩ් තෙරපිස්ට්ල මාට්ටු උනාම ඕටොමැටිකලි ෆිසියොතෙරපිස්ට්ල වෙනව​.ග්ලවුස් මාස්ක් දාගෙන මීටරේ දුරින් ඉන්න ඕන​.මීටරේ දුර තියාන බෑක් සයිඩ් මසාජ් කරන උන් ගිනස් එකට යනව​.
    රටේ නීති හදන්න එක්ස්පයර් ඩයල් යවන්නෙ මඤ්ඤං වෙච්ච උන්. උන්ව මඤ්ඤං කලේ ඔක්කොම නිකං දෙන එක්ස්පයර් පොරවල්.පැනඩෝල් වෙනුවට පැරසිටමෝල් ගහන එක ඌ මට ගහනව මට ඌ ගහනව වගේ වැඩක්​.
    අපි ආයෙත් එනව යකෝ,ඇවිත් තොපිට කෙලිනවා.

  3. Priyan says:

    මෙය UNP එකේ වරදක් නොව ජේ.ආර් ජයවර්ධන දුන් වැරදි පුර්වාදර්ශ වල සාමුහික ප්‍රතිපලයකි. 40,50 ,60,70 දශකයේ බහුතරයක් දේශපාලනඥයන් උගත් වැදගත් පවුල් පසුබිමක් සහිත සහ යම් වෘත්තීය පසුබිමක් සහිත අය විය. ජේ ආර් ද යම් තරමකට එසේ වුවත් 78 බලය ලබාගත් පසු ඔහු විසින් පාලන තන්ත්‍රය පවත්වා ගැනීමට දේශපානයට ඈදා ගත් නුගත්, පහත් (සමාජ තත්වයෙන් ,හැසිරීමෙන්) පුද්ගලයන් නිසා ඇතිවූ ප්‍රවණතාවය නිසා මෙම රන්ජන් රාමනායක වැනි නුගත්,පහත් දේශපාලනයට ඉතා අඩු වැදගත් කමින් යුතු පාහරයන්ගේ පැමිණීම අරුමයක් නොවේ.

    කුමන මට්ටමකින් මෙම මතයට විවේචන එල්ලවුවත්, දේශපාලනයට යම් පුද්ගලයන් ඈදා ගන්නේනම් මොවුන්ගේ අධ්‍යාපන පසුබිම විමසිය යුතුය. එය සමග නිපුණතාවක් සහිත වෘත්තිකයන් විය යුතුය.මෙයට නළුවන් කලාකාරයන් සහ නලාකාරයන්,නැට්ටුවන්,ගම්වල පොලියට සල්ලි දෙන්නන්, කසිප්පු මත්පැන් වෙළදුන්,පිම්පියන් නොගත යුතු අතර පිළිගතහැකි අධ්‍යාපන පසුබිමක් සහ ක්‍රමවත් වැදගත් ව්‍යාපාරික , ව්‍යවසායක අත්දැකීමක් ඇතිනම් සලකා බැලිය හැක. තවද මොවුන්ගේ පවුල් පසුබිම මෙන්ම මොවුන්ගේ අපරාධ ඉතිහාසයද විමසිය යුතුය.

    මහත්වරුවුන්ගේ වේශයෙන් පෙනීසිටන බැංකු හොරුන් මුල්‍ අපරාධ කරුවන් , තක්කඩින් ඒම වලක්වා ගැනීමට සෑම පුද්ගලයකුටම බුද්ධි අංශ ගොනුවක් පවත්වා ගත යතු අතර එවැනි චෝදනා ලක්වුවන් සහ ප්‍රවනතාවයක් සහ වෙනත් අපරාධ පසුබිමක් සහිත වුවන් පැමිණීම වලක්වා ගත යුතුය. මේවා කියාත්මක කිරීමටද කොන්දේ යම් පණක් ඇති කශේරුකාවක් ඇති ඉහත ගුණ ඇති නායකත්වයක් ඇතිනම් වටනේය.

Main News