ආයුද පෙන්වන්න ගිය පාතාලයා ගල්වලකින් වැටී මිය යයි….

August 9, 2022 at 12:00 pm | lanka C news
ආයුද පෙන්වන්න ගිය පාතාලයා ගල්වලකින් වැටී මිය යයි….

අංගොඩ ලොක්කා නමැති ප්‍රබල පාතාල කල්ලි නායකයාගේ ගෝලයෙකු බව කියන සැකකරුවකු සඟවා ඇති ආයුධ තොගයක් පෙන්වීමට ගිය අවස්ථාවේ ගල් වලකින් පහළට වැටී මරණයට පත්ව ඇත.

පොලිසිය සඳහන් කරන්නේ ගල්වලින් පහළට වැටුණු මෙම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි.

පොලිසිය විසින් අත්අඩංගුවට ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ ආයුධ තොගයක් කඩුවෙල වැයික්කිවත්තේ සඟවා ඇති බවයි.

ඔහු දුන් තොරතුරු මත එම ස්ථානයට ඔහු රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු පොලිසියෙන් මිදී පළා යාමට උත්සාහ දැරීමේදී ගල්වලින් පහතට වැටී බරපතළ තුවාල ලබා ඇත.

සැකකරු පලායාමට උත්සාහ කර පොර බෙදීමේදී තුවාල ලත් පොලිස් නිලධාරියෙකු ද රෝහල් ගත කර තිබේ.

14,886 views

20 Comments to “ආයුද පෙන්වන්න ගිය පාතාලයා ගල්වලකින් වැටී මිය යයි….”

  1. Haiyo says:

    This is arbitrary killing. Who says this is a criminal when it has not been proven in court? Those who close their eyes or encourage this will realise one day when it happens to their children. Lack of law and ethics….

    • නීති සන්ගමේ අතොලසන් says:

      Bloody idiot- look at his records. He is the chief gunmen of ‘Harkkata’ has been given bail 09 times for other killings by courts. Island Registered Criminal (IRC) as per court records. So I you want his birth certificate now?
      You must be the one who was appearing for this criminal.

    • damian says:

      අ නේ පලයන් බං යන්න​. දැන් අවුරුදු 50 ක් තිස්සේ මෙහෙම කරනවා.
      කොහෙවත් අහිංසකයින් ගේ ළමයි ආයුධ පෙන්නන්න අරන් ගිහින් මැරුවේ නෑ. සමාජයට අපරාධම කරපු එකෙක් මැරුව මිසක. උඹලගෙ මගුල් තියරි පොත් වල තියා ගනිල්ල​.

  2. 3% ජෙප්පා says:

    ජෝශප් ස්ටාලින් තට්ටයා නම් ඔහොම අරගෙන යන්න එපා. මිනිහා ලෙඩින් කිව්වා නේ

  3. තඩි පීරිස් ගේ ගෙදර ආයම්මා says:

    මේ වගේ මිනී මරුවන් උසාවි දැම්මොත් රටට ආදරේ අඟුරු කබා මාෆියා සේනාව ඇවිත් සද්දෙ දාල ඇප අරන් දෙනව. ඉන් පස්සෙ මුන් නැවත මංකොල්ල කනව, සාක්කි කරුවන් ව මරනව.
    කොල්ල කන සල්ලි වලින් රටට ආදරේ අඟුරු කබා මාෆියාව යැපෙනවා.

  4. Tomba says:

    Ane thopi wage moda musalayo. Eka paththakin neethiye adipathya gana katha karanawa, anith Katin “extra judicial” killings hondai kiyanawa.

  5. JR says:

    ආයුද පෙන්නන්න ගියාම වෙන දේවල් අපි නොදන්නවායෑ ආයිබොවං… ඔන්නෝක අල්ලාදාල හිටම් වෙන වැඩක් බලාගමු…

  6. JR says:

    මේකා මොන මුදලියෙක්ද .. හෝතඹුවෙක් වගෙ මෝඩ මූසල කාලකණ්ණියා… වැඩිය කෑගැහුවොත් ආයුද පෙන්නන්න එක්ක යනවා අවලමා…

Main News