ආයුධ කල්ලියක් ප්රහාරයකට සැරසෙද්දි වැටලීමක්… සැකකරුවන් පලා යයි..
January 26, 2022 at 5:30 pm | lanka C news
යාපනය මාණිප්පායි පොලිස්වසමේ නවාල් වේලක්කයි හින්දු කෝවිල ආසන්නයේ භූමියක තිබූ තියුණූ ආයුධ තොගයක් සොයාගත් බවට පොලීසිය පැවසීය.
වේලක්කයි පිල්ලයාර් හින්දු කෝවිල අසල කිසියම් පිරිසක් තියුණු ආයුධ සමගින් සැරිසරන බවට පොලිස් බුද්ධි අංශයන් වෙතට ලැබුනු තොරතුරකට අනුව මාණිප්පායි පොලිස් නිලදාරීන් පිරිසක් විසින් අදාල කෝවිල් භූමිය අවට සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබීය.
එහිදී ප්රහාරයක් සඳහා සූදානම් වූ පිරිසක් විසින් තියුණු ආයුධ කිහිපයක් දමා පලාගොස් තිබුණු අතර එහිදී යතුරුපැදි සහ පාපැදි කොටස් වලින් සාදන ලද තියුණු ආයුධ තුනක් තිබී සොයාගන්නා ලදි.
තියිණු ආයුධ දමා ගිය පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලි වී නොමැති අතර මාණිප්පායි පොලීසය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ