ආයුධ කල්ලි පහරදීමෙන් අයෙකු මිය යයි…

August 26, 2021 at 2:18 am | lanka C news

යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී තියුණු ආයුධ ගත් පිරිසකගේ පහරදීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කල තිදෙනාගෙන් එක් අයෙකු මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.

පසුගිය 22 වනදා රාත්‍රියේ ගුරුනගර් වෙරල පාර අසලදී යතුරුපැදි දෙකකින් තියුණු ආයුධ ගත් පිරිසක් පැමිණ එකවරම සිදුකල පහරදීමකින් වෙරල මාර් ගයේ ගමන්කරමින් සිටි පස් දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් දෙදෙනෙකු සුලු තුවාල ලබා බරපතල තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරන ලදි.

මෙලෙස බරපතල තත්වයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු මෙලෙස අද අලුයම මිය ගොස් ඇති අතර මිය ගොස් ඇත්තේ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ජෙනරාජ් නැමත්තෙකු වෙයි.

අදාල පහරදීම සිදුකරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර අදාල පරිස් සොයා පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14,187 views