ආයුධ පෙන්වා සංචාරකයන් කොල්ල කයි.. මාසයක් ඉන්න ආ සංචාරකයන් සතියෙන් රටින් පිටවෙයි..

March 18, 2019 at 12:40 pm | lanka C news
ආයුධ පෙන්වා සංචාරකයන් කොල්ල කයි.. මාසයක් ඉන්න ආ සංචාරකයන් සතියෙන් රටින් පිටවෙයි..

හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටල වලට පැමිණෙන විදේශිකයින්ගේ මුදල් හා භාණ්ඩ, ආයුධ පෙන්වා මංකොල්ල කෑමේ සිද්ධි ගණනාවකටම සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ජීව අත් බෝම්බයක් සහ ප්ලාස්ටික් පිස්තෝලයක් සමග හික්කඩුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී මුදල් රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක් (1,40,000/-) සහ විදේශිකයින් සතු සුවද විලවුන් බෝතල 07 ක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019 මාර්තු මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ෂණය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා හික්කඩුව පොලීසියට දැනුම් දුන්නේය.

ලියාපදිංචි නොකරන ලද ගරාජ් අංක සහිත ඩියෝ වර්ගයේ ස්කූටි මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරුවන් අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සන්තකයේ තිබී රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක (1,40,000/-) මුදල හා යතුරු පැදියේ කැබින් එකේ තිබියදී සුවද විලවුන් බෝතල 07 ක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ. සැකකරුවන්ගෙන් තව දුරටත් ප්‍රශ්ණ කිරීමේදී ජීව අත් බෝම්භයක් සහ ප්ලාස්ටික් පිස්තෝලයක්ද සොයා ගැනීමටත් සොරකම් පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමටත් හැකි වූ බව හික්කඩුව පොලීසිය කියයි.

සැකකරුවන් දෙදෙනා මේ ආකාරයෙන් හික්කඩුව ප්‍රදේශයේ විලාජ් නමින් හදුන්වන කුඩා ප්‍රමාණයේ සංචාරක හෝටල වලට වහලයෙන් ඇතුල් වී විදේශිකයින් සතු මුදල්, රණ් භාණ්ඩ ඇතුළු අනෙකුත් දව්‍යයන් සොරකම් කර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මොවුන්ගෙන් පළමු සැකකරු විවාහකයෙක් බවත් ඔහුට කුඩා දරුවකුද සිටින බවත් හික්කඩුව පොලීසිය කියයි. ඔහු සිය බිරිය හා දරුවා සමග කුඩා හෝටල කුලියට ගෙන නැවතී සිටින බවද දෙවන සැකකරු අවිවාහකයෙකු බවද හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

සැකකරුවන් දෙදෙනා මත්පැන්, මත්දව්‍ය හෝ සිගරැට් පාවිච්චි නොකරන අය බවත් ඔවුන් දෙදෙනා කුලියට මෝටර් රථ ලබාගෙන ඒවායින් විවිධ වර්ගයේ කාන්තාවන් හෝටල වලට රැගෙන ගොස් ලිංගික ඇසුර පවත්වන ලද අය බවද පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි හික්කඩුව පොලීසිය කියයි. ඔවුන් සොරකමින් උපයන ලද මුදල් සියල්ලම පාහේ වැයකර ඇත්තේ කාන්තාවන් ඇසුරු කිරීමට බවද පොලීසිය කියයි.

පසුගිය මාස කීපයක සිටම මුදල් හා භාණ්ඩ මංකොල්ල කෑවේ යැයි හික්කඩුවේ හෝටල කීපයකම නැවතී සිටින සංචාරකයින් හික්කඩුව පොලීසියටද පැමිණිලි කර තිබේ. මෙම සංචාරකයින් පැමිණිලි දැම්මත් බිය හේතුවෙන් පැමිණිලි විභාගයට ඉදිරිපත් නොවන බවත් සිද්ධීන් වලින් පසු ඔවුන් රට අතහැර යන බවත් හික්කඩුව පොලීසිය කියයි. මෙවන් පැමිණිලි දැමූ වැඩි පිරිසක් සංචාරකයින් මේ වන විට ලංකාවෙන් පිටව ගොස් තිබෙන බවද හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 10 කට වඩා ලැබී තිබෙන බවද හික්කඩුව පොලීසිය කියයි.

මෙවැනි සොර කණ්ඩායම් ඇතැම් සංචාරකයින්ගේ රුපියල් ලක්ෂ හතක (7,00000/-) අටක (8,00000/-) වටිනාකමකින් යුත් මුදල් හා භාණ්ඩ පවා සොරකම් කර තිබෙන බවද හික්කඩුව පොලීසියට කරන ලද ඇතැම් පැමිණිලි වල සදහන් වේ. රාත්‍රී කාලයේ මුහුදු වෙරළේ සැරිසරන සංචාරකයින්ගේ මෙන්ම කුඩා හෝටල වල කාමර වලට රාත්‍රී කාලයේ ඇතුල් වී මෙසේ මුදල් හා භාණ්ඩ මංකොල්ල කා තිබෙන බවද එම පැමිණිලිවල වැඩි දුරටත් සදහන් වේ.

මාස කීපයක් ලංකාවේ ගත කිරීමට පැමිණෙන සංචාරකයින් මේ හේතුවෙන් දින කීපයක් ඇතුලත ලංකාවෙන් පිටව යන බව සංචාරක ව්‍යාපාරයේ නිරත ව්‍යාපාරිකයෙක් සදහන් කළේය. මේ හේතුව තුල ලංකාවට ලැබෙන විදේශ විනිමය අහිමි වෙනවා පමණක් නොව ඔවුන්ගෙන් ලැබෙන නරක පනිවුඩය මත ලංකාවට පැමිණිනෙන සංචාරකයින්ගේ අඩුවීමක් සිදුවිය හැකි බවද එම ව්‍යාපාරිකයා වැඩි දුරටත් සදහන් කළේය. මෙම තත්ත්වය හික්කඩුවේ සංචාරක ව්‍යාපාරයට ඉදිරියේදී බොහෝ සෙයින් බලපාන බවද එම ව්‍යාපාරිකයාගේ අදහස වී තිබේ.

– ජයකාන්ත ලියනගේ

59 views

6 Comments to “ආයුධ පෙන්වා සංචාරකයන් කොල්ල කයි.. මාසයක් ඉන්න ආ සංචාරකයන් සතියෙන් රටින් පිටවෙයි..”

  1. කාදිනල් උතුමා says:

    ගෝටා ආවනම් මුන්ට බැස්ටිය දෙනවනෙ.

    • මාතර කොලුවා says:

      එහෙම එක එක්කෙනාට ඕනා විදියට දඩුවම් දෙන්න බෑ. නීතියේ පාලනය අනුව තමයි දඩුවම් දෙන්න ඕනා ඉස්සරවෙලාම මෙගොල්ලා හොරකම් කරපු බව ඇසින්දුටු සාක්ෂි සමග ඔප්පු වෙන්න ඕනා .අපෙ රට un එකේ අසරණ වෙන්න හේතුව එකයි .අපේ මංගල සමරවීර විරුවා මානවහිමිකම් රකින බව පොරොන්දු වෙලා දිනාගත්ත ලෝකයම .එතුමාට පින්සිද්ද වෙන්න අපි අද සැනසීමේ ඉන්නවා .ත්‍රස්ත්ස්වාදය වැළක්වීමේ පනතත් අවලංගු කරන්න ඕනා .මේවා ඔක්කොම රාජපක්ෂලාගේ සුදු වැන් භීතියෙන් ඇතිවුණු දේවල් ,මංගල සමරවීර ඇමතිතුමා කියන විදියටම මේ පවුකාර කාලකන්නි හමුදාව හැම කෙහෙල්මලකටම ගිහිල්ල තමයි මේ රට විනස කරන්නේ .ත්‍රස්තවාදියාට උනත් මානව හිමිකම් තියෙනවා අපිට බෑ හොරා ත්රතවදියා කියල මිනිසුන්ට දඩුවම් දෙන්න .බටහිර රටවල් වල මානව හිමිකම් තියෙනව අපිත් වැඩකරන්න ඕනා බටහිර රටවල ක්‍රමයට

      • සනත් ඉතාලිය says:

        මාතර කොලුවා .කුරුදු පොලු බලකායේ නේද

  2. Gayantha says:

    මේ වගේ එවුන් වෙඩි තියලා දාන්න ඔන

  3. gamarala says:

    රහස් පොලිසිය මිට වඩා ක්‍රියා කල යුතු අවස්ථාවක්

  4. Mahi says:

    Matara Koluwa has never been to west.
    Western countries are Police States.
    Everybody is monitored by police phone tapping and Visio cameras.
    That is human rights in the West.
    MATARA KOLUWA IS A CIA PUPPET.

Main News