ආයුධ සොයා කෝවිලක් ආසන්නයේ බැකෝ යොදා හාරයි…

January 26, 2020 at 5:30 pm | lanka C news
ආයුධ සොයා කෝවිලක් ආසන්නයේ බැකෝ යොදා හාරයි…

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක් ආසන්නයේ එල්.ටී.ටී.ඊ. යුද උපකරන ඇති බවට ලැබුනු තොරතුරකට අනුව එහි කැනීමක් සිදු කිරීමට පියවර ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

පුදුකුඩිඉරිප්පු පොලීසිය හා මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර විසින් මුලතිව් අධිකරණ නියෝගයකට අනුව පුදුකුඩිඉරිප්පු මුත්තුමාරි අම්මාන් කෝවිල් ආසන්නයේ මෙම කැනීම සිදු කරනු ලැබුවේ අදාල ස්ථානයේ එල්.ටී.ටී.ඊ. ආයුධ ඇති බවට පොලීසියට ලැබුනු බුද්ධි තොරතුරකට අනුවය.

පස් කපන යන්ත්‍රයක් ආධාරයෙන් අදාල ස්ථානයේ කැනීම් කිහිපයක් සිදු කරල කිසිදු ආයුධයක් හමු නොවීම හේතුවෙන් කැනීම් කටයුතු නවතා දැමීමට පියවර ගත් බවටද පරික්ෂණ සිදු කල පුදුකුඩඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

66 views

3 Comments to “ආයුධ සොයා කෝවිලක් ආසන්නයේ බැකෝ යොදා හාරයි…”

  1. kamal says:

    මුන් ඔක්කොටම පිස්සු, රජය අපහසුවට පත් කරන්න මෙවැනි බොරු පණිවිඩ තව ලැබෙන්න පුළුවන්
    හාරන්න කලින් Metal detecter එකකින් chek කලානම් ඉවරනේ

  2. හාවා says:

    හා ! හා ! පරිස්සමින් .

  3. MD says:

    Hamuda nomaga yawa attama tiyena tan wasa ganeeme upakramayak wennath puluwan.Ayuda Hoyana eka digatama kala yutui.Digatama Digatama karanna.Aniwaryenma badu hangala ati.

Main News