ආයුබෝවේවා.. අලුත්ම අලුත් දුම්වැටි සමාගමක් එයි..

June 2, 2017 at 3:00 pm | lanka C news
ආයුබෝවේවා.. අලුත්ම අලුත් දුම්වැටි සමාගමක් එයි..

ශ‍්‍රී ලංකාව තුල තවත් දුම්වැටි සමාගමක් ලියාපදිංචි කර ක්‍රියාත්මක කිරීමේ සූදානමක් ඇති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කර ඇත.

මෙරට නීතියේ හා බදු ප්‍රතිපත්තිවල අඩුපාඩු භාවිත කරමින් මෙය වෙනස් මුහුණුවරකින් ක‍්‍රියිාත්මක වනු ඇති බවට විශ්වාසචායක තොරතුරු ඇතැයිද ලිපියෙන් පෙන්වා දෙයි.

එනසාල් හා කුරුඳු රස සහිතව මෙම නව දුම්වැටි වෙළෙඳපොළට පැමිණීමේ අවදානමක් ඇති බවද සංගමය වැඩි දුරටත් කියා සිටී.

84 views
Main News