ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..

August 16, 2021 at 3:22 am | lanka C news
ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..

කොරෝනා ආසාදිත ව මෙරට ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් කිසිවෙකු මිය නොගිය බව පැවසීම සාධාරණ නැතැයි ආයුර්වේද කොමසාරිස් ධම්මික අභයගුණවර්ධන මහතා සඳහන් කරයි.

ආයුර්වේද රෝහල ප‍්‍රතිකාර ලබන රෝගීන් අසාධ්‍ය වුවොත් වෙනත් රෝහලට මාරුකර යවන බවත් ඒ මහතා පැවසීය.

එම අර්ථයෙන් ආයුර්වේද රෝහල්වලදී ආසාදිතයන් කිසිවෙකු මිය නොගිය බව සත්‍ය නමුත් එකී ප්‍රකාශයෙන් තවත් පිරිසකට සිත් රිදවීම් ඇති විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර සඳහා අසාධ්‍ය රෝගීන් බාර නොගන්නා බවත් සාමාන්‍ය සංකූලතා සහිත සුව කල හැකි රෝගීන් පමණක් භාර ගන්නා බව ඒ මහතා කියා සිටී.

කළමනාකරණය කළ හැකි රෝගීන් පමණක් භාරගන්නා විට මිය යාම ඉතාම අල්ප යයිද ඔහු තවදුරටත් සඳහන් කළේය.

33,291 views

19 Comments to “ආයුර්වේද රෝහල්වලට අසාධ්‍ය රෝගීන් බාරගන්නේ නෑ.. අසාධ්‍ය වුනොත් වෙන රෝහල්වලට යවනවා..- ආයුර්වේද කොමසාරිස්..”

  1. sathya says:

    ආයුර්වේදය යනු බටහිර වෙදකම මෙන්ම, අපේ රටට ඉන්දියාවෙන් පැමිණි තවත් වෙදකමක්.
    එත් අප රටේ අතීතයේ සිට පවතින ඉතා ප්‍රබල වෙදකමක් “හෙළ වෙදකම” නමින් පවතිනවා.
    සියලු වෛද්‍ය ක්‍රම තුලින් වසර ගණනාවක් ප්‍රතිකාර ගනිමින් සුව නොවූ බොහෝ රෝගීන් හෙළ වෙදකමේ ඉතා කෙටි කාලින ප්‍රතිකාර තුලින් සාර්ථකව සුව වූ උදාහරණ ඕනෑ තරම් පවතිනවා.

  2. සුව කළ - සුව වෙන says:

    “සුව කළ හැකි රෝගීන්” නොව “සුව වෙන රෝගීන්”

  3. Manodaya says:

    ආයුර්වේදයත් තියාගෙන අනනව.

  4. කෝ අර “හෙල වෙද්දු” කියල කට්ටියකට කොරෝනා ප්‍රතිකාර බාර දෙන්න කිය කිය උඩ පැනපු කට්ටිය..
    ඕනම නම් හොද උනාට පස්සෙ ගිහිං නැවතිල ඉදල හෙල වෙදකමින් හොද උනා කියල සද්දයක් දාන්න පුලුවන්..
    හැබැයි අසාධ්‍ය වෙයි කියල හිතනව නම් හෙල වෙදකමේ යන්නෙ බලාගෙනයි හොදේ..
    එයාලම කියල තියෙනව බෑ කියල..

    • Kimbula🐊 says:

      හෙල වෙදකම කියන්නෙ ආයුර්වේදේ නෙමෙයි හරකො. නොදන්න මගුල් නොකියා පාඩුවෙ හිටහන්