ආයුර්වේද වෛද්‍යවරුන් කොරෝනා එන්නත එපා කියති.. කොරෝනා නසන බෙහෙත් ආයුර්වේදයේ ඇතැයි කියති…
February 18, 2021 at 11:20 am | lanka C news
කොරෝනා වයිරසය සඳහා එන්නත් අවශ්‍ය නැතැයි ආයුර්වේද වෛද්‍යවරුන් අතිබහුතරයක් තීරණය කර ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ ලේකම් රුවන් ඉන්දික මහතා සඳහන් කරන්නේ එම වෛද්‍යවරුන් කොරෝණා එන්නත ලබා නොගැනීමට තීරණය කර ඇති බවයි.
ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා ද කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කර ඇති නමුත් එම වෛද්‍ය පිරිස සඳහන් කර ඇත්තේ එන්නට වඩා ආයුර්වේද ඖෂධ මගින් ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනඟාගත හැකි බවට විශ්වාසයක් ඇති බවයි.
එමෙන්ම ආයුර්වේද ඖෂධ මගින් කොරෝනා පමණක් නොව ඕනෑම වයිරසයක් එකක් සඳහා ඔරොත්තු දීමේ හැකියාවක් ලබා ගත හැකි බවද සංගමය කියා සිටී.
හොඳ තීරණයක්!
මටත් එපා , ආයුර්වේද බෙහෙත් වල විශ්වාසනීයත්වය වැඩියි. මාර්කට් එක අල්ලගන්න හොර පාරෙන් ආපු එන්නත් වලට වඩා
තවත් ගොබ්බයෙක්ගෙ ගොබ්බ කමෙන්ට් එකක් ලොල්!
කොහොමත් මේ එන්නත් හරකුන්ට විදින්නේ නැහැ. ඒක නිසා උඹ බය වෙන්න ඕන නැහැ.
Penawidiyata nam, Batahira Drugs Mafiawa, ape parani Ayurwedakramaya sampurayanma athuga damimata, ape Ayurweda Deshiya weddu tika, boruwata Virayo karala, Ennath nogena, weddu tika okkoma walapallata arinda hadana wedak wage.
අමෝ අමෝ තෙල් බෙහෙත් කාරයන්ගෙ පම්පෝරිය. දැන් මෙයාල කොරෝන වලටම බෙහෙත් කීයක් නම් හැදුවද. හැදුව විතරක් නෙවෙයි වෙන රටවලට අපනයනයත් කරානෙ. මේ ගොඩ වෙද්දු ටික කොහොමහරි අපේ මහාචාරිය පැණි සුමනෙත් ගොනාට අන්ඳල කලිසම ඔලුවෙන් ගැලෙව්වනෙ. මුන් ටික මෙහෙම කියල හොරෙන්ම ඔය වැක්සීන් එක ගහගන්නව ශුවර්
අනාථ සුමනගේ අධ්‍යාත්මික නායකයා පරංගි සිල්වා මේවා අහලා පපුවේ තියෙන ස්ටෙන්ට් එක පැලිලා මැරෙයි.
ප්‍රතිශක්තිය වැඩි මිනිස්සුන්ට කොරෝනා හැදෙන්නෙ නෑ කියලා මුලු ලෝකෙම දන්නවා. ඉතින් කරන්න තියෙන්නෙ දේශීය අවුශධ, නිවැරදි ආහාර, ව්‍යායාම, භාවනාව ආදියෙන් ප්‍රතිශක්තිය වර්ධනයට කර ගැනීමයි.
එන්නත නරක නෑ. නමුත් හැම ප්රබේධයකටම එන්නත ඔරොත්තු දෙන්නෙ නෑ.
ජනාධිපතිතූමෙනි,අපේ රටේ මිනිසූන්ට ආදරේ නම් මේ සිංහල බෙහෙත් වලට අවසර දී මේ මිනිස්සුන්ව මේ වසංගතයන් බෙරා ගන්න. ඹබතූමාට පින්
අනේ මහත්වරැනේ කරුනාකර මෙම බෙහෙත් ලබාගත හැකි තැන් ගැන මහජනයාව දැනුවත් කරන්න
එතකොට දැන් මේ ඔක්කොම උපන් දවසේ ඉඳලා තිබ්බ එන්නත් ඔක්කොම විදලා දැන් තමයි ලොකු සීන් දාන්නෙ. ඇයි හත්තිලව්වෙ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ඉන්න කොටත් ඕකුන් ඔක්කොම හෙපටයිටිස් වලට වැක්සීන් ගන්නවා
ආදර්ශය වටී. ජයවේවා…
ආනෙ වාසනාවන්