ආයුර්වේද රෝහල්වල ඖෂධ හිඟය මඟහැරවීමටත් මෘදූකාංගයක්..
July 20, 2017 at 2:39 am | lanka C news
දිවයින පුරා පිහිටි ආයුර්වෙිද රෝහල් වල ඖෂධ හිඟය මඟහැරවීම සදහා මෘදූකාංගයක් හදූන්වාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. දිවයින පුරා පිහිටි මහා රෝහල්, ශික්ෂණ රෝහල්, දිසා රෝහල්, ප්‍රාදේශීය රෝහල් වලට ද එවැනි මෘදූකාංගයක් හදූන්වාදීමෙන් ඖෂධ හිඟය මඟහැරවූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
බොරැල්ල ආයුර්වෙිද ශික්ෂණ රෝහලේ පැවැති සාකචිඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. මෙම සාකචිඡාවට රාජගිරිය දේශිය වෛද්‍ය විද්‍යායතනයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් ද සහභාගි වී සිටියහ. දේශීය ආයුර්වෙිද වෛද්‍ය උපාධිධාරීන් බිහි කිරිම සදහා දැනට ක්‍රියාත්මක විෂය නිර්දේශය සංශෝධනය කිරීම පිළිබදව මෙහිදී දිර්ඝ ලෙස සාකචිඡා විය. ආචාර්ය මණ්ඩල හිඟය පිළිබදව ද සාකචිඡා කළ අතර, මතු වූ ගැට¿ වලට සෞඛ්‍ය අමාත්‍යවරයා සාර්ථක විසදූම් ලබාදෙන ලදි.
ආයුර්වෙිද වෛද්‍ය ක්‍රමය තුල ව්‍යාජ වෛද්‍යවරුන් ද බිහි ඇති බැවින් ඉදිරියේ දී ඔවුන් හදූනා ගෙන ඉවත් කිරිමට පියවර ගැනීමට නියමිතය.
ආයුර්වෙිද රෝහල්වල දෛනිකව ඖෂධ හිඟයක් ඇතිවන බව මෙම සාකචිඡාවෙි දී අනාවරණය විය. එම ඖෂධ හිඟය මඟ හැරවීම සදහා මෘදූකාංගයක් හදූන්වාදීමට මෙහිදී යෝජනා කෙරුනි. බොරැල්ල ආයුර්වෙිද රෝහල් සදහා ඉදිකෙරෙන මහල් 08 කින් යුක්ත ගොඩනැගිල්ල ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.
– ප්‍රසන්න අධිකාරී