ආරක්ෂක අංශ සතුව තිබූ උතුරේ අක්කර 120 ක් සාමාන්‍ය වැසියන්ට ලබා දෙයි..
June 19, 2018 at 5:30 pm | lanka C news
යාපනය, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හී යුද්දය හේතුවෙන් ආරක්ෂක අංශ යටතට ගත් ඉඩම් අක්කර 120.89ක් ප්‍රමාණයක් නැවත එම ඉඩම්හි මුල් අයිතිකරුවන්ට ලබා දීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 62.95 ක්, කිලිනොච්චිය කරච්චි ප්‍රදේශයේ අක්කර 05.95ක්ද මුලතිව් මැරටියන් පත්තු ප්‍රදේශයේ ඉඩම් අක්කර 52 ක් මෙසේ මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමට පියවර ගෙන ඇත.
අදාල ඉඩම් නිදහස් කිරීමට අදාල ලියකියවිලි ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේ පැවති දරුවන් සුරකිමු වැඩසටහන් අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ අතින් අදාල දිස්ත්‍රීක්කයන්හි දිසාපතිවරුන් අතට ලබා දෙන ලදි.
මුල් අයිතිකරුවන් වෙතට ලබා දුන් ඉඩම්හි අයිතිය ඉදිරියේදී සාමාන්‍ය වැසියන් වෙතට දිසාපතිවරුන් මාර්ගයෙන් ලබා දීඹට පියවර ගෙන ඇති අතරම එම ඉඩම්හි සංවර්ධන කටයුතු සඳහාද අවශ්‍ය පහසුකම් නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් ලබා දීමට පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
හිටං රට බෙදනවා සිංහලයනේ නැගිටිව්
ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්
”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”