ආරක්ෂක ලේකම්ට අපහාස කලේ යයි සරත් විජේසූරියගෙන් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලයි..

December 21, 2016 at 6:48 pm | lanka C news
ආරක්ෂක ලේකම්ට අපහාස කලේ යයි සරත් විජේසූරියගෙන් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලයි..

ආරක්ෂක ලේකම්වරයා දූෂිතයකු බවත් ඔහු විසින් ජනාධිපතිවරයාට වැරදි තොරතුරු ලබා දෙන බවත් පසුගිය දවස්වල දිගින් දිගටම චෝදනා කරනු ලැබු මහාචාර්ය සරත් විජේසූරිය නැමැත්තාට විරුද්ධව රුපියල් මිලියන 1000ක වන්දි ඉල්ලමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා තම නීතිඥවරුන් මාර්ගයෙන් එන්නතරවාසියක් යවා තිබේ.

සරත් විජේසුරිය මහතා මේ වන විට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ වර්තමාන සභාපතිවරයා ලෙසද කටයුතු කරන අතර පසුගිය ජනාධිපතිවරණයේ සමයේ සිට හිටපු ජනාධිපතිවරයා ඇතුළු එවකට පැවති රජය නිර්ධය ලෙස විවේචනය කිරිම රාජපක්ෂවරුන් ඇතුළු නායකයින්ට අභූත එල්ල කිරීම මේ වනවිටත් කරමින් සිටී.

අපවත්වී වදාළ මාදුළුවාවේ සෝබිත හිමියන් විසින් මහින්ද රාජපක්ෂ පාලන සමයට එරෙහිව පිහිටුවාගනු ලැබු සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති ධූරය උන්වහන්සේ අපවත්වීමෙන් පසු මහාචාර්ය සරත් විජේසූරිය විසින් හොබවනු ලබයි.

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසූරිය විසින් මෑතකදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විවේචනය කිරිම සම්බන්ධයෙන් අදහස් පලකරමින් ප්‍රකාශ කර සිටියේ ඔහු මහාචාර්යවරයෙකු කෙනෙකු වුවත් ඔහුගේ මොලේට අර්ශස් රෝගය වැලඳ ඇති බවයි.

මූලාශ්‍ය මෙතනින්

46 views

13 Comments to “ආරක්ෂක ලේකම්ට අපහාස කලේ යයි සරත් විජේසූරියගෙන් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලයි..”

  1. assanga says:

    Champa, nodnnawa ethi dfence lekam gahapuwa.mahinda minihawa elewwe gathamanawa adu wechhcha nisa

  2. සිසිර says:

    මිලියන ගනන් වන්දි ඉල්ලා දාපු නඩුවක් විබාග කරන බවක් අහලනෑ. වන්දි ගෙවපු බවක්වත් ඇහිල නෑ.ඒවා ජනතාව චූං කොරන වැඩ. මේවායින් දහම් කොලුවගෙ නයිට් ක්ලබ් කෙලිය, බැදුම්කර මගඩිය, නාවික හමුදාපති නාටකය , ඇඹිලිපිටියේ A.S..P ගෙ සිද්දිය ආදී… රටේ දැවෙන ප්‍රශ්න යටගහන සෙල්ලං

Main News