ආරක්ෂක ලේකම් කියන්නේ අමූලික බොරු..- උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමිගෙන් චෝදනා…

February 19, 2021 at 1:20 pm | lanka C news
ආරක්ෂක ලේකම් කියන්නේ අමූලික බොරු..- උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමිගෙන් චෝදනා…

තමන් වහන්සේ කැලෑව එළි පෙහෙළි කරන බව රටේ ප්‍රධාන පුරවැසියකු ලෙස ආරක්ෂක ලේකම්වරයා කරන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නායක හිමියෝ පැවසූහ.

ශාසන විරෝධී, ජාති විරෝධී කටයුතු නොකර ශාසනය ආරක්ෂ කිරීම වරදක් නම් සිවුරු හැරදමා එල්ලුම් ගසට වුවත් යෑමට තමා සූදානම් බවද ඒ හිමියෝ කීහ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ නමක් කැලෑ එළි කරන බවට දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවැති සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න කරන ලද ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

තමන් වහන්සේ කැලෑ කපා ඇත්නම් ඒ පිළිබඳව ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසද උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටිති.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

ත්‍රිකුණාමලේ ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාට කුටියක් ඉදිකළත් එම කටයුතු සිදු කරනු ලබන්නේ පරිසරය ආරක්ෂා වන පරිදියි. උපසම්පදා භික්ෂුවකට ගසකින් කොළයක් වත් කඩන්න අවසරයක් නොමැති ශාසනය තුළ ආරක්ෂක ලේකම්වරයා මෙවැනි චෝදනාවක් කරන්නේ කුමන පදනමක් තුළද, කාගේ අවශ්‍යතාවයකටද යන්න ගැටලුවක්.

මම ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා. අපි අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ කටයුතු කරනු ලබන්නේ යම් වගකීමක් ඇතිවයි. උතුරු නැගෙනහිර පළාතේම විනාශවී යන පුරාවිද්‍යා නටඹුන් අන්තවාදී කල්ලිවලින් ආරක්ෂා කර ගැනීමට අපි විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එය භික්ෂූන් වහන්සේලා ලෙස යුතුකමක්.

ආරක්ෂක ලේකම් කියන්නේ රටේ වගකීමක් දරන ප්‍රධාන පුරවැසියෙක්. එතුමා මාධ්‍යයක් හරහා සොයා බැලීමකින් තොරව මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම කනගාටුවට කාරණයක්. එතුමා මේ සිදුකර තිබෙන්නේ සම්පූර්ණ අසත්‍යයක්. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බොහෝ කැලෑ ප්‍රදේශ ආරක්ෂා වෙලා තියෙන්නේ අසිරිමලේ ආරණ්‍ය සේනාසනය නිසයි.

– aruna

70,909 views

18 Comments to “ආරක්ෂක ලේකම් කියන්නේ අමූලික බොරු..- උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමිගෙන් චෝදනා…”

  1. ටකරමා says:

    අද ඉන්න උන්නන්සෙල කරන වැඩ දැක්කම මේව එහෙම ලේසියෙන් බැහැර කරන්ඩත් බැහැ.

  2. ගල්-බනිස්-නාන්සේ says:

    ඔන්න මම නම් ගසකින් කොළයක් කඩන්නේවත් නැහැ. ඒ වගේම පොඩි හාමුදුරුවරුන්ට…

  3. ආගමික ශබ්ද දූෂණයෙන් තොර රටක් says:

    කන්න නැතිකමට මහණ කරපු එවුන් තමා දැන් බොහෝමයක් පන්සල් භාරව ඉන්නේ. නිවන් දකින්න උවමනාවක් නෑ. උදේ පාන්දරයි හවසයි මේ රටේ නීතිය තුට්ටුවකටවත් ගණන් නොගෙන ලවුඩ්ස්පීකර් වලින් කවිබණ පිරිත් දමනවා. අහල පහල ගෙවල්වල , ව්‍යාපාරික ස්ථානවල මිනිස්සු පුදුමකරුමයක් විඳින්නෙ… සිල්වත් ගුණවත් ධර්මධර විනයධර ස්වාමීන්වහන්සේලා මෙහෙම කරන්නෙ නෑ. ගම්පහට කිට්ටු පන්සලක ලවුඩ්ස්පීකර් 6 ක් තියෙනවා පන්සලේ. තව පහක් ගම වටේට වයර් වලින් ඇදලා…

    • පබිලිස් says:

      වරෙන්කො මම ඉන්න මාලිගාවත්තෙ පෙත්ත ට එහෙත් ලවුඩ් ස්පිකර් බෙදල දවසට 5ස් පාරක් පිරිත් කියනවා.

  4. බූරු පුතාණෝ සජියා says:

    අපේ හාමුදුරුවන්ට විරුද්ධව කමෙන්ට්ස් දාන මට්ටයෝ හැත්ත. තොපි එකතූවෙලා ස්වභාවික වනාන්තර කපල හැම තැනම පදිංචි වෙනවා. හාමුදුරුවෝ ඉන්න නිසා තමයි අඩුම ගානෙ සිංහල පවුල් ටිකත්වත් මේ පළාතෙ ඉතූරුවෙලා ඉන්නෙ. ආරක්ෂක ලේකම් දැන් මට්ටයෙක් වෙලාද කොහෙද.

  5. විශේෂ සෙයාබැලිමකින් පසුවයි..! says:

    අප සැම ගරැකරන විර යුධහමුදා සොල්දාදුවාගේ ‘වෙස්පෙරළුණ’ අළුත්ම ‘රංගනය’ දේශපාලක හේචයියට යටවුන ‘හීන්කෙදිරිය’ විසින් නිරැපනය කරනු ලබන්නේ අන්තවාදි කල්ලතෝනීන් ගේ මහා වණ විනාශයන් අභියය තින්දු තිරන ගැනිමට නොහැකිව සිදුකරන ලද ප්‍රකාශයක් ලෙසටයි!, බලයට යටවුන ආරකෂක ලේකම් කුට අරමුණකින්යුතව නොකළයුතු ඉතාම පහත් ප්‍රකාශය අප සැම දැඩිව ප්‍රතික්ශේප කරනු ලබන්නේ විශේෂ සෙයාබැලිමකින් පසුවයි..!

  6. sajitha says:

    generalta molayak thiyanawanam may boruwa ohuta kiwwa eka allala kanapaeluwoth hari. mokada general saha may hamuduruwo dennama boru nokiyana aya.

    • sumith says:

      Such comments is not appropriate publicly, instead he should support the monk to safe guard Buddhists lost rights.

Main News