ආරක්ෂක ලේකම් කියන්නේ අමූලික බොරු..- උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමිගෙන් චෝදනා…

February 19, 2021 at 1:20 pm | lanka C news
ආරක්ෂක ලේකම් කියන්නේ අමූලික බොරු..- උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමිගෙන් චෝදනා…

තමන් වහන්සේ කැලෑව එළි පෙහෙළි කරන බව රටේ ප්‍රධාන පුරවැසියකු ලෙස ආරක්ෂක ලේකම්වරයා කරන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නායක හිමියෝ පැවසූහ.

ශාසන විරෝධී, ජාති විරෝධී කටයුතු නොකර ශාසනය ආරක්ෂ කිරීම වරදක් නම් සිවුරු හැරදමා එල්ලුම් ගසට වුවත් යෑමට තමා සූදානම් බවද ඒ හිමියෝ කීහ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ නමක් කැලෑ එළි කරන බවට දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවැති සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න කරන ලද ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

තමන් වහන්සේ කැලෑ කපා ඇත්නම් ඒ පිළිබඳව ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසද උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටිති.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

ත්‍රිකුණාමලේ ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාට කුටියක් ඉදිකළත් එම කටයුතු සිදු කරනු ලබන්නේ පරිසරය ආරක්ෂා වන පරිදියි. උපසම්පදා භික්ෂුවකට ගසකින් කොළයක් වත් කඩන්න අවසරයක් නොමැති ශාසනය තුළ ආරක්ෂක ලේකම්වරයා මෙවැනි චෝදනාවක් කරන්නේ කුමන පදනමක් තුළද, කාගේ අවශ්‍යතාවයකටද යන්න ගැටලුවක්.

මම ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා. අපි අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ කටයුතු කරනු ලබන්නේ යම් වගකීමක් ඇතිවයි. උතුරු නැගෙනහිර පළාතේම විනාශවී යන පුරාවිද්‍යා නටඹුන් අන්තවාදී කල්ලිවලින් ආරක්ෂා කර ගැනීමට අපි විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එය භික්ෂූන් වහන්සේලා ලෙස යුතුකමක්.

ආරක්ෂක ලේකම් කියන්නේ රටේ වගකීමක් දරන ප්‍රධාන පුරවැසියෙක්. එතුමා මාධ්‍යයක් හරහා සොයා බැලීමකින් තොරව මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම කනගාටුවට කාරණයක්. එතුමා මේ සිදුකර තිබෙන්නේ සම්පූර්ණ අසත්‍යයක්. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බොහෝ කැලෑ ප්‍රදේශ ආරක්ෂා වෙලා තියෙන්නේ අසිරිමලේ ආරණ්‍ය සේනාසනය නිසයි.

– aruna

71,104 views

18 Comments to “ආරක්ෂක ලේකම් කියන්නේ අමූලික බොරු..- උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමිගෙන් චෝදනා…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    කැලෑ පාලුවගෙ නම කිව්වෙ නෑනෙ. මුන්දැ මොකෝ තොප්පිය දාගත්තෙ? 😀

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    කොච්ච‍‍‍ර පොහොර දැම්මත් තණකොල ගහක් අඩියකට වඩා උස යන්නෙ නෑ. ඒ නිසා උස ගස් තණකොල ගස් මට්ටමට කපා, සියලු ගස් උසින් සමාන කර, වනාන්තරය තුල සමාජවාදී විප්ලවයක් කිරීමටයි කැලෑ එලි කරණවා කියන්නෙ.

    ඉතින් ඕක නරක වැඩක් වෙන්නෙ කොහොමද සහෝදරවරුනි?

    ~කාල් මාක්ස් පිහිටයි~

  3. dil says:

    What this ‘Swamin wahanse’ said is true. I know this swamin wahanse since few years and ‘bhikku’ is a really silvath bikshuwa. I don’t know why this ‘kamal’ said like this. there should be an agenda behind this kamal’s statement

  4. අරුණ කුමාර දිසානයක says:

    මොනවා වුණත් හාමුදුරු කෙනෙක්ගෙ භාෂාවට වඩා මරිය කඩේ කතා කරන හැටි හොඳා.

  5. බ-නානා says:

    හොරාට කළින් කෙහෙල් කැන වැට පැන්නේය. ඔය අගේට තමන්ම නම ප්‍රසිද්ධ කළේ 😂

  6. SL says:

    පොහොට්ටුව මහා විහිළුවක් වෙලා, එක එකා ප්‍රසිද්ධියේ කා- කොටා ගන්නවා.
    ගෙදර කුණු පාරේම තියල හෝදනව ..

    එක අතකට අනුරගේ ගලිබවුසර් කතාව හරි . හරිම ගඳයි .

  7. Lohan says:

    කලබල වෙන්න උවමනා නෑනෙ , ඔබවහන්සෙගෙ නම කිව්වෙ නෑනෙ ස්වාමීන් වහන්ස.

  8. Sura says:

    ආරක්ෂක ලේකම්තුමා නමක් ගමක් සදහන් ක⁣ළේ නෑ.
    කලින් ම කෙහෙල් කැන වැට
    පැන්න ද මන්දා.

  9. kamal says:

    ආරක්ෂක ලේකම් සංඝනායක ගැන හා අලිවැට ගැන විසදුමක්
    ලංකාවේ කපන්න පුලුවන් අලියො නැති වනාන්තර තියෙන්නෙ උතුරෙ විතරයි. පොලොන්නරුවේ හම්බන්තොට කුරුනැගල වනය ආරක්ෂා කර අලිවැට ගසා වනය ලොකු කර සියලු පවුල් පහසකම් සහිතව කිලිනොච්චියේ හා මුලතිව් පදිංචි කරන්න ඔනේ. රත්නපුරේ ගංවතුර ගලන ප්‍රදේෂ ඇතුලු ලංකාව පුරා පදිංචියට නුසුදුසු බිම් අයින් කර කිලිනොච්චියේ හා මුලතිව් වලපදිංචි කරන්න ඔනේ සියලු පහසුකම් සහ රැකියා සහිතව.මෙය 2025දි බලයට පැමිණෙන දියසේන කුමාරයාගේ පළමු වැඩේ. උඹලා හරියට රට පාලනය කරනවානම් මට කරදරයක් නැ දේශපාලනයට එන්න ඔනේ නැ.

  10. Bloated head says:

    මොකද අනේ මේ පැවිද්දෝ ඔය තරම් උඬගු? කට ඇරියොත් තමන් හැමටම වඩා වැඩ්ඩා කියන ආකල්පෙන්.

    චෝදනාවේ තමන්ගේ නමත් නැත්නම්, අහක යන තොප්පි දාගෙන ලොකු කතා. “සිවුරු හැරදමා එල්ලුම් ගසට වුවත් යෑමට තමා සූදානම්” වගේ කතා බුදුන් වහන්සේ නම් කරයිද? චිංචිමානවිකා චෝදනාවෙදිත් බුදුන් වහන්සේ මොන තරම් බුද්ධිමත්ව කටයුතු කළාද. ඒකට මේ හිස් බෙර…

Main News