ආරක්ෂක ලේකම් හා පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි කියයි…

April 24, 2019 at 3:50 pm | lanka C news
ආරක්ෂක ලේකම් හා පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි කියයි…

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අත්අඩංගුවට ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර ඇත.

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත යුතු යැයි මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් වේලාසන දැනුවත් කර තිබුණත් අදාළ ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනා මත මෙම දෙදෙනා අත්අඩංගුවට ගන්නැයි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

194 views

18 Comments to “ආරක්ෂක ලේකම් හා පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි කියයි…”

  1. Mahen says:

    එතකොට රනිල සුදනද?
    විජයදාස එපාර වෙනස්..
    .
    මොකටද එන්න හදන්නේ

  2. ran goja says:

    අනතුරක් වලක්වා නොගැනීම කියන ට්‍රැෆික් නීතිය යටතේ ඔකුන්ට උසාවි යවන්න

  3. ජසයා says:

    පැය 24 නම් ඉවරයි. වෙච්ච දෙයක්නම් අපි දන්නෙ නැහැ.

  4. සකල බුජං says:

    මේ ෆොටෝ එකේ දෙන්න ඉන්න විදිය දැක්කම මතක් වෙන්නෙම ඔළු බක්කො නැටුම්.ඒත් ඔළු තිබුනට මොලේ නැහැ.

  5. Kumari says:

    කුමන්ත්‍රණකාරි ලෙස හා ව්‍යවස්ථා විරෝධි ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්කළ කූප්‍රකට දින 53න් පසුව අගමැතිවරයා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳවනු නොලැබූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න රටටම ඇසෙන සේ පසුගිය දා ප්‍රකාශ කළේ ය. තමන් රටේ නොමැති අවස්ථාවේ වැඩ බැලීමට ඇමතිවරයෙකු පත් නොකර පෞද්ගලික සංචාරයක් සඳහා විදේශගතවූ ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු කියන බොළඳ කථාවල ඇත්තේ හාස්‍යක් පමණි. තමන්ට නැති බලතල ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධිව පවරා ගෙන තව තවත් අමාත්‍යංශ තමාගේ යටතට ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කළක් කටපියාගෙන සිටි අගමැතිවරයාට ද මේ වගකිමෙන් ගැලවිය නොහැකි බව සඳහන් කළ යුතු ය.

  6. එස්.කේ සරත් says:

    මේ වගේ අමන රාජ්‍ය නිළධාරින්ද අමන දේශපාලුවන්ටම ගැලපෙන එවුන්ය!

Main News