ආරක්ෂක ලේකම් හා පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි කියයි…

April 24, 2019 at 3:50 pm | lanka C news
ආරක්ෂක ලේකම් හා පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි කියයි…

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අත්අඩංගුවට ගන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කර ඇත.

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත යුතු යැයි මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

ප්‍රහාරයක් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් වේලාසන දැනුවත් කර තිබුණත් අදාළ ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනා මත මෙම දෙදෙනා අත්අඩංගුවට ගන්නැයි මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

238 views

18 Comments to “ආරක්ෂක ලේකම් හා පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි කියයි…”

  1. herath says:

    මෙයත් අංක 01 ඔත්තුකාරයෙක්. පූජිත කොළඹ නි. පො. පති වූ වෙලාවේ මාරැ කරවන්න මෙයත් දත් කෑවා. ලක්ෂාන් ඩයස් නීතිඥවරයව පැය 24න් ගෙදර යවනවා කිව්වෙ මෙයා අධිකරණ ඇමති වුණ වෙලාවේ. ලබන සැර් ජාතික ලැයිස්තුවෙන් එන්න කල්පනාව. රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවල රට අස්ථාවර කලා මදිවට ආයෙත් ජනතාව රවටනවා

  2. herath says:

    මෙයත් අංක 01 ඔත්තුකාරයෙක්. පූජිත කොළඹ නි. පො. පති වූ වෙලාවේ මාරැ කරවන්න මෙයත් දත් කෑවා. ලක්ෂාන් ඩයස් නීතිඥවරයව පැය 24න් ගෙදර යවනවා කිව්වෙ මෙයා අධිකරණ ඇමති වුණ වෙලාවේ. ලබන සැර් ජාතික ලැයිස්තුවෙන් එන්න කල්පනාව. රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවල රට අස්ථාවර කලා මදිවට ආයෙත් ජනතාව රවටනවා
    භික්ෂු කතිකාවත් ගෙනහල්ල හාමුදුරැවරැන් රෝම නීතියට කොටු කරන්න හැදුවා.

  3. මැදමුලනෙ මුත්තා says:

    විජේදාස හදන්නෙ මෙි විපත අස්සෙ Political Market එකක් කරගන්න.

  4. chamee says:

    it is a must. these two people behave like mad. need to arrest

  5. sinha le says:

    මේ අයට උපකාරකළ මුස්ලිම් මන්ත්‍රී වරුත් ගත යුතුය

  6. me dedenath janapathith raniluth wahama siragatha kala ytuyi
    225 DENAMA KARANNE BORU… MUN JOLIYE ARAKSAKAYAN THABAGENA SEPATA INNAWA 225 denama newaka dama muhude gilwamu kalakanni

  7. දෙවියෝ says:

    ඇමරිකාවේ ඒම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ…… මුන් දෙන්නා අයින් වෙන්නෙ නෑ……

  8. Nalaka says:

    ජාතික ආරක්ෂාව අනතුරේ දමා අහිංසකයන් ඝාතනය කරවීම හේතුවෙන් විජේදාස ඇතුළු යහපාලන නඩයම අත්අඩංගුවට ගන්න.

  9. මව්ලවි says:

    පාර්ලිමේන්තුව විසුරුවා මැතිවර්ණයක් ඉල්ලන්නේ නැතිව මේ එන්නේ මොකාටද ?

  10. appuva says:

    මැති අමතිලගේ වත්කම් හෙලිකරන්න …එතකොට රටට හෙලිවේවි පිටරට කළු සල්ලි වලින් ත්‍රස්තවාදය ඇති කරන උන්ව ..

Main News