ආරක්ෂාව තහවුරු නොකිරීමෙන් ගුරු ශික්ෂණලාබින් රාත්‍රි මුර සේවාවේ යෙදේ..

May 5, 2019 at 8:40 am | lanka C news
ආරක්ෂාව තහවුරු නොකිරීමෙන් ගුරු ශික්ෂණලාබින් රාත්‍රි මුර සේවාවේ යෙදේ..

‍එක්සත් තොරතුරු තාක්ෂණ ගුරු සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

රටේ සියලු මහජනයා තුල ආරක්ෂා පිලිබද බියක් හා සැකසහිත වටපිටාවක් පවතිද්දි රජය විසින් ජාතික ගුරු අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ලබාදෙන ආරක්ෂාව ගැන ඉතා අඩු සැලකිල්ලක් දක්වා තිබේ.

එනම් සියලුම විද්‍යාපීඨ තුල පොලිස් ආරක්ෂා සදාහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමනක් ආරක්ෂාවට යොදා තිබිමයි.

එම පොලිස් නිලධාරීන් දෙදෙනාද යොදවා තිබෙන්නේ විභාග ප්‍රශ්නපත්‍ර වල ආරක්ෂාව මුලීක කරගෙනය.

ශික්ෂණලාබින් විශාල ප්‍රමාණයක් නේවාසිකව අධ්‍යාපන කටයුතු හදාරන විද්‍යාපීඨ තුල ආරක්ෂාවට මෙය ප්‍රමාණවත් නොවේ.

එම නිසා රුවන්පුර හා නිල්වලා විද්‍යාපීඨ තුල අභ්‍යන්තර ආරක්ෂාව සලසා ගැනිමට ශික්ෂණලාබින්ට රාත්‍රියේ නිදි වර්ජිතව රාත්‍රි මුර සේවයක් ඉටු කිරිමට සිදුවී තිබේ.

පසුගිය 27 දින නිවාඩු ලබා දී නැවත හෙට දිනයේ ඇරඹීමට නියමිතව තිබුනත් ප්‍රශස්ත ආරක්ෂක් විද්‍යාපීඨ වෙත ලබාදීමට බලධාරීන් කටයුතු කර නැත.

එබැවින් මේ පිලිබද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ගේ කඩිනම් අවධානය යොමු වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමි.

තිසර චමින්ද,
ලේකම්,
එක්සත් තොරතුරු තාක්ෂණ ගුරු සංගමය

8 views

3 Comments to “ආරක්ෂාව තහවුරු නොකිරීමෙන් ගුරු ශික්ෂණලාබින් රාත්‍රි මුර සේවාවේ යෙදේ..”

  1. සිරිසේන says:

    මේ වෙලාවෙ හැටියට එහෙම කරන එකේ වැරැද්ද මොකක්ද?

    • මහේල says:

      Iskole ශිෂ්‍ය භටයෝ ආරක්ෂාවට yodhnawa wage gon wedak mekath.

  2. සේනාලික says:

    ඔ්වට ගහන්න කවුරැත් එන්නෙ නැහැ බන්

Main News