අලූත් නාවුක හමුදාපති මාස දෙකෙන් ගෙදර.. ආරක්ෂක අංශ විමතියෙන්..
September 30, 2017 at 3:50 pm | lanka C news
21 වැනි වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත්කර සිටින වයිස් අද්මිරාල් ට්රැවිස් සින්නයියා මහතාට ජනාධිපතිවරයා විසින් දී ඇත්තේ මාසික සේවා දිගුවක් පමණක් බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය 22 දින ඒ මහතාට වයස අවුරුදු 55 සම්පූර්ණ වූ අතර ඔහුට ජනාධිපතිවරයා විසින් ලබා දි ඇත්තේ තවත් එක් මසක සේවා දිගුවක් පමණි.
ඒ අනුව ඔහු ලබන ඔක්තෝබර් මස 26 වැනිදා සිය ධුරයෙන් විශ්රාම යා යුතුව ඇති අතර පසුගිය අගෝස්තු 22 වැනි දින නාවුක හමුදාපති ලෙස පත් වූ ඔහු මෙරට අඩුම කාලයක් නාවුක හමුදාපති ලෙස කටයුතු කල නාවුක හමුදාපති ලෙස ඉතිහාසගත වනු ඇත.
සින්නයියා මහතාට මාසයක සේවා දිගුවක් පමණක් ලබා දීම ගැන ආරක්ෂක අංශයන්හි බොහෝ දෙනා විමතියට පත්ව සිටිතියිද වාර්තා වෙයි.