ආරක්‍ෂක අමාත්‍යංශ ලොක්කෙක්ගෙන් ලයිෂන් ඉල්ලුවා කියා පොලිස් කොස්තාපල් මාරු කරයි..

October 4, 2021 at 10:00 am | lanka C news
ආරක්‍ෂක අමාත්‍යංශ ලොක්කෙක්ගෙන් ලයිෂන් ඉල්ලුවා කියා පොලිස් කොස්තාපල් මාරු කරයි..

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු පැදවූ කැබ්රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක හුවමාරුවේදී නවතා ඔහුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු වහාම ස්ථාන මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

මෙම සිද්ධියට මුහුණ පා සිටින ස්ථාන මාරුව ලබා ඇත්තේ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි. පොලිස්පති ලබාදුන් ස්ථාන මාරුව අනුව ඔහු මාතර කොට්ඨාසය වෙත මාරු කර ඇත.

මෙම අතිරේක ​ලේකම්වරයා පවුලේ අය සමගින් අපරැක්ක හුවමාරුවෙන් අතුරුගිරිය බලා ගමන් කිරීමට යාමේදී පොලිස් කොස්තාපල්වරයා එම වාහනය පරීක්ෂා කිරීමට නවතා ඇත.

එහිදී රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටියදී තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ දෙවැනියා බවත් කවදාවත් ආරක්ෂක අමාත්‍යාංශයේ වාහනයක් නවත්වා නැති බවත් කියමින් එම පුද්ගලයා කොස්තාපල්වරයාට දැඩි ස්වරයෙන් කතාකර ඇත. ඒ අවස්ථාවේ වාහනයේ සිටි කාන්තාවක්ද රියැදුරු බලපත්‍රය ඉල්ලුවේ යැයි කියමින් කොස්තාපල්වරයාට බැණ වැදී තිබේ.

අමාත්‍යාංශ පුවරු ප්‍රදර්ශනය කර විවිධ වාහන යන බැවින් තමාට ලබාදී ඇති උපදෙස් මත වාහනය නවතා රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීම කළ බවත්, වාහනයේ ඉදිරිපස ආරක්ෂිත පටි හා මුව ආවරණ පැළඳගෙන යන ලෙසත් කොස්තාපල්වරයා එහිදී දැනුම්දී තිබේ.

එම අවස්ථාවේදීම පොලිසියේ ඉහළ නිලධාරීන් අමතා තමා අපහසුතාවට පත්වූ බව කියමින් අතිරේක ලේකම්වරයා හැසිරුණු ආකාරය ගැන වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය වෙත මේ වන විට මුදාහැර ඇත. එම සිද්ධියෙන් පසු මෙම කොස්තාපල්වරයාට වහාම එම ස්ථානයෙන් මාරු කර යවා ඇත්තේ පොලිස්පති වෙනුවට මානව සම්පත් කළමනාකරණ නියෝජ්‍ය පොලිස්පතිගේ අත්සනින් යැවූ නිවේදනයකි.

ඊයේ (3 වැනිදා) මෙම සිද්ධිය අනාවරණය වීමත් සමග වහාම මෙම ස්ථාන මාරුව නවත්වන ලෙසට මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් විරසේකර පොලිස් මූලස්ථානයට දන්වා ඇත.

– aruna

35,855 views

14 Comments to “ආරක්‍ෂක අමාත්‍යංශ ලොක්කෙක්ගෙන් ලයිෂන් ඉල්ලුවා කියා පොලිස් කොස්තාපල් මාරු කරයි..”

  1. පැන්ඩෝරා පේපර්ස් says:

    මන්ද මානසික චරිත කිසිම වැඩක් බෑ , කෛයිවාරූවෙයි , පම්පොරීයෙයි නං අඩුවක් නෑ.

    • ළූණු බන්දුල (සුදු) says:

      ඇයි බං පේපරයො පඩ ගඳ. ඒකෙත් අඩුවක් නෑ

  2. Saman N says:

    යොහානි ගේ තාත්තා හමුදාවේ විරයෙක් නිසා වෙන්න ඇති මුන් යොහානි දිහා බලන් ඉන්නේ… රටක් ජාතිය වෙනුවෙන් සටන් කරේ පියා කාලකන්නි ඉන්නවා මඩ ගහන්න. ඩයස්පෝරාවෙ උන්ට ඉතින් යොහානි ව හොල්ලන්න හම්බවෙන්නේ නැහැ .. ඒව සුම්මා♥️ ජයවේවා යොහානි

    • බිංකුණ්ඩා says:

      බයියන්ට මොලේ නෑ කියන එක ඔප්පු කරන එකෙක්

  3. 3% ට බය බයියා. says:

    එකම රටක් එක නීතියක් 😛😛😛 .

  4. Rosh says:

    ඒ මෝඩ ලේකම් කාරයා කවුද.?? ශුවර් එකටම ඈත ගමකින් නිදහස් අධ්‍යාපනය පිහිටෙන් උඩට ගිය අමු හීනමාන ගම්බයියෙක්… මොකද ඔය වගේ පිම්ඹෙන්නෙ පුප කහගන්න නියපොත්තවත් තිබ්බෙ නැති උන් එකපාරටම සල්ලිකාරයො උනාම තමෛ!!

  5. මං ආචාරය තුමා says:

    මගෙනුත් ඉල්ලුවා. අපරාදේ මටත් මාරු කරන්න තබුනා. අපිව චෙක් කරන්න බැරි නම් අහවල් ඵකකටද ඔතන ඉන්නේ? දෑන් පොලීසියට තේරුනා නේද යන විදියට අපිට කෙලවේගෙනයි ඵන්නේ කියලා?

  6. Sunil Ranatunga says:

    මේක දැන් ඉහල පොලිස් නිලදාරින් අනුමත කර තියෙන නිසා මාරැවිිම අනිවාර විි ඇත මෙන්න මේ දේ වල් සදහා මිනිසුන්ට වයවස්තාවෙන් සරනක් තිබිය යුතයි

  7. Sun says:

    The idiots should understand the Law is above everybody. Not the position. In other countries the people respect the law but not the idiots dominating the law.

  8. Mangala says:

    ඇයි ෂීට් බෙල්ට් නැති එකට දඩයක් නුදුන්නේ. මාස්ක් නම් ඔන නැහැනේ තමන්ගේ වාහනේ තමන්ගේ පවුලේ අය එක්ක යනකොට.

  9. neil says:

    If this is oen by SW with good intention and that is the LINE he is going to take, people will be warmed toeards him. He should know continues adherence to right thing may defuse any bad thing and win peoples heart. BUT he has to do the difficult and right thing. Plase send that PC a word of encouragement as wheel. I had seen a clip a PC is doing to a Pajero in Horan area as well few months ago. Hope he was survived corrupted police proceses.

  10. One Law.. one Country…and fucking law.. Raspot Saaaarrrrr
    Kiribath kamu ayeth

Main News