ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න CID අත්අඩංගුවට ගන්න යයි..
June 17, 2018 at 4:40 pm | lanka C news
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි නඩරාජා රවිරාඡ් මහතාට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන විත්තිකරුවකුට රටින් පලා යැමට ආධාර කළ බවට චෝදනා ලැබ සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට යයි.
අද්මිරාල්වරයාට එරෙහිව පුළුල් විමර්ශනයක් මේ වනවිටත් ක්‍රියාත්මක කරගෙන යන අතර ඉදිරි දිනවලදී ඒ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියා සිටියි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර ඇති බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
නඩරාජා රවිරාඡ් ඝාතන සිද්ධියේ ප්‍රධාන විත්තිකරුවකු වූ නේවි සම්පත් නමැත්තා බෝට්ටුවක් මාර්ගයෙන් විදේශගත කළ බවට අද්මිරාල්වරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
නේවි සම්පත් නමැති පුද්ගලයා දෙමළ ශිෂ්‍යයන් එකොළොස් දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ හත්වැනි සැකකරු බව ද පොලිසිය පවසයි.
නඩරාජා රවිරාඡ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගය අභියෝගයට ලක්කළ නීතිපතිවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව රවිරාඡ් ඝාතන සිද්ධියේ විත්තිකරුවන් තිදෙනකු නැවත අධිකරණය වෙත ඉදිරිපත් වූ අතර නේවි සම්පත් නමැති විත්තිකරු රටින් පලා ගියේය.
මෙම විත්තිකරු රටින් පැන යැම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් පැවැත් වූ අතර නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුළු තවත් නිලධාරීන් පිරිසකගෙන් ප්‍රශ්න කර තිබිණි.
අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා මෙම සිද්ධිය වන කාලසීමාවේ නාවික හමුදාපතිවරයා ලෙස රාජකාරී කරමින් සිටියේය.
නේවි සම්පත්ට රටින් පැන යැමට උපකාර කළ අන්දම සම්බන්ධයෙන් සාක්ෂි රැසක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.
නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරද්දී හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියකුට පහරදීම සම්බන්ධයෙන් ද රවීන්ද්‍ර විඡේගුණරත්න මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
– Divaina
President Sirisena ,Prime Minister Ranil please resign and go home
We need not want Tamil LTTE diaspora puppets as our leaders
රණවිරු දඩයම නතර කරණු
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතාට ජාතියේ ප්‍රණාමය
Huerrrrrrr. ..thavath January 8th voting result
wenasaka mahima…………..mahendran sigapooruwata panagiyae kaagae pihitenda,,,?
මේ ගව පාලනේ ආපු දා ඉඳන් කොරේ අරය මෙයා අත් අඩන්ගුවට ගන්න කෝලන් පෙන්න පෙන්න හිටපු එකනෙ. අන්තිමට එලිවෙචච කෙහෙල්මලකුත් නෑ. හිරේ ගිය එකෙකුත් නෑ. මුන් කොරපු දේකුත් නෑ.