ආරක්ෂක ලේකම්ට සිංගප්පුරුවේදී හදිසි හෘද සැත්කමක්.. ධුරයෙන් අස්වෙයි..
March 5, 2017 at 12:14 am | lanka C news
වත්මන් ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට සිංගප්පූරුවේ රෝහලකදී හෘද සැත්කමක් සිදු කර තිබේ. මේ හේතුවෙන් ඔහු මේ දිනවල නිවාඩි ලබා ගෙන සිටී.
හෙට්ටිආරච්චි මහතා ආරක්ෂක ලේකම් ධුරයෙන් විශ්‍රාම යාමට තීරණය කර ඇති බවද ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන් අනතුරුව පුරප්පාඩු වන ආරක්ෂක ලේකම් ධුරය සදහා කපිල වෛද්‍යරත්න හෝ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් අතරින් කෙනෙකු පත් කිරීමට නියමිත යයිද සදහන්ය.