ආරක්‍ෂක ලේකම්වරයෙකුට විශේෂ පණක් ඕන නෑ.. කැබිනට් පති‍්‍රකා අත්සන් කරන්න, හමුදා උසස්වීම් කරන්න එච්චර පණක් මොකටද – ආරක්‍ෂක ලේකම්…

December 18, 2016 at 9:54 pm | lanka C news
ආරක්‍ෂක ලේකම්වරයෙකුට විශේෂ පණක්  ඕන නෑ.. කැබිනට් පති‍්‍රකා අත්සන් කරන්න, හමුදා උසස්වීම් කරන්න එච්චර පණක් මොකටද – ආරක්‍ෂක ලේකම්…

ආරක්‍ෂක ලේකම්වරයෙකුට විශේෂ පණක් උවමනා වෙන්නේ නැති බව ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

දෙරණ රුපවාහිනියේ ‘මොකද වුණ්’ වැඩසටහනට එක්වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා මේ බව පැවසීය.

‘මං හිතන්නේ ඉතිං එහෙම පණක්  ඕන වෙන්නේ නෑ මේකට. ආරක්‍ෂක ලේකම් උඩු රැුවුලක් වවාගෙන, කඩුවක් අතට අරගෙන පාරෙ යන මිනිහෙක් නෙවෙයිනෙ ආරක්‍ෂක ලේකම් කියන්නෙ. කැබිනට් පති‍්‍රකා අත්සන් කරන්න  ඕනෑ. හමුදා නිලධාරීන්ගේ උසස්වීම් වැඩ කටයුතු කරන්න  ඕනෑ. රාජකාරි වැඩ ගොඩක් තියෙනව. ඒවට මේවට එච්ච පණ  ඕනැත් නෑ’ යයි ඔහු එහිදී කියා සිටියේය.

171 views
Main News