ආරක්‍ෂක ලේකම් ඉවතට.. අලුත් ලේකම් වෛද්‍යරත්න…:: මං අස්වුනේ නෑ.. – කරුණාසේන

July 3, 2017 at 9:35 pm | lanka C news
ආරක්‍ෂක ලේකම් ඉවතට.. අලුත් ලේකම් වෛද්‍යරත්න…:: මං අස්වුනේ නෑ.. – කරුණාසේන

කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ආරක්‍ෂක ලේකම් ධුරයෙන් ඉවත් වී ඇති බව රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීපය වාර්තා කරයි.

කෙසේ වෙතත් තමන් එම තනතුරෙන් ඉල්ලා අස් නොවූ බවත් අද දිනයේද රාජකාරි කල බවත් හෙට්ටි ආරච්චි මහතා සදහන් කර ඇත.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ව කටයුතු කල වෛද්‍යරත්න මහතා නව ආරක්‍ෂක ලේකම් ලෙස පත් කිරීමට ඉඩ ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ගිය රජය සමයේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිව කටයුතු කල අතර ඔහු ආරක්‍ෂක ලේකම් ධුරයෙන් ඉවත් කරන්නැයි සිවිල් සංවිධාන රැසක් දිගටම ඉල්ලීය.

237 views