ආරක්ෂක ලේකම්, ජනමාධ්‍ය ලේකම් ඇතුළු අමාත්‍යංශ ලේකම්ලා 6 ක් සංස්ථා ලොක්කෝ 15 ක් නෙරපයි..
April 29, 2017 at 12:17 am | lanka C news
ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ අමාත්‍යංශ ලේකම්වරුන් හය දෙනකු සහ රාජ්‍ය සංස්ථා මණ්ඩලවල අධිපතීන් 15 දෙනකු ඉදිරි දෙසතිය තුළ තනතුරැවලින් ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
මෙයින් අදාළ ලේකම්වරුන්ට දැනටමත් තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස නිල නොවන මට්ටමින් දැනුම් දී තිබේ. රාජ්‍ය සංස්ථා මණ්ඩල ගණනාවක ප්රධානීන්ටද එම නිවේදනයම යවා ඇතැයි වාර්තා වෙයි.
මේ වනවිටත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා පදනම් ආයතනය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධානීන් වෙනුවට නව ප්‍රධානීන් පත්කර ඇත. ඉතිරි ආයතන වෙනුවෙන්ද සුදුස්සන් තෝරාගෙන තිබෙන බව ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග වාර්තා කියයි.
රාජ්‍ය මාධ්‍ය ක්ෂේත්රයේ ද පුළුල් වෙනසක් සිදුකරමින් මාධ්‍ය අමාත්‍යංශයේ හා මාධ්‍ය ආයතන දෙකක තනතුරු වෙනස් වීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ. මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධුරයද වෙනස් වන තනතුරු අතරවන බව සඳහන්ය.
මේ හැර ජනාධිපති කාර්යාලය හා ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළම මට්ටමේ තනතුරු දෙක තුනක් සඳහා අලුත් මුහුණු එක්වීමට නියමිත යැයිද රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජර්මනියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස දැනටමත් නම්කර ඇත.
මෙසේ ඉවත් කෙරෙන ඇතැම් ආයතන ප්‍රධානීන් වෙනත් ආයතනවලට පත්කර තිබේ. කිහිපදෙනකු ජනාධිපති කාර්යාලයටද අනුයුක්ත කිරීමට නියමිතය.
– දේශය
ෙම්ක තමයි ජනාධිපති ගන්නව කිව්ව දැඩි තීන්දුව…… ෙස්රම වැරදි කරල තිෙයන්ෙන ෙම් අයලු….. මැති අැමතිවරු කිසිම ෙදයක් කරල නැතිලු…. ඒ් නිසා ඒ් අය අයින් කරන්ෙන නැතිලු…. හූ…..
බැඳුම්කර හොරුන් නිදැල්ලේ සිටින විට, ගල් අගුරු වලින් කෝටි ගණන් ගහන බටගොඩලා සිටින විට කොන්දක් ඇතිව අවංකව සේවය කරපු බෝපගේ වගේ නිලධාරීන් ඉවත් කරලද තමන්ගේ දැඩි තීරණ පෙන්නන්නේ? රනිල් වික්‍රමසිංහට බයේ මෙවැනි තීරණ ගන්නා සිරිසේනටත් වැඩි කාලයක් ඉන්න වෙන්නේ නෑ.
බෝපගේ අයින් කරලා පතෝලයෙක් දාගෙන මැතිඇමතිලාට කෝටි ගණන් වාහන ගන්න මේ හදන්නේ.
මහින්ද මහත්තයගේ රජයේ නිමල් බෝපගේ වගේ නිලධාරීන් හිටියේ නැති නිසයි එතුමට පරාජයක් ලබන්න උනේ. මාධ්‍යත් එක්ක කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා නිමල් බෝපගේ දන්නවා. ඒ වගේම දේශපාලනඥයින්ට එහෙයි කියාගෙන ඉන්න නිලධාරීන්ට හොද ආදර්ශයක් දුන්න පිට කොන්දක් තියෙන නිලධාරියෙක් නිමල් බෝපගේ. අපි මහින්ද මහත්තයා එක්ක හිටියත් මේ වගේ නිලධාරීන් වෙනුවෙන් පෙනී ඉන්නවා.
Dotta…dotta …. dotta………….
Avanka kama wedi………………. Wanted thieves as those Bond Scam thieves.