ආරක්‍ෂක ලේකම් ජර්මනියේ තානාපති ධුරයට.. විදේශ සේවය නොතකා දේශපාලන හිතමිතුරන්ට තානාපති ධුර..

May 7, 2017 at 11:20 am | lanka C news
ආරක්‍ෂක ලේකම් ජර්මනියේ තානාපති ධුරයට.. විදේශ සේවය නොතකා දේශපාලන හිතමිතුරන්ට තානාපති ධුර..

ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජර්මනියේ තානාපතිවරයා ලෙසත් බුද්ධි ආතාවුද මහතා ප‍්‍රංශයේ තානාපතිවරයා ලෙසත් පත් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා තිබේ.

මෙම දෙදෙනාම විදේශ සේවයේ නිලධාරීන් නොවන අතර කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරයාගේ පාසැල් මිතුරෙකු හා බුද්ධි ආතාවුද මහතා ආතාවුද සෙනවිරත්න හිටපු ඇමතිගේ පුත‍්‍රයෙකි.

ගිය රජයට එල්ල වූ ප‍්‍රධානතම චෝදනාවක් වූයේ විදේශ සේවයේ නිලධාරීන් නොවන දේශපාලන හිතවතුන් විදේශ තානාපතිවරුන් ලෙස පත් කරන බවටයි.

50 views
Main News