ආරක්‍ෂක ලේකම් ධුරයෙන් ඉවත් කෙරේ.. ජර්මනියේ තානාපති ලෙස රට පටවයි..

April 27, 2017 at 10:00 am | lanka C news
ආරක්‍ෂක ලේකම් ධුරයෙන් ඉවත් කෙරේ.. ජර්මනියේ තානාපති ලෙස රට පටවයි..

වත්මන් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඉන් පසු පත් කරන නව ආරක්‍ෂක ලේකම් සදහා මේ වන විට නම් කිහිපයක් සලකා බැලෙමින් ඇති බවද වාර්තා වෙයි.

මේ අතර කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට ජර්මනියේ ශ‍්‍රී ලංකා තානාපති ධුරය ලබා දීමට නියමිත යයිද සදහන්ය.

129 views
Main News